Explainer : මංගල සමරවීර, සමන්තා පවර් මිත්‍රත්වය Moderna එන්නත මෙරටට ගෙන්වීමට බලපෑවද?

Update: 2021-07-21 12:07 GMT

*මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න.

කොවිඩ් ව්‍යසනය සඳහා එන්නත්කරණ වැඩ පිළිවෙළවල් ලොව පුරා කඩිනමින් සිදු වෙමින් පවතින අතර අමෙරිකාව ද ඔවුන්ගේ එන්නත් අතිරික්තය අනෙකුත් රටවල් අතර බෙදා හැරීමට එරට ජනාධිපති Joe Biden තීරණය කර තිබූ අතර මෙරටද පරිත්‍යාග ලෙස Covax පහසුකම මත Moderna එන්නත් මිලියන 1.5 ක් පසුගියදා ලබා දෙනු ලැබුවා. මෙම එන්නත් ලබා ගැනීම කඩිනම් කිරීමට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර හා අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියේ (USAID)පරිපාලක Samantha Powerගේ මිත්‍රත්වය බලපෑ බවට හඟවමින් සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරු වුණා. මේ පිළිබඳ Factcresendo අප කරන පැහැදිලි කිරීම පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Ape Rata - අපේ රට නමැති ෆේස්බුක් පිටුවක දක්වා තිබූණේ, පසුගියදා අමෙරිකාවේ Moderna කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියේ (USAID)පරිපාලක ලෙස සේවය කර Samantha Power විසින් නිකුත් කළ Twitter පණිවිඩයක් සහ එන්නත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ Twitter පණිවිඩයකි.

එම ඡායාරූප සටහනේ සඳහන් කර තිබු‍ණේ, පාර්ලිමේන්තුවේ නොසිටියත් රටට සේවය කරන්න සබඳතා මත එක දුරකතන ඇමතුමක් බොහෝවිට ප්‍රමාණවත් වේවි යනුවෙනි.

Facebook | Archived Link

මින් අදහස් කර තිබූණේ, මංගල සමරවීර මහතා හා සමන්තා පවර් මහත්මිය අතර ඇති මිත්‍රකම හේතුවෙන් අමෙරිකාවේ Moderna කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලැබුණ බවයි.

එවැනි අදහස් සම්බන්ධයෙන් පළ වූ තවත් ෆේස්බුක් සටනක් පහතින්.

Facebook | Archived Link

අමෙරිකාවේ නිෂ්පාදිත Moderna කොවිඩ් එන්නත මෙරටට ලැබීමට මුල් වූ කරුණු පිළිබඳව අපගේ කරුණු පැහැදිලි කිරීම පහතින්.

කරුණු පැහැදිලි කිරීම:

Moderna එන්නත ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ද, අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය විසින් ද අනුමැතිය හිමිවූ අමෙරිකාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නතක් වෙනවා.

කෝවිඩ් -19 මාත්‍රාවන් මිලියන 80ක් ලොව පුරා බෙදා හැරීමට අමෙරිකාවේ ජනාධිපති Joe Biden පසුගිය ජූනි මස මුල දී තීරණය කර තිබුණා. එහි බෙදාහැරීමේ ප්‍රගතිය යටතේ එන්නත් මිලියන 55ක් ලොව පුරා බෙදා හැරීමේ සැලසුම් ඇතුළු කරුණු පිළිබඳව පළ වූ CNN වාර්තාව මෙතනින්. එසේම ඒ පිළිබඳව අමෙරිකාවේ ධවල මන්දිරියේ (White House) මාධ්‍ය ලේකම්වරිය Jen Psaki මාධ්‍ය දැනුවත් කළ වීඩියෝව මෙතනින්.

පසුගිය ජුනි මස 21 වැනිදා අමෙරිකාවේ ධවල මන්දිරිය විසින් නිකුත් කර තිබූ නිවේදනයේ එම එන්නත් බෙදා හැරීමේ ක්‍රියාදාමය පිළිබඳ සැලසුම් දක්වා තිබූ අතර එහි පෙන්වා දී තිබූනේ COVAX පහසුකම යටතේ එන්නත් මිලියන 41ක් බෙදා හැරෙන බවයි.

එයින් එන්නත් මිලියන 16ක් ආසියාවට ලබා දීමට තීරණය කර තිබූ අතර ඒ අතර ලංකාව ඇතුළු සෑම දකුණු ආසියානු රටක්ම ඔවුන් එන්නත් ලබාදීමට තීරණය කර තිබූ රටවල් ලෙස දක්වා තිබුණා. එම නිවේදනය අදාළ කොටස පහතින්.

Whitehouse.gov (June 21 ) | Archived SouthAsiaMonitor.org

කෙසේනමුත් ඉහත දක්වා තිබූ ඉලක්ක ජුනි මස අවසානයේ දී සපුරා ලීමට අමෙරිකාවට නොහැකි වුව ද ඉදිරි කාලයේ දී කඩිනමින් එන්නත් බෙදාදීමේ සිදු කිරීමට කටයුතු කර තිබෙන බව ධවල මන්දිරයේ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ජූලි මස 2 වැනිදා පළවූ පුවත් වාර්තාවක් මෙතනින්. එසේම මෙම ප්‍රමාදයට හේතුව එන්නත් නොමැතිකම නොවන බවත් ලොව පුරා එන්නත් සැපයීමේ දාමයේ ඇති වී තිබූ ගැටලු සහ එක් එක් රාජ්‍ය මඟින් ලබාගත යුතු අනුමැති ආදී කරුණු බව ද දක්වා තිබුණා.

ඉහත දක්වා තිබූ පැරිදි COVAX පහසුකම හරහා අමෙරිකාවේ එන්නත් අතිරික්ත, ආසියාතික රටවල් අතර බෙදා දීමේ වැඩපිළිවෙළ ඉන්පසු ක්‍රියාත්මක වී තිබුණා. එම වැඩපිළිවෙල යට‍තේ දකුණු ආසියානූ කලාපීය රටකට ප්‍රථම වරට අමෙරිකාව විසින් ලබා දුන් එන්නත් මිලියන 2.5 ක පළමු ඛාණ්ඩය බංග්ලාදේශයේ ඩකා නුවරට ජූලි 2 වන දින පැමිණි බවට පළ වූ UNICEF වාර්තාව මෙතනින්. මෙහිදී බංග්ලාදේශයට ලැබී තිබෙන්නේ ද Moderna එන්නත් මිලියන 2.5ක් බව එරට අමෙරිකානු තානාපති කාර්යාලය පළකර තිබූ මෙම වීඩියෝවේ දැක්වෙනවා.

එමෙන්ම COVAX පහසුකම හරහා අමෙරිකාව විසින් පසුගිය ජූලි මස මුල දී Moderna එන්නත් මිලියන 2.5 පකිස්ථානය භාරදුන් බවට පළ වූ UNICEF සටහන මෙතනින්. ඒ පිළිබඳ පකිස්තානයේ අමෙරිකානු තානාපති කාර්යාලය ද ජූලි මාස 02 වැනිදා Twitter පණිවුඩයක් නිකුත් කර තිබූනේ මෙලෙසින්.

එසේම ජූලි මස 09 වැනිදා පළවූ පුවත් වර්තාවක අමෙරිකාවේ ධවල මන්දිරියේ (White House) මාධ්‍ය ලේකම්වරිය Jen Psaki උපුටා දක්වමින් සඳහන් කර තිබූනේ භූතානය (Moderna – July 13) , නේපාලය (Johnson and Johnson – July 12), ඉන්දුනීසියාව (July 15) යනාදී රටවලට ද මේ ආකාරයට එන්නත් තොග යවා තිබූ බවයි.

ශ්‍රී ලංකාවට Moderna එන්නත් මිලියන 1.5 ක් ලබා දුන් බවට පළ වූ UNICEF වාර්තාව මෙතනින්. මොඩර්නා එන්නත් මිලියන1.5ට අධික ප්‍රමාණයක් ජූලි 16 වැනිදා ලංකාවට පැමිණීම පිළිබඳ ලංකාවේ අමෙරිකානු තනාපති කාර්යාලයේ Twitter පණිවුඩය මෙතනින්.

අමෙරිකාව විසින් COVAX පහසුකම හරහා පරිත්‍යාග වශයෙන් ලබා දුන් කොව්ඩ් එන්නත් සම්බන්ධයෙන් මෙරට හා මාලදිවයින අමෙරිකානු තානාපතිවරිය වන Alaina B. Teplitz විසින් සිය නිල Twitter ගිණුමේ පළ කළ පණිවිඩය පහතින්.

https://twitter.com/USAmbSLM/status/1415917515755061249

US Department of State Tweet | US Embassy in SL | Secretary Antony Blinken

මේ අනුව පෙනී යන්නේ ලංකාවට Moderna එන්නත් මිලියන 1.5ක් අමෙරිකාවේ පරිත්‍යාගයක් වශයෙන් COVAX පහසුකම හරහා ජූලි මස 16 වැනිදා ලැබීමට පෙර කලාපීය රටවල් කිහිපයකටම (භූතානය, බංග්ලාදේශය, පකිස්ථානය) Moderna එන්නත් අමෙරිකාව විසින් ජූලි මාසයේ දී COVAX පහසුකම යටතේ එන්නත් පරිත්‍යාග වශයෙන් ලබා දී ඇති බවයි.

ඉන්දියාවේ කොවිඩ් සඳහා Moderna එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලැබීමෙන් පසුව Moderna එන්නත් මිලියන 7.5 ක් මේ ආකාරයේ COVAX වැඩසටහන ඔස්සේ එරටට ලබාදීමට අමෙරිකාව බලාපොරොත්තු වන බවට පළ වූ වාර්තාවක් මෙතනින්.

මීට අමතරව අප්‍රිකාව සඳහා මිලියන 25ක කොවිඩ් එන්නත් ලබා දීමට කටයුතු සිදුකර තිබූ බවට පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.

සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වූ සටහන්:

ඉහත සටහනේ දැක්වෙන පරිදි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මිත්‍රකම මත Moderna එන්නත් මෙරටට ලබා ගැනීමට හේතු වූ බවට කිසිදු සඳහනක් මංගල සමරවීර මහතාගේ හෝ Samantha Power මහත්මියගේ නිල සමාජ මාධ්‍ය ජාලා පිටුවල, ගිණුම්වල දක්වා තිබෙනු දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාව සඳහා එන්නත් ලබා දීම කඩිනමින් සිදුවූ බවට හෝ මංගල සමරවීර මහතාගේ මිත්‍රකම හේතුවෙන් එන්නත් කඩිනමින් ලබා දුන් බවට Samantha Power මහත්මිය සිය Twitter ගිණුමේ පළ කර තිබූණේ නැහැ. එම පණිවිඩය පහතින්.

https://twitter.com/PowerUSAID/status/1416014914838278146

Archived Link

මංගල සමරවීර මහතාගේ නිල Twitter ගිණුමේන් අමෙරිකාව විසින් සිදුකළ ප්‍රදානය සඳහා සිය ස්තූතිය USAID සහ Samantha Power මහත්මිය වෙත පළ කර තිබූණේ මෙලෙසින්.

https://twitter.com/MangalaLK/status/1416047702492684291

Archived Link Facebook

එමෙන්ම මංගල සමරවීර මහතා විසින් එන්නත් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය Samantha Power මහත්මියට මෙන්ම කොළඹ අමෙරිකානු තනාපතිනිය වන Alaina Teplitz මහත්මියට ද සිය ස්තුතිය පළකර තිබූ බවට ෆේස්බුක් සටහනක් මෙතනින්.

Archived

එසේම Samantha Power මහත්මියගේ Twitter ගිණුම පරීක්ෂා කිරීමේ දී ද, ජුනි මස සිට මේ දක්වා ම ලොව විවිධ රටවල් සඳහා COVAX පහසුකම යටතේ අමෙරිකාවෙන් ලද පරිත්‍යාගයක් ලෙස එන්නත් ලබා දුන් බවට පළ වූ Twitter පණිවිඩ කිහිපයක් ම දැක ගන්නට ලැබුණි.

Bangladesh | Ethiopia | Ukraine | Jordan | Argentina | Laos | Philippines

Indonesia | Costa Rica | Vietnam | Bhutan | Nepal | Pakistan

මෙම පණිවුඩ ලංකාවට එන්නත් ලැබීමට පෙර මෙන්ම පසුව ද අමෙරිකාව විසින් සිදුකර තිබූ සෑම එන්නත පරිත්‍යාගයක් පිළිබඳවම වාගේ සඳහන් කර තිබුණි.

එමෙන්ම මෙරටට එන්නත් ලබා දීමට පෙර ආසන්න වශයෙන් වෙනත් රටවල් කිහිපයකටම එන්නත් ලබා දී ඇති බවත් ඇයගේ ගිණුමේ Twitter පණිවුඩ පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබෙනවා.

කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කොට, ලෝක සෞඛ්‍ය සංවිධානයේද සහය ඇතිව එන්නත් ලබා ගැනීම පිළිබඳ කටයුතු සිදු කරනු ලබන්නේ වත්මන් රජයයි. කොවිඩ් එන්නත් පිළිබඳ වගකීම් දරනු ලබන්නේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයයි. මෙරට කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත අවසර ලැබෙන එන්නත් ලබා ගැනීම කළ යතු වන්නේ ඖෂධ නීතිගත සංස්ථාවයි.

මෙරටට අමෙරිකාව විසින් ප්‍රථමයෙන් Covax පහසුකම හරහා AstraZeneca එන්නත් මාර්තු මස පළමු එන්නත් ඛාණ්ඩය ලෙස ගෙන්වූ අතර දෙවන ඛාණ්ඩය ලෙස Moderna එන්නත් මෙලෙස ලැබී තිබුණි.

පසුගිය ජූනි 16 වන දා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ එම එන්නත් නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර දීම මෙරට අමෙරිකානු තානාපති Alaina Teplitz විසින් සිදු කළ අතර සෞඛ්‍ය ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිල වශයෙන් එම එන්නත් භර ගනු ලැබුවා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පිට මෙම Moderna එන්නත් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය අමෙරිකාවට ලබා දෙන බවයි. එම අවස්ථාව පහතින්.

https://youtu.be/3ygK5vzrcN0?t=49

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මංගල සමරවීර, සමන්තා පවර් මිත්‍රත්වය Moderna එන්නත මෙරටට ගෙන්වීමට බලපෑවද?

Fact Check By: Sara Gunaratne

Result: Explainer

Tags:    

Similar News