FACT CHECK: ගුරු උද්ඝෝෂණයට හේතුවෙන් කොරෝනා ආසදිතව ජීවිතක්ෂයට පත් වු ගුරුතුමෙක් ද?

Update: 2021-08-22 05:40 GMT

මේ දිනවල දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාවේ වර්ධනයත් සමග සමාජයේ ඇතැම් පාර්ශව මෙම මරණ සිදු වන්නේ පසුගිය සමයේ ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන්ගේ බව හැඟවීමට අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමට කටයුතු කිරීමේ උත්සහයක් සමාජ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබෙනවා. ජනතාව නොමග යවන සුළු එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

Sd Ws නම් ෆේස්බුක් ගිණුමක සඳහන්කර තිබුණේ,මෙී සෑම මරණයකටම කාලකණ්ණි විපක්ෂය වගකිව යුතුයි...යනුවෙනි. ඒ සඳහා ජීවිතක්ෂයට පත් වූ ප්‍රේමජිත් තෙන්නකෝන් නමැති ගුරුවරයෙකු සඳහා ශෝකය පළකල බැනරයක ආකෘතිය රැගත් ඡායාරූපයක්ද දක්වා තිබුණා.

පොදුජන ගුරුහඬ මහාසභා නියෝජිතයන් අධ්‍යාපන සේවා සමූපකාර සමිතිය දෙහිඕවිට කලාපය විසින් පළ කරන ලද්දක් බවට දැක්වුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන්ම එම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණු අයුරු පහතින්.

මෙම සටහන් වලට දක්වා තිබූ ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමේදී දැකගන්නට ලැබුණේ, මෙම ගුරුතුමා දීප ව්‍යාප්තව පැවැත්වූ ගුරු විරෝධතාවයට සහභාගී වීමෙන් අනතුරුව කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ බවට බොහෝ පිරිසක් උපකල්පනය කර ඇති බවයි. ඒ බවට සඳහන් ප්‍රතිචාර කිහිපයක් පහතින්.

එමෙන්ම තවත් පිරිසක් සටහන් කර තිබුණේ මෙම ගුරුතුමා ගුරු-විදුහල්පති උද්ඝෝෂණයට පෙර මිය ගිය බවයි ඒ බවට දැක්වූ ප්‍රතිචාර පහතින්.

මේ සම්බන්ධයෙන් සත්‍ය කරුණු හෙළි කරන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද මුල් කරගනිමින් අප කරුණු පරීක්ෂාවක් ආරම්භ කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මේ අනුව අප කළ මූලික නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, ප්‍රේමජිත් තෙන්නකෝන් නමැති ගුරුවරයාගේ මියයෑම සම්බන්ධයෙන් ශෝකය පළ කළ සටහනක් සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු නිල ෆේස්බුක් පිටුවේ පසුගිය මැයි 9 වන දා පළ කර ඇති බවයි. එම ඡායාරූප සටහන පහතින්.

Facebook | Archived Link

එහි සඳහන් වුණේ, මෙම ගුරුවරයා ගලිගමුව කොට්ඨාශයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක එච්.ටී.ප්‍රේමජිත් තෙන්නකෝන් නමැති ගුරුවරයෙකු බවයි.

අප මේ සම්බන්ධයෙන් විමසීමට ප්‍රේමජිත් මහතාගේ දියණිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඇය සඳහන් කළේ, තම පියා කෑගල්ල ස්වර්ණ ජයන්ති මහ විද්‍යාලයේ ගුරුවරයෙකු බවත්, කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග අප්‍රේල් 28 වන දා කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට(ICU) ඇතුළත් කළ බවයි. එහිදී ප්‍රතිකාර ගනිමින් සිටියදී මැයි මස 09 වනදා තම පියා ජීවිතක්ෂයට පත් වූ බවයි ඇය සඳහන් කළේ.

සමාජ මාධ්‍ය ජාලාවල ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා වැළඳී මියගිය ගුරුවරයෙක් බවට දක්වමින් තම පියාගේ ඡායාරූපද අවභාවිත කරන අතර තමන් ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවත් තම පියා ගුරු උද්ඝෝෂණයට පෙරම මියගිය බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.

තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප කෑගල්ල, මාකූර ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයාද සම්බන්ධ කරගනු ලැබුවා. ඒ මහතාද සඳහන් කළේ, එම ප්‍රදේශයේ වාර්තා වූ පළමූ කොරෝනා මරණය එම ගුරුතුමාගේ මරණය වූ බවත් ගුරු උද්ඝෝෂණයට පෙර ප්‍රේමජිත් තෙන්නකෝන් ගුරුවරයා කෑගල්ල රෝහලේදී මිය ගිය බවත්ය. එම පවුලේ දියණියට ඇර අනෙක් අයටද කොරෝනා වැළඳීම හේතුවෙන් නිරෝධායනට ලක් කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අප මේ සම්බන්ධයෙන් තව දුරටත් කළ විමර්ශනදී දැනගන්නට ලැබුණේ, පසුගිය මැයි 09 වන දා සිදුවූ ප්‍රේමජිත් තෙන්නකෝන් ගුරුතුමාගේ අභාවය පිළිබඳව එදින දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී පළ වී තිබූ බවයි. එම වීඩියෝව පහතින් (03.54)

https://youtu.be/2_wGetXTjiA?t=234

පසුගිය මැයි 09 වන දා ජීවිතක්ෂයට පත් වූ එම ගුරුතුමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. එමෙන්ම ඔහුගේ දියණිය විසින් Hitha Mithuru Sulaga හිතමිතුරු සුළඟ නම් ෆේස්බුක් පිටුවේ තම පියාගේ අභාවය සම්බන්ධයෙන් දක්වා තිබූ සටහනක්ද අපට නිරීක්ෂණය වුණේ මෙලෙසින්.

එමෙන්ම ඇය විසින් තම පියාගේ මරණ බැනරය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද මෙලෙස ෆේස්බුක් සටහනක් දක්වා තිබුණා.

අපගේ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ශෝකය පළ කිරීමට නිර්මාණය කර තිබූ බැනරය ද සංස්කරණයට භාජනය කර ඇති බවකි. සත්‍ය බැනරය මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

සත්‍ය බැනරය සහ සංස්කරණයට භාජනය කර ඇති බැනරයේ සංසන්දනය පහතින්.

පසුගිය මැයි මාසයේදී පළ වී තිබූ මෙහි සත්‍ය බැනරයේ “කෑගල්ල දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය” විසින් ශෝකය පළ කළ බවට සඳහන් වූ අතර මෑතකදී සංසරණය වී තිබූ මෙම බැනරය පළ කර තිබුණේ “පොදුජන ගුරුහඬ මහාසභා නියෝජිතයන් අධ්‍යාපන සේවා සමූපකාර සමිතිය දෙහිඕවිට කලාපය” විසින් ශෝකය පළ කළ බැනරයක් ලෙසයි. එලෙස සංස්කරණය කර තිබුණේ මෙම ගුරුතුමා වෘත්තීය සමිතියක සාමාජිකයෙක් බව හැඟවීමටයි යනුවෙන් අනුමාන කළ හැක.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් ප්‍රේමජිත් තෙන්නකෝන් මහතාගේ දියණියගෙන්ද තොරතුරු තහවුරු කර ගත් අතර එවන් සමිතියක තම පියා සමාජිකයෙක් නොවන බවද පවසා සිටියා.

ගුරු සංගම් නායකයන් මර්ධනය කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් පසුගිය ජූලි 12 වන දා සිට ගුරුවරුන් මාර්ගගත (Online) ඉගැන්වීම් වලින් ඉවත්ව වැඩ වර්ජනයක් දීප ව්‍යාප්තව ආරම්භ කරනු ලැබුවා. ගුරුවරුන් ඒකරාශි වෙමින් අඛණ්ඩව සිදු කෙරුණු උද්ඝෝෂණ කොරෝනා සීඝ්‍ර වර්ධනයට හේතුවූ බවට ඇතමුන් චෝදනා කරනු ලැබුවා. එසේම රජයේ පාර්ශව මෙම කොවිඩ් මරණ රැල්ලට ගුරු සංගම් නායකයින් සමඟ විපක්ෂය වග කිව යුතු බව කරුණු දක්වා තිබුණා. එවැනි වාර්තාවක් මෙතනින්.

එසේම ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට කිසිදු සාධනීය විසඳුමක් ලබා දෙන්නට ආණ්ඩුවේ කිසිවෙකුටත් තවමත් හැකියාවක් ලැබී නැති බවත් රට පුරා ගුරුවරු සිදු කරන අරගලයට සමගි ජන බලවේගය සම්පූර්ණ සහාය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජුලි මස 30 වැනිදා අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින්.

Also Read: Fact Check: ගුරු උද්ඝෝෂණයට සහභාගි වීමෙන් කොරෝනා ආසධනය වී මියගිය ගුරුවරයෙක්ද?

සැ. යු : ගුරු උද්ඝෝෂණ සඳහා විපක්ෂය මුල්වූ බව හෝ නොවූ බව අප පිළිබඳව අප කිසිඳු මතයක් හෝ අදහසක් මෙහි දක්වා නොමැත.

අපගේ කරුණු විමසීම් පිළිබද තොරතුරු දැනගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශන අනුව පෙන්වා දිය හැක්කේ රට පුරා සිදුවූ ගුරු-විදුහල්පති උද්ඝෝෂණයට සහභාගී වීම හේතුවෙන් කොරෝනා සෑදී මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ ප්‍රේමජිත් තෙන්නකෝන් නමැති ගුරුතුමා කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මෑතක දී නොවන බවයි. පසුගිය මැයි මස 9 වන දා, එනම් දීප ව්‍යාප්තව පැවති ගුරු උද්ඝෝෂණ ආරම්භවීමට මාස දෙකකට පමණ පෙර එම මරණය සිදුවී තිබෙනවා.

Also Read: FACT CHECK: ගුරු උද්ඝෝෂණයට සහභාගි වූ කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත් වූ ගුරු වෘත්තීය සංගමයේ නායකයෙක්?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ගුරු උද්ඝෝෂණයට හේතුවෙන් කොරෝනා ආසදිතව ජීවිතක්ෂයට පත් වු ගුරුතුමෙක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News