FACT CHECK: දුම්රි ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේ වරදට අවුරුදු 7ක සිර දඬුවමක්?

Update: 2021-09-16 16:14 GMT

පෙබරවාරි මස 4 වන දාට යෙදෙන නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව ලබා දීම ලංකාවේ වාර්ෂිකව සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට මේ ආකාරයට නිදහස හිමි වේ. එවන් නිදහස් දිනක ජනපති සමාව ලැබුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් පළව තිබූ කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අපගේ අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

බන්ධනාගාර නිලධාරීන්ට ආචාර කරමින්, නිදහස්ව යන වියපත් සිරකරුවෙකුගේ සේයාරුවක් සහිතව “පුතා පලංචියෙන් වැටිලා, හදිසියේම කොළඹ එන්න කෝච්චියට නැග්ගා. ටිකට් නැතුවම. චෙක් කරනකොට අහුවෙලා උසාවි දැම්මා. රු 2500 දඩේ ගෙවා ගන්න බැරුව අවුරුදු හතක් කූඩුවේ හිටියා. නිදහස හරිම සුන්දරයි මහත්තයෝ” යන වදන් පෙළක් සමඟින් ඉදිරිපත් කර තිබූ ඡායාරූපයක්, ෆේස්බුක් පරිශීලකයින් අතර පසුගිය වසරේ සිට සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේ මෙලෙසින්.

Facebook | Archived Facebook | Archived Facebook | Archived

මෙම සටහන පසුගිය පෙබරවාරි මස නිදහස් දිනයට ආසන්න කාලයේදී නැවත වරක් බොහෝ සංසරණය වී තිබ අදටත් බොහෝ දෙනා හුවමාරු කරගන්නා මෙවැනි සටහන් පෙළක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත සටහන් වලට පාදක වී තිබූ ඡායාරූපය සම්බන්ධයෙන් අපගේ අවධානය ප්‍රථමයෙන් යොමු කළ අතර එම ඡායාරූපය Krishan Kariyawasam නමැති ඡායාරූප ශිල්පියෙක් විසින් 2015 වර්ෂයේදී පෙබරවාරි 4 වන නිදහස් දින ලබා ගත් ඡායාරූපයක් බවට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්.

Archived Link

අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමක් කළ අතර ඔහු තහවුරු කළේ, මෙම ඡායාරූපය 2015 වර්ෂයේදී නිදහස් දින වැලිකඩ බන්ධනාගාරයේදී ජනපති පොදු සමාව හිමි වූ බන්ධනාගාර රැඳවියන් නිදහස ලැබ පිටවී යන අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි.

2015 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය අනුව 67 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිර දඬුවම් ලබා සිටින කාණ්ඩ 03කට අයත් රැඳවුවන්ට සමාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ බවට පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.

කෙසේවෙතත්, දුම්රිය ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කර අසුවීමේදී ඊට අදාළ දඩය නොගෙවීමට හැකියාවක් නොමැති අවස්ථාවලදී වසර 7 ක වැනි දීර්ඝ සිරදඬුවමකට ලක් කරනවාද යන්න විමසීමට අප බන්ධනාගාර දෙපාර්තම්න්තුවේ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි. උඩුවර මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. ඒ මහතා සඳහන් කළේ, දුම්රිය ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් චූදිතයෙකුට දඩයක් නියම කළ විට, එම දඩය ගෙවීමට අපොහොසත් වී යම්හෙයකින් හෝ බන්ධනාගාර ගත කළත් එම කාලය මාස 3ක් හෝ 6 ක් වැනි උපරිම කාලයකට සිර දඬුවමට යටත් වන බවයි.

අප මේ සම්බන්ධයෙන් දුම්රිය නියාමකවරයෙක්ගෙන්ද විමසා බැලූ අතර ඒ මහතා සඳහන් කළේ, දුම්රිය ප්‍රවේශපත්‍රයක් නොගෙන දුම්රියේ ගමන් කර හසුවූ අවස්ථාවක දී අදාළ පාර්ශවයන් රු.3500ක දඩයකට යටත් වන අතර ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට ද සිදුවන බවයි. දඩය ගෙවීමට ඒ අවස්ථාවේදී අපොහොසත් වුවහොත් රැඳවුම් භාරයකට යටත්ව එම තැනැත්තා නිදහස් කරනු ලබන අතර පසුව එම දඩය ගෙවීමෙන් පසු රැඳවුම් භාරය නිදහස් කරන බවත් ඒ මහතා පැහැදිලි කර සිටියා. එසේම ඇතැම් අවස්ථාවන් වල මානූෂීය හේතුන් මත දඩය නොගෙවා ද නිදහස් කරන බවද සඳහන් කළා. හිටපු බන්ධනාගාර සාමාන්‍යාධිකාරී තුමාගෙන් ද අප මේ පිලිබඳ විමසීමේ දී පවසා සිටියේ එම අවධියේ ද මේ ආකාරයේ සුළු දඩ මුදලක් නියම කල බවත් ඒ සම්බන්ධයෙන් සිරගත වූ අවස්ථා යම්හෙයකින් හෝ සිදුවුනි නම් ඉතා විරල අවස්ථාවක් විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අප නීතිඥවරයෙකුගෙන්ද විමසීමක් කරනු ලැබූ අතර එ් මහතා සඳහන් කළේ, ප්‍රවේශපත්‍ර යක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමේදී දඩය ගෙවීමට මුදල් නොමැතිනම් ස්ථානීය දඩයකට යටත් වන අතර ඒ අනුව රු.3500ක දඩයක් සහ ගමන් වාර ගාස්තුව මෙන් දෙගුණයක් ද ගෙවිය යුතු බවයි. එම අවස්ථාවේ මුදල් නොමැති නම් බැඳුම්කරයක් ඉදිරිපත් කර නියමිත කාල පරිච්ඡේදය තුළදී දඩය ගෙවා බැඳුම්කරය නිදහස් කළ හැකි බවයි. එලෙස නොගෙවන්නේ නම් අධිකරණයට ඉදිරිපත් කර අවුරුද්දට නොවැඩි සිර දඬුවමකට යටත් කරන අතර එම කාලය තුළදී ඕනෑම අවස්ථාවක නියමිත දඩය ගෙවා බන්ධනාගාරයෙන් පිටත් විය හැකි බවත් නැතිනම් අදාළ සිරදඬුවම් කාලය නිමවීමෙන් පසු පිටත් විය හැකි බවයි සඳහන් කළේ.

ඉහත ෆේස්බුක් සටහන් සඳහා පාදක වී ඇති බවට අනුමාන කළ හැකි තවත් ෆේස්බුක් සටහනක් අපට හමු වූ අතර එහි මෙම සේයාරුව යොදාගෙන නිර්මාණය කර තිබූ නිසඳසක් මෙලෙස නොමග යෑමට හේතුවී ඇති බවට අනුමාන කළ හැක.

මෙහිදීද රුපියල් 2500ක දඩයක් ගෙවීමට නොහැකි වූ මහලු පුද්ගලයෙකුට වසර 7ක් හිරේ යාමට වූ සිදුවීමක් විස්තර කර ඇත. එම සටහන පහතින්.

Facebook | Archived

කෙසේ නමුත් මෙම නිසදැසේ අවසානයට නම් ගම් සහ සිදුවීම මනංකල්පිත නිර්මාණයක් බවට සඳහන් කර ඇත. මෙම සටහන, ඉහත පරිදි සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වීමට හේතුවූවා විය හැකියි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ඉහත කරුණු පරීක්ෂාව අනුව පෙන්වා දිය හැක්කේ, සමාජ මාධ්‍ය ඔස්සේ කාලයක් තිස්සේ සංසරණය වු ඉහත සටහනේ දැක්වෙන පරිදි දුම්රි ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේදී. රු 2500 යටත් වූ දඩේ ගෙවා ගැනීමට නොහැකිව අවුරුදු 7ක සිර දඬුවමකට ලක් වූ බවට සඳහන් සටහන් ව්‍යාජ සහ නොමඟ යවන සුළු බවයි. එවන් වරදකට උපරිම මාස 3ක, 6ක වැනි සිරදඬුවමකට යටත් වූවත් අවුරුදු 7ක් දක්වා සිරදඬුවමක් කිසිසේත්ම ලබා නොදෙන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තහවුරු කළා. එමෙන්ම ඉහත සටහන් නිර්මාණය වීමට එම ඡායාරූපය ඔස්සේ මනංකල්පිත ලෙස නිර්මාණය වූ නිසඳසක් පාදක වූ බව අනුමාන කළ හැක.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දුම්රි ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේ වරදට අවුරුදු 7ක සිර දඬුවමක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News