FACT CHECK: මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට හදිසියේ බලය ලබා දිමක් සිදු වුවා ද?

Update: 2021-04-23 19:39 GMT

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ පවතින ආරක්ෂක තත්වය වැඩි දියුණු කිරීමට ආරක්ෂක අංශ විසින් විවිධ ක්‍රියාකාරකම් සිදු කරන ලදී.පසුගිය දිනෙක ද රටේ ආරක්ශාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට බලය දුන් බව සඳහන් කරමින් ෆේස්බුක් සටහන් කිහිපයක් හුවමාරු වන බව අපට පෙනී ගියා.

නමුත් අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වුනේ මෙය හදිසියේ සිදුවූ ක්‍රියාවක් නොව මීට පෙර වසර කිහිපයක් තිස්සේ ම අවස්ථා ගණනාවක දී ද ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු විසින් කලින් කලට නිකුත් කර තිබු ඇති විශේෂ ගැසට් නිවේදනයක් බවයි

සමාජ මාධ්‍ය සටහන්:

Marlon Jayakody නම් අයෙකු විසින් “මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවට බලය දෙයි” යන තේමාවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සේයාරුවක් සමඟ පළවූ එම සටහනින් අදහස් කර තිබුනේ මේ සමඟම මියන්මාරයේ හමුදා පාලනය වැනි තත්වයක් ඇතිවිය හැකි බවක්.

FacebookArchived

මේ හා සමාන පුවත් බොහොමයක් ෆේස්බුක් තුල පලව තිබුනේ පහත අයුරින්.

FacebookArchived

මෙම සටහන සඳහා පාදක වී තිබුණු වීඩියෝව කෙටි කාලයක් තුළ ඉතා විශාල පිරිසක් අතර හුවමාරු වී තිබුණා. එම වීඩියෝව මෙතනින්.

හදිසියේම මේ ආකාරයට මහජන ආරක්ශාව වෙනුවෙන් ගැසට් පත්‍රයක් නිකුත් කිරීම ප්‍රශ්නකාරී බවට බොහෝ දෙනා කරුනු දක්වා තිබුනු අතර මෙම පුවතේ සැබෑ තත්වය පිලිබඳව විමසා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

දිස්ත්‍රික්ක 25ක මහජන ආරක්ශාව පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ශ මහතා විසින් මේ ආකාරයට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබු අතර එම පුවත උපයෝගී කරගනිමින් මෙම ෆේස්බුක් සටහන් නිර්මාණය වී තිබුණා.

එම ගැසට් නිවේදනයට අනුව ඕනෑම මොහොතක රටේ මහජන ආරක්ශාව පවත්වාගෙන යාමට යුධ , ගුවන් , නාවික යුධ හමුදා කැඳවිය හැකි බව සඳහන් කරමින් මේ ආකාරයට ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබයි.

ඉහත ෆේස්බුක් සටහන් 2021 අප්‍රියෙල් මස 20 වෙනිදා පල කරන ලද ගැසට් නිවේදනයට අදාලව පල කර ඇති අතර එම ගැසට් පත්‍රය පහතින්.

GazetteArchived

මේ ආකාරයට ගැසට් පත්‍රය අලුත් කිරීම සාමාන්‍ය දෙයක් බවත් අවුරුදු කිහිපයක සිට බොහෝදුරට සෑම මාසයක දීම වාගේ මෙසේ මහජන ආරක්ශාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවීම සිදු කරන බවත් ජනපති මාධ්‍ය ඒකකයෙන් මේ සම්බන්ධව විමසීමේදී අපට දැනගන්නට ලැබුණා ලැබුනා. 2010 වසරේ දී පවා මෙසේ සිදුවූ බව ද පවසා සිටියා.

පසුගිය මාස කිහිපයේදී ද පළවූ අති විශේෂ ගැසට් පත්‍ර පරීක්ෂා කිරීමේ දී ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපතිවරයා මෙලෙසින් නිකුත් කර තිබු ඇති විශේෂ ගැසට් පත්‍රයන් මෙසේ සෑම මාසයකදී ම වාගේ දැක ගන්නට ලැබුණා

Extraordinary Gazettes

මේ ආකාරයටම මහජන ආරක්ෂාව වෙනුවෙන් 2010 ජූනි මස 06 වැනි දා එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් ද අපට මෙසේ දැකගනන්ට ලැබුණා.

එම අවධියේ මෙම කරුණ සම්බන්ධයෙන් නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදන කිහිපයක් පහතින්.

අප මෙම කරුන පිලිබඳව වැඩිදුරටත් තහවුරු කර ගැනීමට මහජන ආරක්ශාව පිලිබඳව අමත්‍ය සරත් වීරසේකර මහතාගේ මාධ්‍ය ඒකකයෙන් ද විමසිමක් කරනු ලැබුවා. ඔවුන්ද තහවුරු කලේ මෙය කාලයක පටන් පල කරන ගැසට් නිවේදනයක් බවත් රටේ කොරෝනා තත්වයත් ඇතුළුව මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිගින් දිගටම මෙම කටයුතු කිරීමට ත්‍රිවිධ හමුදාව යොදා ගැනිම වෙනුවෙන් මෙසේ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමක් සිදුවෙන බවයි. එමගින් කිසිඳු ආකාරයකට හමුදාව ට රට පාලන කටයුතු සඳහා අවස්තාවක් ලබා දීමක් නොවන බවත් ඔහු තහවුරු කර සිටියා.

මව්බිම පුවත්පතේද මෙම පුවත පල කර තිබුනු අතර එහි සඳහන්ව තිබුනේද තවත් මසක කාලයක් සඳහා මහජන ආරක්ශාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවීමට අවස්තාව ලබා දෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි.

MawbimaArchived

(40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තිය යටතේ ජනපති වෙත පැවරී තිබෙන බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලබනවා.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී අපට පෙනී යන්නේ “රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිද හමුදාවට බලය දෙයි” යන තේමාවෙන් පල කර ඇති පුවත පසුගිය දිනෙක හදිසියේ පල කරන අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් සිදුකරන ලද දැනුම් දීමක් නොවන බවයි.

එම ගැසට් පත්‍රය කලින් කලට අලුත් කරමින් පවත්වාගෙන යන එකක් වන අතර එමඟින් කිසිඳු විටෙක රටේ පාලන කටයුතු ත්‍රිවිධ හමුදාව වෙතට ලබාදීමක් අදහස් කරන්නේ නැහැ. පසුගිය මාස කිහිපයේම මෙලෙසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙන අතර 2010 වසරේ දී පවා මෙම කරුණ සඳහා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:හජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට හදිසියේ බලය ලබා දිමක් සිදු වුවා ද?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News