FACT CHECK: අතුරුදහන්ව ඇති දැරියක් බව පවසමින් හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

Update: 2021-04-17 17:55 GMT

අතුරුදහන් වූ අය සොයා ගැනීමට ෆේස්බුක් තුලින් උදව් ඉල්ලා දමා ඇති සටහන් අපට නිතර දකින්නට ලැබෙනවා.මෙම සටහන් සඳහා බොහෝ ප්‍රතිචාර ලැබෙන අතර ඒවා ඇතැම් විට ව්‍යාජ ලෙස ෆේස්බුක් පි‍ටු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ද ක්‍රියාත්මක වෙනවා.

මේ ආකාරයට වසර තුනක් තිස්සේ ඇති විශාල පිරිසක් අතර හුවමාරු වෙමින් පැවති ව්‍යාජ සටහනක් පිළිබඳව අප සිදුකල කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

කට්ටා නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් දැරියක් අතුරුදන් ව ඇති බවට සඳහනක් ෆේස්බුක් වෙත 2018 වසරේ මාර්තු මස එකතු කර තිබු අතර මේ වන විට එම සටහන 48,000 කටත් අධික පිරිසක් අතර හුවමාරු වී තිබුණා. කුඩා දැරියකගේ ඡායාරූපයක් සමග දක්වා තිබු එම සටහනින් කියවුනේ චේතනී නම් දැරිය අතුරුදහන්ව ඇති බවත් කොහේ හෝ ඇයව දු‍ටුවොත් දුරකතන ඇමතුමක් එහි සඳහන් අංකයට ලබා දෙන ලෙසත්ය

Facebook | Archived

අදටත් බොහෝ දෙනෙක් අතර හුවමාරු වෙමින් පවතින මෙම සටහන සඳහා බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා තිබු අතර මෙම සටහනේ සත්‍යතාව සොයා බැලීමට අප කටයුතු කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප පලමුව මෙම තොරතුරේ සත්‍යතාවය පිලිබඳව විමසීමට මෙම සටහනේ දක්වා ඇති දුරකතන අංකය වන 0715465780 යන අංකයට ඇමතුමක් ලබා ගෙන බැලුවා.එම දුරකතන අංකය විසන්ධි කර ඇති බව අපට පෙනී ගියා.

මෙම දැරිය කවුරුන්දැයි ගුගල් ඡායාරුප සෙවුම ඔස්සේ සොයා බැලීමේදී ඇය ඉන්දියාවේ, මුම්බායි හි ජීවත් වන කුඩා කල සිටම ඉතා සුවිශේෂී හැකියාවක් දැක්වූ දැරියක් බව අපට සොයා ගැනීමට හැකි වුණා. ඇයගේ නම ආයත් ෂෙයික් (Ayat Sheikh) වන අතර වයස අවුරුදු 4දී ඇය සාමාන්‍ය දැනීම ප්‍රශ්න පෙළකට පිළිතුරු ලබාදුන් අවස්ථාවේ ලබාගන්නා ලද වීඩියෝ පටයකින් ලබාගන්නා ලද ඡායාරුපයක් ඇසුරෙන් මෙම ව්‍යාජ ෆේස්බුක් සටහන නිර්මාණය කර ඇති බව අපට පෙනී ගියා.

ආයත් කුඩා දැරිය පෙනී සිටින වීඩියෝවක්, Wonder Girl AYAT නම් යුටියුබ් නාලිකාවේ 2015 වසරේ දී මෙසේ පළවී තිබුණා. මේ වන විට මිලියන තුනකට ආසන්න පිරිසක් එම වීඩියෝව නරඹා තිබෙනවා.

https://youtu.be/04T-BEYdc18

Facebook | YouTube

මෙම දැරිය ලංකාවේ දැරියක් ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහනේ සහ ඉහත වීඩියෝවේ ලබාගත් දර්ශන පරීක්ෂා කිරීමේ දී ඒවා එකම දර්ශන පෙළක් බව පෙනී යනවා.

Wonder Girl Ayat නමින් ඇයගේ නමින් ෆේස්බුක් ගිනුමක්ද ආරම්භ කර ඇති බව අපට දැකගන්නට ලැබුනා. එහි ඇය පිලිබඳ මෑතකදී පළවූ විස්තර දැක ගන්නට ලැබුණු අතර 2018 වසරේ ද ඇයගේ වීඩියෝ දැකගන්නට ලැබුණා.

බොහෝ ඉන්දීය ජාතිකයන් ඇයගේ දැනුම මෙන්ම ගායනය ඇතුළු සෑම අංශයකින්ම පෙන්නුම් කරන හැකියාවන් පිලිබඳව අදහස් දක්වා ඇති අයුරු ද අපට දැකගන්නට ලැබුණා.

Also Read:

Fact Check: අතුරුදහන් වූ දැරියක් සොයාගෙනීමට ඡායාරුපයක් හුවමාරු කරන ලෙස ඉල්ලමින් පළවූ ව්‍යාජ සටනක්!

පසුගිය දින කිහිපයේම අප වසර කිහිපයක් තිස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබු ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පිළිබඳව කරුණු අනාවරණ සිදුකළා. එබඳු කරුණු අනාවරණ දෙකක් මෙතනින් සහ මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බැලීමේදී චේතනී නමින් දැරියක් අතුරුදහන්ව ඇති බවට සඳහන් කරමින් 2018 වසරේ සිට හුවමාරු වෙමින් පවතින සටහනේ සිටින දැරිය මෙරට ජීවත්වන දැරියක් නොවන බව තහවුරු කල හැකියි.

එම සටහනේ පෙන්වන්නේ ආයත් නමැති ඉන්දියාවේ මුම්බායි නුවර වාසය කරන සුවිශේෂී දක්ෂතා දක්වන කුඩා දැරියක්. මීට වසර කිහිපයකට පෙර ලොව පුරා හුවමාරු වී තිබු ඇයගේ වීඩියෝවකින් ලබාගත් ඡායාරුපයක් යොදා ගනිමින් සිදුකර තිබු ව්‍යාජ සටහනක් බව අපට අනාවරණය වුනා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අතුරුදහන්ව ඇති දැරියක් බව පවසමින් හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News