Fact Check: රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිලිබඳ හුවමාරු වන්නේ සත්‍ය තොරතුරු ද?

Update: 2021-03-05 05:31 GMT

පසුගිය සමයේ දේශපානඥයින්ගේ අධ්‍යාපනික සුදුසුකම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා බහට ලක් වනවා අපට දැක ගන්නට ලැබුණා.  පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාගේ මෙන්ම  මෑතකදී හරීන් ප්‍රනාන්දු  මහතාගේ ද සාමාන්‍ය පෙළ සහතික සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක්වුණා. ඒ ගැන අප සිදුකළ විමර්ශනයන් මෙතනින් , මෙතනින්

එවන් වාතාවරණයක් තුළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාසල් සමයේ දැක්වූ අධ්‍යාපනික සුදුසුකම් මෙන්ම වෘත්තීය සුදුසුකම් ඇතුළු ජාත්‍යන්තර වශයෙන්ද දිනා ඇති සම්මාන පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුනා. එහි නිරවධ්‍යතාව සම්බන්ධයෙන් අප කළ විමර්ශනයේදී හෙළි වූයේ එම තොරතුරු අසත්‍ය බවයි. 

සමාජ මාධ්‍ය සටහන් :

පහතින් දැක්වෙන්නේ හිටපු අගමැතිවරයාගේ ඡායාරූපයත් සමඟ ඔහු අධ්‍යාපනය ලැබූ කාලය තුළ සිට ඔහුගේ දේශපාලන ජීවිතය දක්වා ඔහු ලැබූ ජයග්‍රහණ පෙළක් පිළිබඳව 2020 අගෝස්තු මාසයේ සිට පළවූ ෆේස්බුක් සටහන මේ වන විට 7000කට ආසන්න සංඛ්‍යාවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබෙනවා.

Facebook | Archived

පහතින් දක්වා ඇත්තේ ඉහත සටහනම වෙනත් සමාජ මාධ්‍ය පිටුවල හුවමාරු වී ඇති අන්දමයි.

Facebook | Archived

මෙම සටහනේ දැක්වෙන පරිදි රනිල් වික්‍රමසිංහ මහතා ලැබූ ජයග්‍රහණ පිළිබඳ පහතින් දක්වා තිබේ.

  1. සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම 07 වෙනියා
  2. උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන්ම 02 වෙනියා
  3. රාජකීය විද්‍යාලයේ විවාද සහ නාට්‍ය කණ්ඩායමේ නායකයා
  4. ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම බැරිස්ටවරයා
  5. ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ පශ්චාත් උපාධිදාරිවරයෙක්
  6. වයස අවුරුදු 15 දී එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ එකම පුද්ගලයා
  7. ජපන් භාෂාවෙන් ජපාන පාර්ලිමේන්තුව ඇමතූ පළමු හා එකම විදේශ රාජ්‍ය නායකයා
  8. ලංකාවේ ලාබාලතම අග්‍රමාත්‍යවරයා
  9. ලෝකයේ උගත්ම ඇමති බව බැලන් ඩී ඕර් සම්මානය දෙවරක් දිනාගත් ලංකාවේ එකම පුද්ගලයා
  10. 1989 දී නොබෙල් සාම ත්‍යාගයටද නිර්දේශය වූ පළමු ලාංකිකයා

මෙම සුදුසුකම් මෙන්ම ජයග්‍රහණ දෙස බැලූ බැල්මට ප්‍රශ්නාර්ථයක් ඉතිරිවන හෙයින් අප ඒ පිළිබඳව එකින් එක විග්‍රහයක නිරත වීමට අදහස් කළෙමු. මේ ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි.

Fact Check

1-3 දක්වා ඇති කරුණු: සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා පාසල් සමයේ දැරූ ධුර

වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විදුහලේ ඉගෙනුම ලැබූ බව ප්‍රසිද්ධ කරුණක් වුවද, දශක ගණනාවකට පෙර පවත්වන ලද අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිපල අන්තර්ජාලයට මුදා හැර නොමැති වකවාණුවක, එමෙන්ම වෙනත් අයෙකුගේ ප්‍රතිපල සොයා බැලීමට මහජනතාවට විවෘත නොමැති අවස්ථාවක, ඉහත දක්වා තිබෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම 07 වෙනියා හා උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන්ම 02 වෙනියා යන්න කුමන ලේඛනයක් පදනම් කොට ගෙන සනාථ කරාද යන්න ගැටලුවක් පවතී. එමෙන්ම රාජකීය විද්‍යාලයේ විවාද සහ නාට්‍ය කණ්ඩායමේ නායකයෙක්ව සිටි බවට සඳහන් කරුණද අසත්‍යයකි. අප මේ සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලයේ විවාද හා නාට්‍ය කණ්ඩායමෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, විද්‍යාල ඉතිහාසය තුළ වික්‍රමසිංහ මහතා එම තනතුරු හෙබ වූ බවට කිසිදු සඳහනක්, සටහනක් නොමැති බවයි.

4 වන කරුණ : ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම බැරිස්ටවරයා

එමෙන්ම ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම බැරිස්ටවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවට මෙම සටහනේ සඳහන් වන කරුණද සාවද්‍ය බව අප කළ විමර්ශනයේදීහෙළි වුණි. නීති විද්‍යාලයේ සිටියදී නීති ශිෂ්‍ය සංගමයේ සභාපති සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කවුන්සිලයේ උප සභාපතිවරයෙකු ලෙස වික්‍රමසිංහ මහතා සිටි බව පැහැදිලිය.

එසේනමුත් ඔහු අධිනීතිඥ හෙවත් බැරිස්ටර්වරයෙකු නොවන බව අපට අනාවරණය වුණා ලැබුවා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම බැරිස්ටවරයා රනිල් වික්‍රමසිංහ මහතා යන්න සඳහන් කිරීම අසත්‍යකි. එනම් මෙරට නීති විද්‍යාලය තුළ බැරිස්ටර්වරයෙකු ලෙස දිව්රුම් දීමට නොහැකිය. එංගලන්තයේදී නීතිඥ වෘත්තිය මූලික වශයෙන් බැරිස්ටර් හා සොලිසිටර් ලෙස ප්‍රභේද දෙකක් තිබෙනවා. බැරිස්ටර්වරු අධිකරණයේ තර්ක ඉදිරිපත් කරන අතර සොලිසිටර්වරු නඩුවලට අදාළ ලේඛන සකසා ඇත. අතීතයේ දී ලංකාවේදී අද්වකාත් සහ පෙරකදෝරු ලෙස ශාඛා දෙකක් පැවතුණත් 1974 යුක්තිය පසිඳලීමේ පනත ප්‍රකාරව එම ශාඛා දෙක එකක් ලෙස ගෙන නීතිඥ ලෙසට එක ධුරයක් ඇති කර තිබෙනවා. ඒ අනුව අප රටේදී නීති විද්‍යාලය තුළින් කිසිම විටෙක බැරිස්ටර්වරයෙකු බිහි නොවේ.

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අධිනීනිඥවරුන්(බැරිස්ටර්වරු) මෙතනින්

5 වන කරුණ: ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ පශ්චාත් උපාධිදාරිවරයෙක්

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීමට දැරූ උත්සහය හේතුවෙන් වික්‍රමසිංහ මහතාට 2017 දී ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ විකිපීඩියා පිටුවේද සඳහන් වෙයි. එම අවස්ථාවේ වීඩියෝව අද දෙරණ යූ ටියුබ් නාලිකාවේ ඔස්සේ 2017 පෙබරවාරි 14 වනදා විකාශය වූයේ මෙසේය.

රනිල් වික්‍රමසිංහ මහතා හා ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකුද යන්න අප කළ වැඩිදුර විමර්ශනයේදී හෙළි වූයේ ‍2018 ඔක්තෝබර් 8 වන දින ඔක්ස්ෆර්ඩ් නගරයේ පිහිටා ඇති කීර්තිමත් විවාද සමාජයක් වන ඔක්ස්ෆර්ඩ් සංගමයේ (The Oxford Union Society) සභාව ඇමතීමට ආරාධිත කථිකයෙකු ලෙස වික්‍රමසිංහ මහතාට කළ ආරාධනාවට අනුව ඔහු එහි ගිය බවයි. ඒ හැරුණු කොට ඔහු ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු නොවන බවට තහවුරු වුණා. රනිල් වික්‍රමසිංහ මහතා ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාව ඇමතූ සම්පූර්ණ වීඩියෝව මෙතනින්

6 වන කරුණ : වයස අවුරුදු 15 දී එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ එකම පුද්ගලයා

වයස අවුරුදු 15 දී එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ එකම පුද්ගලයා ලෙසද වික්‍රමසිංහයන් ගැන දක්වා ඇති කරුණ ඔස්සේ කළ විමර්ශනයේදී අනාවරණය වූයේ, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව ඔහු 2017 දී එක්සත් ජාතීන් සමුළුව ඇමතූ බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1945 දී ආරම්භ කළද, එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිත වැඩසටහන 1980 දශකයේදී ආරම්භ වූ අතර එම කාලයේදී වික්‍රමසිංහ මහතාට වයස අවුරුදු 30 කටත් වැඩිය. ඒ අනුව ඔහුට වයස අවුරුදු 15 දී එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ බවට සඳහන් කරුණද අසත්‍ය වේ.

7 වන කරුණ : ජපන් භාෂාවෙන් ජපාන පාර්ලිමේන්තුව ඇමතූ පළමු හා එකම විදේශ රාජ්‍ය නායකයා

වික්‍රමසිංහ මහතා දෙවන වරටත් අගමැති ධුරය හෙබ වූ කාලයේ දී 2015 ඔක්තෝම්බර් මාසයේ ජපන් පාර්ලිමේන්තුව ඇමතූ නමුත් ඔහු එහිදී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පාර්ලිමේන්තුව ඇමතූ බවට පෙනී යනවා. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

8 වන කරුණ : ලංකාවේ ලාබාලතම අග්‍රමාත්‍යවරයා

අප ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රමාත්‍යවරුන් සම්බන්ධයෙන් විකිපීඩියා හා ශ්‍රී ලංකා පාර්ලිමෙන්තු වෙබ් අඩවිය ඔස්සේ විමර්ශනයක් කළා

SL Parliament | Wikipedia

ඒ අනුව, ලංකාවේ ලාබාලතම අග්‍රමාත්‍යවරයා ලෙසද එම සටහනේ දක්වා ඇති කරුණද අසත්‍ය වන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ඩඩ්ලි සේනානායක මහතා අග්‍රමාත්‍ය ධුරය සඳහා තේරි පත් වූයේ 41 වන වියේදී බැවිනි. රනිල් වික්‍රමසිංහ මහතා 1993 වසරේදී සිය ප්‍රථම අග්‍රමාත්‍ය ධුරය හෙබ වූයේ 43 වන වියේදීය.

9 වන කරුණ : ලෝකයේ උගත්ම ඇමති බව බැලන් ඩී ඕර් සම්මානය දෙවරක් දිනාගත් ලංකාවේ එකම පුද්ගලයා

ලෝකයේ උගත්ම ඇමති බව බැලන් ඩී ඕර් සම්මානය දෙවරක් දිනාගත් ලංකාවේ එකම පුද්ගලයා බවද සඳහන් කරුණක් වනවා. ලොව බුද්ධිමත්ම දේශපානඥයින් නම් කළ සටහනක් රැකියා අනුයක්ත කරන ජනප්‍රිය ආයතනයක් වන වයිස්ස්ටෙප් (Wisestep ) වෙබ් අඩවියේ දක්වා තිබුණා. ඒ අනුව, අමෙරිකානු එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරක් ඔබාමා වඩාත්ම උගත් රාජ්‍ය නායකයා ලෙසද එක්සත් රාජධානියේ අගමැති ඩේවිඩ් කැමරන් වඩාත්ම උගත් අගමැතිවරයා බව ද එහි දක්වා තිබුණා. එමෙන්ම ටයිම්ස් ඔෆ් ඉලෙක්ෂන් ( Times of Election ) වෙබ් අඩවියද මේ හා සමාන වාර්තාවක් ඉදිරිපත් කළත් එහිදීද වඩාත් බුද්ධිමත් දේශපාලඥයින් ලෙස ඔහු ඇතුලත් වී නොතිබුණි. තවද, වික්‍රමසිංහ මහතාගේ ආචාර්ය උපාධිය හුදෙක් ගෞරවනීය උපාධියක් ලෙස ප්‍රදානය කළා විනා එය අධ්‍යාපන ජයග්‍රහණයක් ලෙස හුවා දැක්විය නොහැක.

බැලන් ඩී ඕර් (Ballon D’Or ) සම්මානය දෙවරක් දිනාගත් ලංකාවේ එකම පුද්ගලයා ලෙසද එම සටහනේ සඳහන් වූ නමුත්, බැලන් ඩී ඕර් සම්මානය යනු ප්‍රංශ පුවත් සඟරාවක් විසින් වාර්ෂිකව පවත්වන පාපන්දු තරඟ සම්මානයයි. (Ballon d'Or is an annual football award  මෙහි හාස්‍ය උපදවන කරුණ නම් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ පුරවැසියෙකු හෝ පාපන්දු ක්‍රීඩකයෙකු නොවන බවයි. ඒ හේතුවෙන් අවිවාදයකින් තොරව මෙම කරුණ බැහැර කළ හැකිය.

10 වන කරුණ: 1989 වසරේදී නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වූ එකම ශ්‍රී ලාංකිකයා

මෙම සටහනේ දක්වා ඇති වෘතීය සුදුසුක්ම පෙළේ අවසාන කරුණ වන්නේ, 1989 දී නොබෙල් සාම ත්‍යාගයටද නිර්දේශය වූ පළමු ලාංකිකයා ඔහු බවයි. එම වසරේදී නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීවේ ටිබේටයේ අධ්‍යාත්මික නායකයෙකු වන ඩලයි ලාමා බව නොරහසකි. එම අවස්ථාව ඇතුලත් වීඩියෝව මෙතනින්. එමෙන්ම මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පැහැදිලි වූයේ, 2016 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථික සංසදය සංවිධානය කරන විට ආර්ථික විද්‍යාඥයෙකු මෙන්ම නොබෙල් ත්‍යාගලාභීයෙකු වන ජෝශප් ස්ටයිග්ලිට්ස් සමඟ වික්‍රමසිංහ මහතා වැඩ කළ බව පමණකි.

රනිල් වික්‍රමසිංහගේ චරිතාපදානය

මෙවන් සටහන් ඉදිරිපත් කිරීමේදී කරුණු සොයා බලා ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වන්නේ ජනතාව එම කරුණු සත්‍ය ලෙස සලකන බැවිනි. දැනටමත් අධ්‍යාපන ලබන දරුවන් පවා මෙවන් අසත්‍ය තොරතුරු තමන්ගේ දැනුම් සම්භාරයට එක් කරගන්නා බැවින් මෙවන් සටහන් වාර්තා කිරීමේදී වගකීමෙන් කරුණු කාරණා සොයා බැලිය යුතුය.

රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ මෙම කරුණු පිළිබඳවද සාමාන්‍ය මට්ටමේ හෝ කරුණු තහවුරු කර නොගෙන ඇති බවට මෙයින් පෙනීයයි. වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය පිළිබඳ ඔහුගේ නිල ෆේස් බුක් පිටුවෙන් හෝ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ චරිතාපදානයෙන් හෝ වෙනත් එතුමා සම්බන්ධයෙන් ලියවුණු වාර්තා මේ සඳහා යොදාගෙන නොමැති බවක් පෙනී යයි.

රනිල් වික්‍රමසිංහ - දේශපාලන චරිතාපදානය පිළිබඳ සම්පත් බණ්ඩාර නම් ලේඛකයා විසින් රචිත Ranil Wickremasinghe – A Political Biography ග්‍රන්ථයෙන් දැක්වේ. එම පොතෙහි වික්‍රමසිංහ මහතා ලැබූ ජයග්‍රහණ මෙන්ම විශේෂ එහෙත් බොහෝ දෙනා නොදන්නා දක්ෂතා පිළිබඳව දක්වා තිබේ. එම ග්‍රන්ථයෙහි වත් දක්වා නොමැති කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන ඉහත අසත්‍ය සටහනේ දක්වා තිබීම පුදුමයට කරුණක්. රනිල් වික්‍රමසිංහ චරිතාපදනය ලියූ සම්පත් බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් සහභාගි වූ සම්මුඛ සාකච්ඡා පිළිබඳ සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

2015 දී ප්‍රකාශයට පත් කරන ලද මෙම චරිතාපදානයේ දී වික්‍රමසිංහ මහතා ලංකා දේශපාලන ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරය 4වන වරටත් හෙබ වූ තෙවන පුද්ගලයා ලෙස දක්වා ඇති මුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයෙන් පසු 2018 දී වික්‍රමසිංහ මහතා 5 වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ඔහු පිළිබඳ පළ කර ඇති තවත් ෆේස් බුක් සටහනක් මෙතනින්

තවද මෙම කරුණු සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලසන්ත ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මෙම කරුණු සියල්ලම අසත්‍ය බ.වයි

Conclusion

අප මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කළ විමර්ශනයේදී හෙළිවූයේ මෙම සාවද්‍ය සටහන සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතුවෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධ්‍යාපනික මෙන්ම වෘත්තීය සුදුසුකම් ලෙස අසත්‍ය වපුරවමින් , මෙම කරුණු කිසිදු මූලාශයකින් තහවුරු නොකොට පදනම් විරහිතව ජනතාව මුලා කිරීමේ අරමුණින් ඉදරිපත් කළ සටහනක් බවයි. ඒ අනුව මෙම සටහන් අසත්‍ය ලියවිල්ලක් වෙයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිලිබඳ හුවමාරු වන්නේ සත්‍ය තොරතුරු ද?

Fact Check By: Nelson Mani

Result: False

Tags:    

Similar News