ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය සටහනක්!

Update: 2021-03-11 05:38 GMT

දිවයිනේ විවිධ පළාත්වල ග්‍රාමීය ජනතාව මුහුණපාන ගැටළු නිරාකරණය කිරීමේ අරමුණින්, ජනපති ගේ මුලිකත්වයෙන් ආරම්භ වී තිබූගම සමග පිළිසඳරවැඩසටහන් සම්බන්ධයෙනි විශාල කතිකාවතක් පසුගිය කාලයේ දැකගන්නට ලැබුණා. පසුගියදා කුරුණෑගල, ගිරිබාව වේරගල ග්‍රාමයේ පැවති එවැනි වැඩසටහනකදී “දැයට එළිය’ නමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලිය සැපයීමේ වැඩපිළිවෙළක් ද දියත් කරන ලදී.

එම අවස්ථාවේ ලබා ගන්නා ලද ඡායාරූපයක් යොදා ගනිමින් දක්වා තිබුණේ වතුර මීටරේ ඇයි බිත්තියේ හයිකරල” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විමසීමක් සිදු කරන ආකාරයක්. නමුත් අපගේ විමර්ශණයෙන් පැහැදිලි වුණේ එය උපහාසාත්මක කෝණයෙන් සිදු කරන ලද නිර්මාණයක් බවත් එම අවස්ථාවේදී සිදුවූ සංවාදයේ එවැන්නක් ජනපති විසින් පවසන්නේ නැති බවත්ය

සමාජ මාධ්‍ය සටහන්:

වතුර මීටරේ ඇයි බිත්තියෙ හයිකරල” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසු බවක් හැඟවෙන පරිදි “කට ඇරියොත් නා ගන්නව” යන වදන් පෙළක් ද සහිතව පළවූ සටහනක් විශාල පිරිසක් අතර උපහාසාත්මක කෝණයකින් හුවමරු වී තිබු අයුරක් අපට දැක ගණනට ලැබුණා.

Facebook | Archived

එනමුත් පසුගිය සමයේ පැවති මෙවැනි “ගම සමඟ පිළිසඳර” වැඩසටහන්වලදී සිදුකරන ලද යම් ප්‍රකාශ හමුවේ මෙවැන්නක් ඇත්ත වශයෙන්ම පැවසුවාද යන්න කිහිප දෙනෙක්ම විමසා තිබෙනු ද අපට දැක ගන්න ලැබුණා

බොහෝ දෙනෙක් මෙම සටහන් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

“දැයට එළිය විදුලි වැඩසටහන ජනපති අතින් ඇරඹේ” යන තේමාවෙන් පසුගියදා ගිරිබාව ප්‍රදේශයේ පැවැත්වූ වැඩසටහන පිළිබඳව ජනපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත හුවමාරු කරගෙන තිබූ ඡායාරූප පෙළ අතර ඉහත ඡායාරූපය ද තිබෙන බව අපට නිරීක්ෂණය වුණා. මේ අනුව එම ඡායාරුපය බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා.

කිහිප දෙනෙක් විසින්ම මෙහි වීඩියෝ දර්ශන පිළිබඳව විමසා තිබු බැවින් “දැයට එළිය විදුලි බල ජාතික වැඩසටහනද ගිරිබාවෙිදී ජනපති ප්‍රධානත්වයෙන්” යනුවෙන් ඉහත ඡායරුපයේ දැක්වෙන අවස්ථාවේ දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝවක් පිලිබඳ අවධානය යොමු කළෙමු.

එම අවස්ථාවේ ජනාපති විසින් “ ආ මේකද හයිකරලා තියෙන්නේ” පවසන ආකාරයක් දැකගන්නට ලැබුනා. නමුත් එම අවස්ථාවේ ද සම්පූර්ණ දර්ශන පෙළ දැකගන්නට නොලැබුණ බැවින් මේ පිළිබඳව ජනාධිපති මාධ්‍යයට ඒකකයෙන් විමසා සිටියා.

එහිදී ඔවුන් හරහා එම අවස්ථාවට අදාල සම්පූර්ණ වීඩියෝ දර්ශන පෙළ අපට ලබා ගැනීමට හැකිවුණා. එය පහතින්

https://vimeo.com/522085230

ආ මේකද හයි කරල තියෙන්නෙ ...මෙතන ඉඳලා ඒගොල්ලො දාගන්න ඕන?” යනුවෙන් එම ස්ථානයේ සිට විදුලි සැපයුම ලබන්නේ කෙසේද යන්න පිළිබඳව ජනපති විමසීමක් සිදුකරන අතර එයට පිළිතුරු වශයෙන් වයරින් කිරීමේ කටයුතු සමෘද්ධි හරහා කරගත හැකි බව එහි සිටින නිලධාරිනියක් පවසන අයුරක් ද අපට පෙනී යනවා.

එම සංවාදයේ කකිසිම ස්ථානයක වතුර මීටරේ ඇයි බිත්තියෙ හයිකරල” යනුවෙන් සඳහන් නොවන බවත් මේ අනුව එය උපහාසතමක් කෝණයකින් සිදුකරන ලද නිර්මාණයක් බවත් පැහැදිලිය.

විදුලි බල පහසුකම් නොමැති ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන පසුගිය 06 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීව ආරම්භ කෙරුණු බවත් එමඟින් විදුලිය නැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලු අඩු අදායම් ලාභි ජනතාවට විදුලිය සපයීමයට කටයුතු කෙරෙන බවත් සඳහන් කරමින් ජනපති මාධ්‍ය ඒකකය මේ පිලිබඳ පලකළ නිවේදනය මෙතනින්

මේ සම්බන්ධයෙන් පළවූ පුවත් වාර්තාවක් මෙතනින් වීඩියෝවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ “වතුර මීටරේ ඇයි බිත්තියේ හයිකරල” යනුවෙන් විමසීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය දා ගිරිබාව ප්‍රදේශයේ පැවති දැයට එළිය විදුලි බල වැඩසටහන දියත් කිරීම අතරතුරදී සිදුකරන බවට හුවමාරු වන්නේ උපහාසාත්මක කෝණයෙන් සිදු කරන ලද ව්‍යාජ නිර්මාණයක් බවයි. එම අවස්ථාවේදී සිදුවූ සංවාදයේ එවැන්නක් ජනපති විසින් පවසන්නේ නැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය සටහනක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News