FACT CHECK: පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැති බව මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවා ද?

Update: 2021-09-08 17:00 GMT

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට සියලුම පාසල් තාවකාලිකව වසා තැබීමට රජය විසින් ලබා දී තිබූ තීරණය තව දුරටත් ක්‍රියාත්මක වන අතර දින නියමයක් නොමැතිව ප්‍රධාන විභාගද කල් යෑමක් දක්නට ලැබෙනවා. එවන් වකවානුවක රටේ පාසල් නැවත ආරම්භ කළ හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ විසින් සිදු කළ බව හැඟවෙන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. ඒ සඳහා සමාජයේ දැඩි දෝශාරෝපණයක් එල්ල වුණේ සංචරණ සීමා පනවා තිබියදීත් කොවිඩ් හේතුවෙන් දෛනික මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ව පවතින අවධියක, පාසල් වෙත දරුවන්ව ආරක්ෂිතව මේ අවස්ථාවේ දී යැවිය හැකිද යන්නයි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැතැයි” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර ඇති බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් ප්‍රධාන පුවත් වෙබ් අඩවි වල ද පළ වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත සංසරණය වූ අවස්ථා මෙතනින්, මෙතනින්, සහ මෙතනින්.

ඒ සම්බන්ධයෙන් පළ වූ තවත් පුවතක් වෙබ් අඩවියක පළ වූ අයුරු පහතින්.

emanisa.lk| Archived Link

එමෙන්ම එම පුවත ප්‍රධාන පුවත් වෙබ් අඩවියක පළ වූයේ මෙලෙසින්. Archived Link

සැබවින්ම මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මෙලෙසින් පැවසුවාද යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහන් වලට පාදක වූ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මූලික වූ සාකච්ඡාව සමබ්න්ධයෙන් අවධානය යොමු කිරීමට අප පියවර ගනු ලැබුවා.

Gateway පාසල විසින් පසුගිය සැප්තැම්බර් 04 වන දා සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය සහ පාසල් අධ්‍යාපනය කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වූ දේශනයක් මෙම සටහන් වලට මුල්වී තිබුණා.

මෙම වීඩියෝව Gateway College යූ ටියුබ් නාලිකාවේ දක්වා ඇති අතර එම වීඩියෝව පරීක්ෂා කිරීමේදී පැහැදිලි වූයේ, මහචාර්යවරිය Johns Hopkins විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද කොවිඩ් සම්බන්ධ දත්ත පදනම් කර ගනිමින් මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල කොවිඩ් තත්ත්වයන් හා කොවිඩ් මර්දන එන්නත් කරණය සම්බන්ධයෙන්ද අදහස් දක්වන අතර විනාඩි 38ක ආසන්න කාලයක් කරනු ලබන දේශනයක් බවයි. එම වීඩියෝව පහතින්.

https://www.youtube.com/watch?v=op1tCk73qzc

මෙම වීඩියෝවේ 20.11 වන විනාඩියේ පාසල් වසා තැබීම හේතුවෙන් ළමුන්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ප්‍රධාන කරුණක් ඔස්සේ දේශනය පවත්වන අතර එහිදීද ඉහත සඳහන් කළ දත්ත පදනම් කරගනිමින් මහචාර්යවරිය විසින් ඒ පිළිබඳ පැහැදිලි කරනු ලබයි. කොවිඩ් ආරම්භයේදීම පාසල් වසා තැබීම ගෝලීය වශයෙන් සිදු වී ඇති බවත් එක් කාලවකවාණු වලදී පාසල් ජාත්‍යන්තර වශයෙන් විවෘත කළ ආකාරයත් පැහැදිලි කරමින් මේ මස වන විට රටවල් 15ක් පමණ පාසල් විවෘත කර නොමැති බවත් ශ්‍රී ලංකාවද ඉන් අයත් බවත් ඇය සඳහන් කරනු ලබයි.

තවද, ෆයිසර් සහ මොඩර්නා එන්නත් අවුරුදු 12ට වැඩි ළමුන්ටද එන්නත්කරණය ඇතැම් රටවල ආරම්භ කර ඇති බවත් ඇය විසින් දත්ත පදනම් කර ගනිමින් පෙන්වා දෙනු ලබන අතර එන්නත්කරණය සිදු නොකරමින් ද පාසල් විවෘත කර ඇති බවත් අනෙක් රටවලට සාපෙක්ෂව මෙම වසංගත තත්ත්වය හමුවේ මෙරට පාසල් වසා දමා ඇති බවත් පෙන්වා දෙනු ලබනවා. ඉන් අනතුරුව ඇය විසින් එම දේශයනය අවසන් කිරීමේදී ලංකාවේ කොවිඩ් තත්ත්වය හේතුවෙන් සිදුවූ ළදරු මරණ ප්‍රමාණය සම්බන්ධයෙන් පවසමින් ඇය අවසන් වශයෙන් පවසන්නේ UNICEF හි විධායක අධ්‍යක්ෂක Henrietta Fore සහ UNESCO අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay පාසල් විවෘත කිරීමට තවත් බලා සිටිය නොහැකි බවට ප්‍රකාශ කර ඇති බවයි. එම අවස්ථාව ඉහත වීඩියෝවේ අවසන් රාමුවේද සඳහන් වුනේ මෙලෙසින්. (36.42)

UNICEF හි විධායක අධ්‍යක්ෂවරිය සහ UNESCO අධ්‍යක්ෂ ජනරාල්වරිය පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් දක්වා ඇත්දැයි යන්න පිළිබඳවද, අප නිරීක්ෂණය කළ අතර ඒ බවට දක්වා තිබූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

Archived Link

නමුත් මෙම වීඩියෝව පුරාවේදී කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ මහාචාර්යවරිය විසින් මෙරට පාසල් නැවත ආරම්භ කළ යුතු බවට තමන්ගේ අදහසක් ලෙස හෝ රජයේ මතයක් ලෙස හෝ කිසිදු අවස්ථාවක සඳහන් නොකර ඇති බවයි.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් UNICEF සහ UNESCO ප්‍රකාශය මෙලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් සිදු කළ බවට නොමග යෑම හේතුකොටගෙන මෙලෙස සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වූ බවට අනුමාන කළ හැකිය.

මෙම අසත්‍ය සටහන් සම්බන්ධයෙන් මහාචාර්යවරිය තම ෆේස්බුක් ගිණුම ඔස්සේ තැබූ සටහන පහතින්.

Facebook | Archived Link

මාධ්‍ය වෙත අදහස් නොදක්වා සිටියදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින් තමන් නොකියූ දේවල් වැරදි ලෙස උපුටා දක්වමින් මේ සිදුකරනු අපහාස පිළිබඳ තමන් ඉතාමත් කණගාටු වන බවත් තමන් විසින් සඳහන් කළ සම්පූර්ණ ප්‍රකාශය නොබලා එක් වාක්‍යයක් පමණ උලුප්පා දක්වමින් ජනතාව නොමග යෑම කටයුතු කර ඇති බවත්, තමන් කිසිදු අවස්ථාවක මේ මොහොතේ දී පාසල් විවෘත කළ යුතු බවට නොපැවසූ බවත් මහචාර්යවරිය ඇයගේ ෆේස්බුක් සටහනේ දක්වා තිබුණා.

පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර තිබුණේ, පාසල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් මෙතෙක් නොමැති බවයි. ඒ බව සඳහන් වූ වීඩියෝවක් මෙතනින්.

කොවිඩ්19 හේතුවෙන් පාසල් වසා දමා තිබුණද එය තාවකාලික බව ද දක්වමින් ලංකාවේ යුනිසෙෆ් නියෝජිත ආයතනය, රොටරි සමාජය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබූ බවට සටහනක් අපට පසුගිය දා දැක ගන්නට ලැබුණා. පාසල් නැවත විවෘත කරන විට ළමයින් ආරක්ෂිතව ආපසු පැමිණීම සූදානම් කිරීම සඳහා මෙහිදී පාසල් 200 කට අධික සංඛ්‍යාවක සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් කිරීමට අවධානය යොමු වී තිබුණා.

https://twitter.com/UNICEF_SriLanka/status/1435079770388062208

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් අනාවරණය වූයේ පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැතැයි” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර ඇති බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් ප්‍රධාන පුවත් වෙබ් අඩවි වල ද පළ වී තිබූ සටහන් නොමග යවන සුළු බවයි.

Gateway College විසින්  සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය සහ පාසල් අධ්‍යාපනය කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වූ දේශනයක් අවසානයේදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් UNICEF සහ UNESCO සංවිධානවල ප්‍රධානීන් “පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැතැයි” යන තේමාවෙන් සිදුකර තිබු ප්‍රකාශය උපුටා දැක්වීම, මෙලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් එම ප්‍රකාශය සිදු කළ ප්‍රකාශයක් බවට නොමගයෑමට හේතු වී තිබුණි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැති බව මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News