FACT CHECK: දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය ඉදිරියෙන්ම?

Update: 2021-07-03 17:24 GMT

ලංකාවේ වැඩිපිරිසක් එන්නත්කරණයට ලක් කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර මේ දිනවල කටයුතු කරමින් සිටින අතර ජුලි මස 31 වනදා ට පෙර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එනනත් ලබාදී අවසන් කරන ලෙස ජනපති උපදෙස් දී තිබුණා.

මේ අතර කලාපීය කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල අතින් ලංකාව ඉහළින්ම සිටින බවක් දැක්වෙන ප්‍රස්තාරයක් ද සහිත සටහනක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳව අපගේ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“හිතා මතා කතා නොකරන කෙරෙන වැඩ.(හොදටම නැතත් අනික් අයට වඩා හොදට කරලා තියනවා)” යන තේමාවෙන් Asanka Nilagarathna නම අයෙකු විසින් පළකර තිබු සටහනක දක්වා තිබුනේ කලාපීය රටවල් කිහිපයක එනන්ත්කරණ ප්‍රතිශතයන්ගේ සංසන්දනාත්මක ප්‍රස්ථාරයකි.

Facebook | Archived Facebook | Archived

එසේම මෙහි දැක්වෙන්නේ කුමන රටවල් පිළිබඳව ද සිදුකර තිබු විමසීමකට පිළිතුරු වශයෙන් එම සටහන පළකර තිබු පුද්ගලයා දක්වා තිබුණේ දකුණු ආසියාවේ එන්නත්කරණ අතින් ඉහළින්ම සිටින බවත් මීට අමතරව දකුණු ආසියාවෙන් පිටත රටවල් වන මියන්මාරය, ඉරානය ද ඉහත ප්‍රස්ථාරයේ දක්වා තිබෙන බවයි.

එසේම එහි දැක්වූ ප්‍රතිශතයන් අනුව, ජුලි මස 1 වැනිදා වන විට, ශ්‍රී ලංකාව ඉහලින්ම සිටින බවත් (4.3%), ඉන්දියාව (4.2%), තායිලන්තය (4.0%) සහ සියලු රටවල් ඊට අඩු මට්ටමක ද දක්වා තිබුණා.

මෙම සටහන් තවත් කිහිප දෙනෙක් අතරේ හුවමාරු වී තිබු අයුරු ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත ප්‍රස්ථාරයේ දක්වා තිබු රටවල් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී බැලු බැල්මට ම පෙනී යන්නේ විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ, එන්නත්කරණය අතින් ලංකාව ඉදිරියෙන්ම සිටින බවකි. එය ඉහත එක් සටහනකට ලබා දී තිබු ප්‍රතිචාරයකින් සහ පිළිතුරකින් ද පෙනී යනවා.

කෙසේනමුත් එහි කලාපීය රටවල් දෙකක් වන මාලදිවයින සහ භූතානය ඇතුළත් වී නැති බව ද දැක ගන්නට පුළුවන්. SAARC රටවල් පිළිබඳ විස්තරයක් මෙතනින්.

මීළඟට අප කලාපීය කොව්ඩ් එන්නත්කරණ දත්ත පෙන්නුම් කර තිබෙන නිල වෙබ් අඩවි පරීක්ෂා කර බැලුවා. එහිදී මුලින්ම අප UNICEF විසින් පසුගිය මැයි මාසය අවසානයේ පළ කර තිබු දකුණු ආසියානු කලාපයේ තත්ත්ව වාර්තාව පරීක්ෂා කළා. එහි එම අවධිය වන විට එන්නත්කරණ ප්‍රතිශතයන් දක්වා තිබු අයුරු පහතින්.

UNICEF – South Asia Regional Report

මෙහිදී භූතානය සහ මාලදිවයින පිළිබඳව (සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ දක්වා නොමැති රටවල් 2ක) පිළිබඳව විශේෂ සඳහනක් කරමින් පවසා තිබුනේ එහි එන්නත්කරණ ප්‍රතිශතය හොඳ මට්ටමක පැවතුණද අනෙකුත් රටවල තත්ත්වය ඉතා අඩු මට්ටමක පවතින බවයි. නමුත් භූතානයේ බොහෝ ප්‍රතිශතයක් එනනත්කරණයට ලක් වී තිබුණ ද මාත්‍රා දෙකම ලබාගත් ප්‍රතිශතය එහි දක්වා තිබුනේ නැහැ. එක් එක් රටවල එන්නත් ලබාගෙන තිබු ප්‍රතිශතයන් ප්‍රස්තාරයකින් ද ඔවුන් පෙන්වා තිබුණා. එහි දී ශ්‍රී ලංකාවට හිමිව තිබුනේ තුන්වන ස්ථානයයි. (එක් එන්නතක් හෝ ලබාගත් ප්‍රතිශත අනුව)

කෙසේනමුත් එය මසකට පෙර වාර්තාවක් බැවින්, ජුලි මස 1 වැනිදා වන විට තත්ත්වය පරීක්ෂා කිරීමට අප ජාත්‍යන්තරයේ පිළිගත් වෙබ් අඩවි මඟින් මෙහෙයවන එන්නත් ට්රැකර් තත්ත්වයන් පරීක්ෂා කර සිටියා.

Ourwordindata වෙබ් අඩවියේ එන්නත් එකක් හෝ ලබාගත් ප්‍රමාණය දක්වා ප්‍රතිශතයක් ලෙස දක්වා තිබු අතර එහිදී මාලදිවයින, භූතානය මෙන්ම ඉන්දියාව ද ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බව පෙනී යනවා.

Ourworldindata | Archived (දත්තයන් ජුලි 01 වැනිදා තෙක් ලබාගන්නා ලදි)

මේ අනුව මාත්‍රා එකක් හෝ ලබාගත් රටවල ප්‍රතිශත අතරින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තුන්වන ස්ථානයේ (භූතානය, මාලදිවයින සහ ඉන්දියාවට පිටුපසින්) පසුවන බව පෙනී යනවා.

කෙසේනමුත් මෙම දත්තයන් හා සමාජ මාධ්‍ය සංසන්දනයේ දක්වා ඇති දත්ත තරමක් දුරට වෙනස් වන්නේ, සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබු ප්‍රස්තාරයෙන් දක්වා තිබුනේ එන්නත් දෙකම ලබාගත් ප්‍රතිශත සංසන්දනයක් බැවිනි.

එබැවින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබු ප්‍රතිශත පෙන්වූ ප්‍රස්තාර ද අප පරීක්ෂා කර බැලුවා.

NYTimes Tracker (දත්තයන් ජුලි 03 වැනිදා ලබාගන්නා ලදි)

FT.COM (දත්තයන් ජුනි 03 වැනිදා ලබාගන්නා ලදි)

මීට අමතරව මාලදිවයිනේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය විසින් එරට එන්නත්කරණ ප්‍රගතිය පිළිබඳව කරුණු පළකර තිබුනේ මෙලෙසින්. එනම් ජුලි මස 01 වැනිදා වන විට, එරට ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට (191,441) පමණ පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබුණි. එනම් එරට මුළු ජනගහනයෙන් 36% පමණ කොටසක්.

මේ අනුව ඉහත සියලු දර්ශක සහ දත්ත වල දැක්වෙන පැරිදි මාලදිවයිනේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ප්‍රතිශතය 36% ක පමණ අගයක් ගන්නා බව පෙනී යනවා. භූතානයේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස් පිලිබඳව නිල දත්ත ලබා දී නැති බවින් එය නොසලකා හැරිය ද, මාලදිවයින, දකුණු ආසියාතික කලාපයේ අනෙකුත් රටවල ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව පෙනී යනවා.

ශ්‍රී ලංකාවේ වසංගත විද්‍යා අංශය විසින් නිකුත්කරන දෛනික වාර්තා අනුව ජුලි මස 01 වැනිදා වන විට ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල පිලිබඳ තොරතුරු පහත පරිදිය.

මේ අනුව සම්පුර්ණ වශයෙන් මිලියන 1.1 ක පමණ පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙන බව පෙනී යනවා. මෙය ඉහත ප්‍රස්තාරවල දක්වා තිබෙන පරිදි ලංකාවේ මුළු ජනගහනයෙන් 5% ක පමණ අගයක්.

සැ. යු. : මාලදිවයින සහ භූතානය යනු, ජනගහනය මිලියනයකටත් වඩා අඩු දකුණු ආසියානු රටවල් දෙකකි. ලංකාවේ ජනගහනය මාලදිවයිනේ ජනගහනය හා සංසන්දනය කිරීමේදී 40 ගුණයක් පමණ වනවා. එසේම ඉන්දියාවේ ජනගහනය ලංකාවේ ජනගහනය මෙන් 60 ගුණයකට ද වඩා වැඩිය.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ දකුණු ආසියානු කලාපීය රටවල් අතරින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබු පුද්ගලයින්ගේ ප්‍රතිශතය අතරින් ලංකාව ඉහළින් සිටින බවට හුවමාරු වන සටහන සඳහා ඇතැම් කලාපීය රටවල් යොදාගෙන තිබුනේ නැති බවයි.

දකුණු ආසියානු කලාපීය රටවල් අතරින් භූතානය සහ නේපාලයේ එන්නත්කරණ ප්‍රතිශතය අතරින් අනෙකුත් රටවල් වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව UNICEF ආයතනය මීට මසකට පමණ පෙර වර්තාවක දක්වා තිබෙනවා. එන්නත් මාත්‍රා එකක් පමණක් ලබාගෙන තිබෙන කලාපීය රටවල් අතරින් ජනගහනයට අනුව ප්‍රතිශතයක් වශයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ තුන්වන ස්ථානයේය. එනම් භූතානය, මාලදිවයින් සහ ඉන්දියාවට පසුපසින්.

එසේම ජුලි මස 01 වැනිදා වන විට මාලදිවයිනේ ජනගහනයට අනුව එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙන ප්‍රතිශතය 36% පමණ වූ අතර එය ඉහත සංසන්දනය කිරීමේ ප්‍රස්තාරය සඳහා ලබාගෙන තිබුනේ නැහැ. ශ්‍රී ලංකාවේ ජුලි මස 01 වැනිදා වන විට එම ප්‍රතිශතය 5% පමණ වුණා.

*මෙහි කොටස් කිහිපයක කරුණු වඩාත් විස්තර කරමින් පසුව යාවත්කාලීන කර තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය ඉදිරියෙන්ම?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News