FACT CHECK: කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට?

Update: 2021-09-15 17:06 GMT

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධයෙන් විවිධ පුවත් මාධ්‍ය සහ සමාජ ජාලා වල නිතර සංසරණය වෙනවා. රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වර්තමාන අමාත්‍ය මණ්ඩලය සංයුතියේ දක්වන නියෝජනය පිලිබඳ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් අවස්ථාවේ දී ද වාර්තා රැසක් දැක ගන්නට ලැබුණා. මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයක් පිළිබඳව පළවූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප සිදුකල කෙටි විමසා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානී, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළවූ සටහනක දක්වා තිබුනේ අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට නම් වී ඇතැයි යනුවෙන් උපහාසාත්මක කෝණයකින් “දැන්නං ගිනස් පොතට යන්න ලගයි” යනුවෙන් ද සඳහන් කරමිනි.

Facebook| Archived

මේ සටහන සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයන් දැක්වූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ හා සබැදි මෙම සටහන ෆේස්බුක් අවකාශය පුරා පැතිර තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මුලින්ම අප මේ සම්බන්ධයෙන් පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල සඳහන්ව ඇත්දැයි විමසා බැලුවා. එහිදී පැහැදිලි වු කාරණය නම් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් අජිත් නිවාර්ඩ් කබ්රාල් ගේ ඇමති ධූරයෙන් සමුගැනීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳවත් මහ බැංකු අධිපති තනතුර නැවත භාරගැනීම සඳහා එසේ කටයුතු කල බවටත් මෙවැනි පුවත් වාර්තා වී තිබුණද එමඟින් පුරප්පාඩුවූ මන්ත්‍රීධූරය වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ මහතා නිර්දේශ කර ඇති බවට නිල සඳහනක් සිදුකර තිබුනේ නැති බවයි.

කෙසේනමුත් පුරප්පාඩුවූ ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු ජයන්ත කැටගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීම පසුගිය 13 වන දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විසින් සිදු කෙරුණු අතර එහිදී ඒ මහතා විසින් මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙතනින්. එම පුවත සෑම මාධ්‍යකම වාගේ පලවී තිබු අතර Daily FT වාර්තාව වෙත පිවිසීම මෙතනින්.

මේ පිළිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස විමසා බැලීමට අප එහි මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාව සම්බන්ධ කර ගත්තා. ඔහු තහවුරු කර සිටියේ ජයන්ත කැටගොඩ මහතා, අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් පත්වනු ඇති බවයි.

යෝෂිත රාජපක්ෂව මෙම මන්ත්‍රීධූරය සඳහා පත් කිරීමට යෝජනාවක් හෝ ඉදිරිපත්ව තිබුණේ නැහැ. එම පුවත රාජපක්ෂ පවුලට මඩ ගැසීම සදහා ගොතන ලද කතාවක්.”,කාරියවසම් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් යෝෂිත රාජපක්ෂ වැනි ජාතික ලැයිස්තුවේ නම සඳහන් නොවන, මැතිවරණය සඳහාද ඉදිරිපත් නොවුණු අයෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා පත්කිරීමට හැකියාවක් ඇත්දැයි අප සොයා බැලුවා. පාර්ලිමේන්තුව සම්බන්ධ මූලාශ්‍ර ඔස්සේ අපට අනාවරණය වූයේ එසේ හැකියාවක් පවතින බවයි. මීට පෙර විවිධ අවස්ථාවන්හිදී එසේ සිදුවී ඇති අතර ඒ සඳහා මෑත කාලීන උදාහරණයක් වන්නේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා, 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ලයිස්තුවේ නම් කර තිබුනේ නැති වුවද, පසුගිය ජුලි මස ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වී අමාත්‍ය ධුරයක් හෙබවීමයි.

එසේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් පසුගිය ජුලි මස ඉවත් වූයේද ජයන්ත කැටගොඩ මහතායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වීමට අවශ්‍යය ප්‍රතිපාදන දෙසද අප අවධානය යොමු කළා. එසේම ජාතික ලැයිස්තුවෙන් පරිබාහිර පුද්ගලයකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල නොයෙකුත් පිරිස් විසින් විරෝධතා ඉදිරිපත් කර තිබුණ ද අතීත උදාහරණ සලකාබැලීමේදී පෙනී ගියේ ජාතික ලැයිස්තුවට පරිබාහිර පුද්ගලයින්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබාදී තිබු බවයි.

යෝෂිත රාජපක්ෂ හෝ ජයන්ත කැටගොඩ මහතා හෝ මෙම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා තෝරා ගනු ලැබෙනු ඇති බව දක්වමින් පළවූ මෙවැනි වාර්තා ඉහත තහවුරු නොකළ සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වී තිබු බව අනුමාන කල හැක.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ ගවේෂණය අනුව පෙනී යන්නේ යෝෂිත රාජපක්ෂ මහතාව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරන බවට සමාජ ජාලවල පළවූ සටහන් මේ වන විට අසත්‍ය බවට පත්ව ඇති බවයි. අජිත් නිවාර්ඩ් කබ්රාල් ඉවත්වීමෙන් පසුව හිස්වූ මන්ත්‍රීධූරයට, යෝෂිත රාජපක්ෂ මහතාව හෝ වෙනත් කිසිවෙකුගේ හෝ නම් සකච්ඡා වී තිබුණි ද යන්න අපට ස්වාධීනව තහවුරු කළ නොහැකි කරුණක්. කෙසේනමුත් පුරප්පාඩුවූ ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු ජයන්ත කැටගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීම පසුගිය 13 වන දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විසින් සිදු කෙරුණා. එමෙන්ම යෝෂිතව මේ සදහා පත්කිරීමට සූදානමක් නොතිබුණු බවද ඔහු පවසනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට?

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News