FACT CHECK: අංක 13 කින් හෝ 4 කින් ලැබෙන දුරකතන ඇමතුමේ සත්‍ය කතාව!

Update: 2021-08-11 12:33 GMT

අසත්‍ය පුවත්, අසත්‍ය තොරතුරු රැගත් හඬපට, අසත්‍ය වීඩියෝ බහුල වශයෙන් හුවමාරු වන සංදිස්ථානයන් ලෙස WhatsApp සමාජ මාධ්‍ය භාවිතා කරනවා අපට දැකගන්නට පුළුවන්. මේ ආකාරයට ජනතාව බිය වැද්දීමට හා නොමග යැවීම පෙරදැරිකොට ගෙතුණු අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

WhatsApp සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සහ පටිගත කළ හඬ පටයක් සහිත වීඩියෝවකින් දැක්වුණේ මෙවන් පණිවිඩයකි.

මේ දැන් ලැබුණු නිව්ස් එකක්. මේක අහලා ඔයාලගේ යාළුවන්ටත් දැන ගන්න මේක ශෙයා කරන්න.. ඔයාලගේ ෆෝන් එකට අංක 13 කින් හරි 4 කින් හරි කෝල් එකක් ආවොතින් ඔයාලා ඒක ආන්සර් කරන්න එපා කීයටවත්. ඔයාලා ඒක බැරි වෙලාවත් ආන්සර් කළොතින් ඒ ආන්සර කරපු දෙවන තත්පරයේම ඔයාගේ ෆෝන් එක පුපුරලා යනවා. මේ දැන් එහෙම වෙලා. ගොඩක් අය මැරිලා තියෙනවා. සිංගප්පූරුව ඒ වගේම ඉන්දියාවෙත්. මේක ලංකාවටත් බලපායිද දන්නේ නෑ. බැරිවෙලා හරි එහෙම බලපෑවොතින් අංක 13 කින් හරි 4 කින් හරි එන කෝල් ආන්සර් කරන්න එපා මේක හැමෝටම දැනගන්න ශෙයා කරන්න.”

මෙම පණිවුඩය WhatsApp ඔස්සේ හුවමාරු වී තිබු තවත් අවස්ථාවක් පහතින්

මෙම ඡායාරූපයේ දැක්වුණේ හිස නොමැති ලේ විලක් මැද පුටුවක් මත අසුන්ගෙන සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයකි. මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ හඬ පටයේ පවසන පරිදි වූ සිදුවීමක් නොවන බව බොහෝ දෙනා හඳුනාගෙන තිබුණ ද එම සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය කරුණු හෙළි කරන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක්ද මුල් කර ගනිමින් අප මෙහි කරුණු විමර්ශනයක යෙදුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ ඉන්දියාවේ youturn නම් කරුණු විමර්ශන කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශන වාර්තාවක මේ සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය කරණු හෙළිකර තිබූ බවයි.

මෙරට WhatsApp ඔස්සේ සංසරණය වූ ඉහත ඡායාරූපය සහිත හඬපට වල අන්තර්ගතව තිබූ කරුණු ඉන්දියාවේ සමාජ මාධ්‍ය ජාලා ද එරට සිදුවීමක් ලෙස සංසරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් youturn කරුණු පරීක්ෂාව මෙතනින්.

අංක 13 කින් හෝ 4 කින් පැමිණි දුරකතන ඇමතුමක් හේතුවෙන් දුරකථනය පුපරා යාම නිසා සිදුවූ මරණයක් බවට පෙන්වමින් දක්වා තිබූ ඡායාරූපයේ සත්‍ය පසුබිම් කතාව නම් ඉන්දියාවේ, පුද්ගලයන් තිදෙනෙකු විසින් ADMK පාක්ෂිකයෙකු ඝාතනය කර තිබු අවස්ථාවේ ඡායාරූපයකි.

එම මියගිය පුද්ගලයා වීජීපී නගර්හි Mathivanan නමැති ව්‍යාපාරිකයෙක් වන අතර එම පුද්ගලයා පසු ගිය අගෝස්තු 02 වන දා රාත්‍රී 10 ට පමණ තම ව්‍යාපාරික ස්ථානයේ පිටත වාඩි වී සිටියදී කඩා වැදුණු පිරිස විසින් මෙලෙස කපා කොටා ඝාතනය කර තිබේ. ඒ බවට සඳහන් ඉන්දයාවේ පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එම අවස්ථාවේ ලබා ගත් වීඩියෝවක් ඉන්දියාවේ පුවත් විකාශයක සඳහන් කර තිබුණේ මෙලෙසින්.

https://www.youtube.com/watch?v=IGSfBvvF5yE

එම වීඩියෝවේ Mathivanan මහතා ඝාතනයට ලක්වූ පුටුව පෙන්නුම් කරන අතර එහි පසුබිම ද සමාජ මාධ්‍ය ඔස්සේ ලංකාවේ හුවමාරු වූ ඡායරුපයේ පසුබිම ම බව පෙනී යනවා.

ඝාතනයට ලක් වූ Mathivanan මහතාගේ ඡායාරූපයක් පහතින්.

එසේම ජාත්‍යන්තර ඇමතුම් බොහෝ දුරට එම රටවල් වලට අයත් කේත මගින් පෙන්නුම් කෙරෙන අතර අංක 4 කින් හෝ අංක 13කින් හෝ වෙනත් කිසිඳු හෝ අංකයකින් ලැබෙන ඇමතුම් හේතුවෙන් අදාළ ජංගම දුරකථන පුපුරා ගිය බවට පුවතක් වාර්තා වී තිබෙනු අපට දැක ගන්නට ලැබුනේ ද නැත.

Also Read : දුරකථනය පුපුරා තරුණියක් මියයාමේ සිද්ධියක් පෙන්වාදීමට යොදාගත් නිරුපිකවකගේ ඡායාරුපයක්

කෙසේ වෙතත් ඉහත හඬ පටයේ සඳහන් කළ පරිදි අංක 13 කින් හෝ හතරකින් පැමි‍ණෙන දුරකතන ඇමතුම් හේතුවෙන් දුරකතනය පිපිරීමකට භාජනය වීමේ අවකාශය සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් ද (SL-CERT) විමසීමක් කරනු ලැබුවා.

ඔවුන් සඳහන් කළේ, ඊයේ දිනයේ සිට එම කණ්ඩායම වෙතද මේ සම්බන්ධයෙන් ජනතා පැමිණිලි ලැබී ඇති අතර, මෙම අංක 13 හෝ අංක 4 කින් ලැබෙන දුරකතන ඇමතුම් කතාව පදනම් විරහිත හිතලූවක් බවයි. හුදෙක් ජනතාව බිය වැද්දීම සඳහා මෙලෙසෙ වෙනත් සිදුවීමක ඡායාරූප යොදාගෙන අසත්‍ය පැතිරවීමට ඇතැම් පුද්ගලයන් ක්‍රියාකරන බවයි. දුරකතනයේ යම් දෝෂයක් ඇතිවීම හේතුවෙන් එය පුපුරා ගියත් දුරකතනයට ලැබෙන ඇමතුමක් හේතුවෙන් මෙලෙස දුරකතනය පුපුරා නොයන බවයි ඔවුන් වැඩි දුරටත් තහවුරු කර සිටින්නේ.

එබැවින් මේ ආකාරයේ දුර්මත විශ්වාස නොකරන ලෙස ද ශ්‍රී ලංකා පරිගණක හදිසි හදිසි ප්‍රතිචාර සංසදය අවධාරණය කර සිටිනවා.

Also Read: FACT CHECK: One-Ring Scam මගින් ඔබගේ දුරකථන නාමාවලියේ හා බැංකු ගිණුම් තොරතුරු ලබා ගන්නවාද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දිය හැක්කේ WhatsApp  ඔස්සේ සංසරණය වූ අංක 13 කින් හරි 4 කින් ලැබෙන දුරකතන ඇමතුමක් ලබා ගත් පුද්ගලයෙකු එම ඇමතුම ලබා ගත් පසු දුරකථනය පුපුරා යෑම හේතුවෙන් වූ සිදුවීමක් බවට දක්වමින් සංසරණය වූ ඡායාරූපයේ සත්‍ය පසුබිම් කතාව වන්නේ ඉන්දියාවේදී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක ඡායාරූපයක් බවයි. එය දුරකතන ඇමතුමක් ලබා ගැනීම නිසා සිදු නොවූ අතර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තහවුරු කරන්නේ ද මෙවැනි අංක වලින් ලැබෙන දුරකතන ඇමතුම් හේතුවෙන් දුරකතනය පුපුරා යෑමක් සිදුනොවන බවයි. ඒ අනුව ජනතාව නොමග යැවීමට හා බිය වැද්දීමට මෙලෙස කටයුතු කර ඇති බවට පැවසිය හැක.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අංක 13 කින් හෝ 4 කින් ලැබෙන දුරකතන ඇමතුමේ සත්‍ය කතාව!

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News