FACT CHECK: රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍ය නයිට් පදවියක් ?

Update: 2021-07-17 08:26 GMT

බ්‍රිතාන්‍ය නයිට්පදවියට හිමිකම් කීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැකි වූ බවට විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. මෑතකදී නැවත හුවමාරුවන මෙම සටහන් වල දැක්වෙන පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට නයිට් පදවිය ප්‍රදානය කළ යුතු බවට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරියගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබු බව දැක්වුණා. මෙම පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශන පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Ranil Wickremesinghe - The Leader with a Vision නමැති ෆේස්බුක් සමූහයක

Nalaka Indrajith අය විසින් පළකළ ඡායාරූප සටහනක දැක්වූයේ රනිල් වික්‍රමසිංහ මහතා කතාබහක යෙදෙන ආකාරයක්. එම සටහනේ සඳහන් කර තිබුණේ,

“රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ට මහ ‍රැජිණගෙන් නයිට් පදවිය.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි මේඝන්කුමරියගේ යෝජනාවකි. මින් ඉදිරියට ඔහුව හඳුන්වන්නේ සර් රනිල් වික්‍රමසිංහ යනුවෙනි. බ්‍රිතාන්‍ය කිරීටයට කළ සේවය වෙනුවෙන් ලෝකයේ ඉතාමත් අතලොස්සකට විතරක් සිය ජීවිතයේ ලැබිය හැකි ඉහළම ගෞරවය මෙයයි.” යනුවනේ

Facebook | Archived Link

දීර්ඝ විස්තරයක් ද සහිතව මෙම සටහන UNP MURAD නමැති ෆේස්බුක් පිටුවේ 2018 වර්ෂයේදී පළ කර තිබුණේ මෙලෙසින්. තවත් සටහනක් මෙතනින්

එම විස්තරයේ සඳහන් කර තිබුනේ නයිට් පදවිය මීට පෙර ලැබුණු එකම ලාංකිකයා සර් ආතර් ශ්‍රී ක්ලාක් මහතා පමණක් බවත් ඉංග්‍රීසි ජාතිකයෙකු නොවන පුද්ගලයෙකු ට මෙම ගෞරව සම්මානය හිමිවන්නේ කලාතුරකින් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට එම ගෞරවට හිමිව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපී කටයුතු කිරීම, ජාත්‍යන්තර සම්බඳතා ඇතුළු කරුණු රැසක් මුල්කරගෙන බවත්ය.

මෙම සටහන් කිහිප දෙනෙක් අතර හුවමාරු වී තිබූ අයුරු පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

බ්‍රිතාන්‍ය නයිට් පදවිය යනු බ්‍රිතාන්‍ය රජෙකු හෝ රැජිණක් විසින් යම් කිසි පුද්ගලයෙකුට ඔහුගේ ජයග්‍රහණ හෝ ඔහුගේ රට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ලබා දෙන පදවි නාමයකි. නයිට් පදවිය ලැබූ තැනැත්තෙකුට 'Mr'(මහත්මයා) වෙනුවට Sir (සර්, ශ්‍රීමත්) ලෙසින් ඔහුගේ නම ඉදිරියෙන් භාවිතා කළ හැක. එමෙන්ම එලෙස පිදුම් ලබන නයිට්වරයා පූජකයෙක් නොවන්නේ නම් එම පුද්ගලයාගේ බිරිඳටද, Lady (ආර්යාව) වශයෙන් හැඳින්විය හැක. ගෞරවය ලබන කාන්තාවන්ට “Dame” ලෙස ගෞරව නායමක් ලැබුණත් සම්මානයෙන් පිදුම් නොලබන බවත් සඳහන්.

වර්තමානයේ ද මෙම පදවිය සම්මානයක් ලෙසින් පිරිනැමෙන අතර බ්‍රිතාන්‍ය රජු හෝ රැජිණ ඉදිරියේ කිරීටයේ කඩුව ස්පර්ශ කිරීම මගින් එය සංකේතවත් කරයි. ගෞරව සාමාන්‍යයෙන් පිරිනමනු ලබන්නේ රැජිණගේ උපන්දිනය (ජුනි මාසයේ පළමු සෙනසුරාදා) හෝ අලුත් අවුරුදු දිනයදීය. නයිට් පදවිය රාජකීය ක්‍රියාපටිපාටියට අනුව පිදුම් ලබන්නේ කෙසේද යන්න පිළිබඳ පළ වූ වාර්තාවක් මෙතනින්.

බ්‍රිතාන්‍ය පුරවැසි භාවයක් නොමැති පිරිස් කිහිපදෙනෙකු වෙත ද ගෞරව නයිට් පදවි හිමිවී තිබෙනවා. මේ පිළිබඳ වාර්තාවක් මෙතනින්.

සිය ජීවිත කාලයේ අවසන් භාගයේ වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වූ විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ‍මහතා 1998දී බ්‍රිතාන්‍ය මහ රැජන විසින් “නයිට්” පදවියෙන් පිදුම් ලැබුවා. ඒ පිළිබඳව පළවූ පුවත් වාර්තාවක් මෙතනින්.

ශ්‍රී ලාංකිකයෙකු නයිට්පදවියෙන් පිදුම් ලැබූ වෙනත් අවස්ථා සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී පැහැදිලි වූයේ ලංකාවේ පළමු වරට Knight Bachelor සම්මානයෙන් පිදුම් ලැබුවේ 19 වන සියවසේ Charles Henry de Soysa බව සඳහන් වන බවයි. නමුත් සම්මානයෙන් පිදුම් ලැබීමට පෙර ඔහු මිය ගොස් ඇති බැවින් ඔහුගේ බිරිඳට ආර්යාව යන ගෞරව නාමය හිමි වී තිබේ.

19 වන සියවසේදී නයිට් ඇතුළු ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ලාංකිකයින් පිළිබඳ විස්තරය ඇතුළත් Wikipedia වාර්තාව මෙතනින්.

ඒ අනුව නයිට් පදවිය ලබා ගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා පමණක් බවට ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ප්‍රකාශය ද නොමඟ යවන සුළුය.

රනිල් වික්‍රමසිංහ මහතා නයිට් පදවිය ලැබූ බවට ඒ මහතා සම්බන්ධයෙන් දැක්වෙන විකිපීඩියා පිටුවේද සඳහන් නොවේ. එමෙන්ම ඒ බවට දෙස් විදෙස් ප්‍රධාන මාධ්‍ය ධාරාවලද, කිසිදු වාර්තාවකද සඳහනක් නොමැති බවට අපට නිරීක්ෂණය විය.

අප මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශයෙන්ද විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය පුවතක් බවයි. මීට පෙර හෝ මෙම පදවිය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා වී හෝ නොතිබුණු බව ද අපට තහවුරු කර සිටියා.

බ්‍රිතාන්‍ය රැජිණගේ උපන් දිනය නිමිත්තෙන් 2021 වසර සඳහා සම්මානයෙන් පිදුම් ලබන ගෞරව ලැයිස්තුව මෙතනින්. මෙහි ලාංකීය බ්‍රිතාන්‍ය පුවරසියන් කිහිප දෙනෙකුද සිටි බවට වාර්තා වුණේ මෙලෙසින්. තවත් වාර්තාවක් මෙතනින්.

එසේම ඉහත සටහන සඳහා යොදාගෙන තිබූ ඡායාරූපය 2016 ජනවාරි 20 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වූ ලෝක ආර්ථික සංසදයේ ආරම්භක දිනයේදී “ක්‍රිස්ටල් සම්මාන උළෙල” සඳහා සහභාගී වූ බෙල්ජියම් රැජිණ රනිල් වික්‍රමසිංහ මහතා සමග කතාබහක යෙදෙන අයුරු කැමරා කාචයට හසුවූ අවස්ථාවක්. ඒ බවට පළ වූ විදෙස් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

Also Read: රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ හුවමාරු වන්නේ සත්‍ය තොරතුරු ද?

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව Fact Crescendo අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය රැජිණගෙන් නයිට් පදවිය ලැබෙන බවට පළ වූ සටහන වසර කිහිපයක් තිස්සේ හුවමාරු වන අසත්‍ය හා නොමග යවන සුළු සටහනක් බවයි. මේ වනතෙක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත එබඳු ගෞරව සම්මානයක් සඳහා යෝජනා වී තිබෙන බවක් වාර්තා වන්නේ නැති අතර ඔහුගේ මාධ්‍ය අංශයෙන් ද මෙය අසත්‍ය බව තහවුරු කර සිටියා.

එමෙන්ම මීට පෙර නයිට් පදවිය ඇතුළු බ්‍රිතාන්‍ය ගෞරව සම්මානයන් හිමි වූ ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකුම සිටින අතර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා නයිට් පදවිය ලැබූ එකම ශ්‍රී ලාංකිකයා බවට පළ වූ සටහන්ද අසත්‍ය බවට පෙන්වා දිය හැක.

Also Read: ඩී.එස්. සේනානායක මහතා මෙම ඡායාරූපයේ වඩාගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ද?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍ය නයිට් පදවියක් ?

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News