Explainer: නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

Update: 2021-09-15 04:57 GMT

එක් එක් කාල වකවාණුවලදී පවත්නා රජයන් යටතේ ආරම්භ කරනු ලබන ව්‍යාපෘති, අදාළ රජයන් මාරු වීමේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා මෙන්ම ඇතැම් ව්‍යාපෘති අතර මග ඇන හිටින අයුරු ද අපට දැකගන්නට ලැබෙනවා. විදේශ ආධාර, විදේශ ණය මත ලබා ගන්නා මුදල් වලින් ආරම්භ කෙරෙන මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් සඳහා එළැඹීම හේතුවෙන් මQලික සැලසුම් වෙනත් රජයක් මූලිකත්වයෙන් කෙරුණු බොහෝ අවස්ථාවල ව්‍යාපෘති අවසානය තවත් රජයක විසින් නිමා කිරීම දැක ගන්නට පුළුවන්. එවැනි අවස්ථාවක් වූ නව තාක්ෂණය යොදා ඉදි කෙරෙන නව කැලණි පාලමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

කැලණි පාලම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක දැක්වුණේ,

“යහපාලනයේදී 2017දී ආරම්භ කළ නව කැලණි පාලමේ වැඩ අවසන්, අප්පච්චී ප්ලෑන් කලා කියා පාට පාටින් ලයිට් දමා විවෘත කිරීමට නියමිතය. ජපානයේ ජයිකා සමාගම සමග සහන ණය පොලී පදනමක් යටතේ 2017 වසරේ ඉදිකිරීම් ආරම්භ කල නව කැලණි පාලමේ වැඩ මේ වන විට අවසන්ව ඇත. 2017 ඔක්තෝබර් 18 මෙහි වැඩ ආරම්භ කෙරිණි. 2019 ආණ්ඩු මාරුව සිදුවන විට මෙහි වැඩ 60%ක් පමණ අවසන්ව තිබිණි.” යනුවෙනි. එම සටහන පහතින්.

Facebook | Archived Link

මේ වන විට ෆේස්බුක් පරිශිලකියන් රැසක් අතරේ සංසරණය වී තිබූ මෙම සටහන තවත් අවස්ථාවන් කිහිපයකදී හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

කරුණු පැහැදිලි කිරීම:

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගෙන නව තාක්ෂණය යොදා ගනිමින් අධිවේගී මාර්ග තුනක් යා කරමින් ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැලණි පාලමේ වැඩ මේ වන ඉදිකිරීම්වලින් සියයට 99.5ක් අවසන් කර ඇතැයි එහි ඉංජිනේරුවෝ පවසා තිබෙනවා.‍ නව කැලණි පාලම උඩු ගුවනින් ලබා ගත් දර්ශන මෙතනින්.

මෙහි විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු පසුගිය 12 වන දා රාත්‍රියේ සිදු කරනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල මෙම ඡායාරූප සංසරණය වූ අවස්ථා මෙලෙසින් සහ මෙලෙසින්. පුවත් වාර්තාවක් මෙතනින්

කිලෝමීටර් 3 ක පමණ දිගකින් යුක්ත නව කැලණි පාලම ව්‍යාපෘතිය හුවමාරු මධ්‍යස්ථාන හා ප්‍රවේශ මාර්ග සහිත මංතීරු 6 කින් සමන්විත වේ.ඒ සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේ (JICA) ණය ආධාර මත හා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහාය මත සිදු කෙරෙනවා. මේ සඳහා රජය අත් කරගෙන ඇති මුළු භූමිය හෙක්ටයාර 12.9ක් වන අතර නව පාලම ක්‍රියාකරනුයේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා කුළුණු මත ඉදිවන මාර්ග ව්‍යාපෘතිවල සම්බන්ධක පාලම ලෙසයි. මේ පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.

මෙම ව්‍යාපෘතිය 2017 වර්ෂයේ ඉදිකිරීම් වැඩ කටයුතු ආරම්භ කළත්, ජපානයේ ජයිකා සමාගම සමග සහන ණය පොලී පදනමක් යටතේ 2017 වසරට පෙර එනම් 2013 වර්ෂයේදී (මහින්ද රාජපක්ෂ මහතා එවකට ජනාධිපති සහ මහාමාර්ග ඇමතිවරයා ලෙස සිටි සමයේ) මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කරනු ලැබූ ව්‍යාපෘතියක්. ඒ සම්බන්ධයෙන් 2014 වර්ෂයේදී පළ වූ news.lk පළ වූ පුවතකද දැක්වූයේ කටුනායක අධිවේගී මාර්ගය, කොටුව අධිවේගී මාර්ගය සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා ඉදි කෙරෙන අධිවේගී මාර්ග යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. 2013 සහ 2014 වර්ෂ වල ඒ බවට පළ වූ වාර්තාව මෙතනින්. Archived Link. තවත් වාර්තාවක් මෙතනින්.

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු දැක්වෙන ඡායාරූප රැගත් 2013 වර්ෂයේ පළ වූ Sunday Times පුවත් වාර්තාවක් පහතින්.

Sundaytimes | Archived Link Newfirst

2014 වර්ෂයේදී JICASriLankaOffice යූ ටියුබ් නාලිකාවේද මේ සම්බන්ධයෙන් පළ කර තිබුණේ මෙලෙසින්.

https://www.youtube.com/watch?v=6hb7Kwuj6PI

2013 වසරේ මෙම ව්‍යපෘතිය සම්බන්ධයෙන් සිදුකර තිබු පාරිසරික බලපෑම් විශ්ලේෂණය (Environmental Impact Analysis) පිළිබඳ වාර්තාව මෙතනින්.

2014 වසරේ මහාමාර්ග අමාත්‍යංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාවේද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දක්වා තිබුණේ, මේ අයුරින්.

Archived Link

2016 වසරේ මහාමාර්ග අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ දැක්වූ සඳහනේ ද මෙම ව්‍යාපෘතියේ 2014 වසරේ ආරම්භ වූ බව මෙසේ සඳහන් වී තිබුණි.

Mohsl

අප මේ සම්බන්ධයෙන් ජයිකා (JICA) ආයතනයේ මාධ්‍ය අංශයේ නිහාල් දැඩිගම මහතාගෙන්ද විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, ව්‍යාපෘතිය සඳහා යෝජනා, සැලසුම් සහ ගිවිසුම සිදුවූයේ යහපාලන ආණ්ඩුව පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බවත්, ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු 2017 වර්ෂයේදී නිල වශයෙන් ආරම්භ කළේ යහපාලන සමයේ බවත්ය.

ඉදි කිරීම් කටයුතු වලට පෙර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවශ්‍ය ඉඩකඩ වෙන් කිරීම සඳහා එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය භූමි ප්‍රමාණය ලබා ගැනීමට ඒ අවට නිවාස ඉවත් කිරීම ගොඩනැගිලි, රාජ්‍ය ආයතන ඉවත් කිරීමට හා ඒ සඳහා විකල්ප නිවාස ගොඩනැගිලි සෑදීම වැනි කටයුතු, තත්ත්ව පරීක්ෂණ වාර්තා, පරිසර වාර්තා, ඇගයීම් වාර්තා, තවත් බොහෝ කටයුතු සැලකිල්ලට ගනිමින් ඒවා නිරාකරණය කරමින් කටයුතු සිදු කළ බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම ආණ්ඩු මාරු වූවත් ව්‍යාපෘතියේ වැඩ අඛණ්ඩව සිදු කෙරුණු අතර ඒ ඒ වකවාණුවල දී පවත්නා රජයන් ඊට සහයෝගය ලබා දී ප්‍රසම්පාදන කටයුතු සිදු කළ බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා. කොවිඩ් ව්‍යසන තත්ත්වය නොවන්නට පසුගිය වර්ෂයේදී නව කැලණි පාලමේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ බවද ඔහු පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පැවසූ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ, කැලණි පාලම ව්‍යාපෘතිය ආරම්භ කළේ, 2013-2014 වර්ෂයේ බවයි. කැලණි නව පාලම නිල වශයෙන් ඉදිකිරීමට පෙර ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කිරීම කළ බවත් එම ව්‍යාපෘතිය අඛණ්ඩව සිදු කෙරෙමින් පැවති බවත් අවුරුදු තුන හතරකින් මෙවැනි ව්‍යාපෘතියක් සිදු කිරීමට නොහැකි බවත්, 2017 වර්ෂයට පෙර සිටම මෙහි සැලසුම් ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා තවදුරටත් පවසා සිටියා.

මේ පිළිබඳව අප නව කැලණි පාලම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා වරලත් ඉංජිනේරු දර්ශිකා ජයසේකර මහත්මියගෙන් විමසීමක් සිදුකළෙමු. සෑම ජාතියක් සෑම ආගමක් දුප්පත් පොහොසත් භේදයකින් තොරව එක් කිරීම සංකේතවත් කරමින් ඉදිවන මෙම නව කැලණි පාලම ව්‍යාපෘතියේ එක් එක් අංග සිදුවූ කාල පරිච්ඡේදයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එතුමිය පවසා සිටියේ මෙම ව්‍යපෘතියේ ශක්‍යතා අධ්‍යයනය ඉහත අප පෙන්වා දුන් පරිදි 2013 වසරේ සිදුවූ බවයි. එසේම JICA ආයතනය සහ ශ්‍රී ලංකා රජය අතර ණය අවබෝධතා ගිවිසුම 2014 මාර්තු මාසයේ දී සිදුවූ බවත් පවසා සිටියා. තවද 2014 වසරේ දී ම මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම සහ නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ වූ බවත් සවිස්තරාත්මක නිර්මාණය සැලසුම් 2014 වසරේ අග භාගයේ සිට සිදුවූ බවත් පවසා සිටියා. ඉන් අනතුරුව 2016 වසරේදී ටෙන්ඩර් ක්‍රියාවලිය සිදුවෙමින් ඉදිකිරීම් කටයුතු 2017 වසරේ දී ආරම්භ වූ බව තහවුරු කර සිටියා. ඉදිකිරීම් 2017 වසරේ දී ආරම්භ වූ බවට මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේ ද මෙසේ සඳහන් වී තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව පෙන්වා දිය හැක්කේ “2017 වර්ෂයේ ආරම්භ කළ නව කැලණි පාලමේ වැඩ අවසන්” යන තේමාවෙන් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන් මඟින් පෙන්වා දුන් පරිදි නව කැලණි පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2017 වසරේ දී ආරම්භ කළ බව සත්‍යක් නමුත් එම ව්‍යාපෘතියේ ආරම්භය සිදුවී ඇත්තේ 2014 වසරේ දී බවයි.

2013 වර්ෂයේදී එවකට ජනාධිපති සහ මහාමාර්ග ඇමතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ සමයේ මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කර තිබු අතර JICA සමාගම සමග ගිවිසුම් අත්සන් කර සැලසුම් නිර්මාණ කටයුතු 2014 වසරේ දී සිදුවී තිබුණි. එසේම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් පවරා ගැනීම සහ නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ වී තිබුනේ ද යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර සමයේ සිට බව ව්‍යාපෘති අධ්‍යක්ෂිකාව ද තහවුරු කර සිටියා. යහපාලන ආණ්ඩුව පැවති සමයේද, එහි ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කර ඉදිරියට ගෙන යනු ලැබීය.

සියලු ජාතීන් සහ ආගම් අතර ඒකීයත්ව සංකේතවත් කරමින් ඉදිවන මෙම නව කැලණි පාලම් ව්‍යාපෘතියේ අවසානය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපේක්ෂිත කාලයට වඩා කල් ගත වී තිබුණ ද නුදුරු දිනයක දී ජනසතු කිරීමට සුදානම් වෙමි පවතියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News