FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා වල ‘නම්’ සඳහන් වූ ශ්‍රී ලාංකිකයින් බවට හුවමාරු වන්නේ සත්‍ය නම් ලැයිස්තුවක් ද?

Update: 2021-10-12 13:37 GMT

පසුගියදා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා. මෙහි ලාංකික යුවලකගේ ද නම් සඳහන් වී තිබීමත් සමඟම පැන්ඩෝරා ලේඛන පිළිබඳ මෙරට ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා.

මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයේ බොහෝ දෙනා හඳුනන මෙන්ම දේශපාලනයට සම්බන්ධ විවිධ පුද්ගලයින්ගේ නම් ද ඇතුළත් සටහන් පෙළක් හුවමාරු වී තිබූ අතර එමඟින් අදහස් කර තිබුණේ මෙකී පුද්ගලයින්ගේ නම් ද පැන්ඩෝරා පත්‍රිකා තුළ ඇතුළත් බවයි. ඒ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසුම පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මූල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පහතින්.

ෆැන්ඩොරා පත්‍රිකා වල නම සඳහන්

ශ්‍රී ලාංකිකයන්______

(උපුටා ගැනීමකි)

නිරූපමා රාජපක්ෂ (සැමියාගේ නමින්)

අර්ජුන් අලෝසියස්

රවී කරුණානායක

දි.මු. ජයරත්න

සජින් වාස් ගුණවර්ධන

බඩී වෙත්තසිංහ

සිරිසේන කුරේ

ඩඩ්ලි සිරිසේන

රොහාන් පල්ලෙවත්ත

සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත (මාකඳුරේ මධූෂ්)

ගම්පොළ විදානේලාගෙ සමන් කුමාර

(වෙලේ සුදා)

බිමල් රත්නායක

*ක්‍රිෂ්මාල් වර්ණසූරිය (නීතීඥ)*

අනෝමා ගමගේ (දයා සමූහ ව්‍යාපාරය)

රවුෆ් හකීම්

ඒ. එච්. එම්. ෆවුසි

විජයකලා මහේෂ්වරන්

අලී සහීර් මවුලානා

එස්. බී. නාවින්න

කරුණාරත්න පරණවිතාන

වේලුසාමි රාධාක්‍රිෂ්ණන්

සමදරා රණතුංග

හේමා ප්‍රේමදාස

මලික් සමරවික්‍රම

සුජාතා සේනාරත්න

කාවන් පෙරේරා

රොහාන් පෙරේරා

මාවෙයි සේනාධිරාජා

එස්. යෝගේශ්වරන්

අජිත් දේවසුරේන්ද්‍ර

අර්. රාජමහේන්ද්‍රන්

ජය ශ්‍රී රංගා

( Srimal Pathiraja face book පිටුවෙන්.❤🙏)

දේශපාලනය තිත්ත වෙන්න මීට වඩා දෙයක් තවත් නැත,බලමු සාධාරණව උපයන JVP අය මොකද කියන්නෙ කියලා.

දැන් පැන්ඩෝරා පේපර් බොරුවක් වේවි,😁

This only 35 names, totally 93 names, we are waiting for the balance names soon

Facebook | Archived Link

WhatsApp පණිවිඩයක් ඔස්සේ ද, මෙම සටහන බහුලව සංසරණය වුණේ මෙලෙසින්. එහි නම් 32ක් සඳහන් වී තිබුණි.

එමෙන්ම මේ තේමාවෙන්ම හුවමාරු වූ තවත් සටහනකින් ශ්‍රී ලාංකිකයින් 57 දෙනෙකුගේ නම් පැන්ඩෝරා පත්‍රිකා වල සඳහන් යන තේමාවෙන් නම් ලැයිස්තුවක් මෙසේ එකතු කර තිබුණි.

Facebook | Archived Link

එමෙන්ම lankalives.com වෙබ් වාර්තාවේද මෙවැනි සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්. Archived Link

එමෙන්ම ඇතැම් සමාජ මාධ්‍ය සටහන් සහ ඇතැම් වෙබ් අඩවි විසින්ද වාර්තා කර තිබුණේ, පැන්ඩෝරා ලේඛන වලට අදාළ තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු පිළිබඳව හෙළි කර ඇති බවයි.

දිවයින ඉරිදා සංග්‍රහයේද (ඔක්තෝම්බර් 10) මේ බවට වාර්තා කර තිබුණා.

Divaina | Archived Link

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සටහන් කිහිපයක් පහතින්.

මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පසුගියදා හෙළි කර පැන්ඩෝරා ලේඛන හෙළිදරව්වෙන් වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300කට වැඩි පිරිසකගේ තොරතුරු අනාවරණය වූ අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ගේ නමත් සඳහන් වුණා.

කෙසේ වෙතත් ඉහත පරිදි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල සහ ඇතැම් වෙබ් අඩවි වල පළ කර තිබුණේ, පැන්ඩෝරා ලේඛන වලට අදාළ තවත් ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙකුගේ නම් ද ඉදිරිපත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අප ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකතුව (ICIJ) වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් ඇති දත්ත නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ එහි සඳහන් ව ඇත්තේ, ICIJ විසින් මීට පෙර වර්ෂයේදී ධනවතුන් තමන්ගේ වත්කම් සඟවා තබා ගැනීමට සහ සිය රටවලදී ගෙවිය යුතු ආදායම් බදුවලින් රිංගා යාමට රහසිගතව කටයුතු කර තිබෙන බවට තොරතුරු හෙළි කළ පැනමා පත්‍රිකා , බහාමාස් හි ලියාපදිංචි අක්වෙරළ සමාගම් සම්බන්ධ පත්‍රිකා, පැරඩයිස් - Appleby සමාගමෙන් හෙළි වූ අක්වෙරළ පත්‍රිකා සහ මෝල්ටා පැරඩයිස් පත්‍රිකා වල එකතුවක් බවයි. එම පිටුව මෙතනින්.

ඒ අනුව 2015 වර්ෂය වන තෙක් ලබා ගත් දත්ත මත 2016 වර්ෂයේ හෙළි කළ පැනමා පත්‍රිකාවල සඳහන් වූයේ ශ්‍රී ලාංකිකයන් විසි දෙදෙනාගේ (22) නම් පහතින්.

offshoreleaks.icij.org | Archived Link

2016 වර්ෂයේ පැනමා පත්‍රිකා හෙළිකර මාස 5 කට පමණ පසුව ICIJ විසින් 1990 සහ 2016 අතර කාලය තුළ ලියාපදිංචි වූ බහාමියානු සමාගම් 175,000 කට අධික සංඛ්‍යාවකට සම්බන්ධ දේශපාලනඥයින්ගේ සහ වෙනත් අයගේ නම් පිළිබඳ හෙළි කළ අතර ඒ සම්බන්ධයෙන් දැක්වෙන ICIJ වාර්තාව මෙතනින්.

එම ගොණුවේද ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු නම් සඳහන් වී තිබුණේ මෙලෙසින්.

offshoreleaks.icij.org | Archived Link

2017 වර්ෂයේදි බර්මියුඩියාවේ අක්වෙරළ නීති සමාගමක් වන Appleby විසින් හෙළි කරන ලද ජාතික නායකයින්, ධනවත් පුද්ගලයින් සහ සමාගම් සිදුකළ අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැරඩයිස් ලේඛන වලද ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු ඇතළත් වී තිබුණා.

offshoreleaks.icij.org | Archived Link

2018 වර්ෂයේ අනාවරණය කළ පැරඩයිස් ලේඛන වල නව දත්ත මඟින් 85,000 කට වැඩි මෝල්ටාවේ ලියාපදිංචි සමාගම් සහ මේ සම්බන්ධ නිලධාරීන් 110,000 කට වැඩි සංඛ්‍යාවක් අනාවරණය කළා. ඒ පිළිබඳ තොරතුරු මෙතනින්.

මේ පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සිටින බවට ICIJ පෙන්වා දෙනවා.

offshoreleaks.icij.org | Archived Link

ඒ අනුව මෙහි දැක්වෙන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් 2016 වර්ෂයේ සිට 2018 වර්ෂයන් වලදී හෙළි කරන ලද ඉහත සඳහන් කළ පැනමා පත්‍රිකා වල සඳහන් වූ නම් පමණි. ඒ අනුව අක්වෙරළ ආයතන 03 කුත්, නිලධාරීන් 93 දෙනෙක්, අතරමැදියන් 07 දෙනෙක් සහ ඊට සම්බන්ධ ලිපිනයන් 58 ක් දක්වා තිබුණේ මේ අයුරින්. 

එසේම සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන්නේ පැන්ඩෝරා පත්‍රිකාවේ සඳහන් නම් යනුවනේ වුවද ICIJ විසින් හෙළිකරන ලද නම් ද (උදා : ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම හෝ ඇයගේ සැමියාගේ වන තිරුකුමාර් නඩේසන් මහතා) මෙතෙක් (ඔක්තෝබර් 12 වන තෙක්) මෙම වර්ගීකරණය සඳහා එකතු කර නොතිබුණි.

නමුත් ඉහත ඇතැම් සටහන් වල පෙන්වා දී තිබූ පරිදි නිශ්ශංක සේනාධිපති ඇතුළු ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුගේ නම් ICIJ වර්ගීකරණයේ ඇතුළත් වී තිබුණ ද ඒ අප පෙන්වා දී තිබෙන ICIJ විසින් පසුගිය වසර කිහිපයක කාලය තුලදී විටින් විට පළ කරන ලද පැනමා පත්‍රිකා, බහමාස් පත්‍රිකා, පැරඩයිස් පත්‍රිකා යනාදියෙහිය.

එසේම සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබූ නම් 32කින් යුත් පළමු ලැයිස්තුවේ නම් සහ නම් 57කින් යුත් දෙවන ලැයිස්තුවේ නම් ද අප ICIJ වෙබ් අඩවියේ පරීක්ෂා කළ අතර නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම හැර අනෙක් එකී නම් ද එම වෙබ් අඩවියේ සඳහන් වී නොතිබුණි. පැනමා පත්‍රිකා, බහමාස් පත්‍රිකා, පැරඩයිස් පත්‍රිකා යනාදියෙහි සත්‍ය වශයෙන්ම ඇතුළත් ශ්‍රී ලාංකිකයින් 93 දෙනාගේ නම් සමඟ ද මෙකි නම් සැසඳෙන්නේ නැත.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නම් ලැයිස්තුව සම්බන්ධයෙන් අප ICIJ ආයතනයට ඊමේල් පණිවුඩයක් ඔස්සේ (ඔක්තෝබර් 11) වන දින විමසා සිටිය ද මේ දක්වා ඒ සඳහා පිළිතුරක් ලැබුනේ නැත. එසේ පිළිතුරක් ලැබීමෙන් පසුව හෝ ICIJ විසින් ඉදිරියේ දී පැන්ඩෝරා පත්‍රිකා සඳහා වෙනත් ලාංකිකයින්ගේ නම් ඇතුළත් කළහොත් හෝ අප එම කරුණු මෙහි යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

එසේම පැන්ඩෝරා ලේඛනයෙන් මෙතෙක් හෙළි කළ දේශපාලනඥයන්ගෙන් ලාංකිකයන් සිටින්නේ දෙදෙනෙක් බවට දැක්වුණු සිතියම් සටහන පහතින්.

ICIG | Archived Link

එමෙන්ම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සටහන් වල ජවිපෙ සභික බිමල් රත්නායක මහතාගේ නම ද සඳහන් කර තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ මෙය අසත්‍යක් බවට පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (ICIJ) මගින් මීට දින කිහිපයකට පෙර හෙළිදරව් කළ පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් රහස්‍ය මූල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නාම ලැයිස්තුවක් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල (නම් 32ක සහ නම් 57ක ලැයිස්තුවල) දැක්වෙන නම් අතරින් ඉහලින්ම දක්වා තිබෙන නිරූපමා රාජපක්ෂ (සැමියාගේ නමින්) යන්න හැරුණු කොට අනෙකුත් නම් කිසිවක් මේ දක්වා පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වන්නේ නැති බවයි.

පැන්ඩෝරා පත්‍රිකා මගින් මේ වන විට හෙළිකර ඇති ශ්‍රී ලාංකිකයන් වන්නේ, මෙරට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වූ නිරූපමා රාජපක්ෂගේ සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේශන්ගේ නම් පමණයි. මීට පෙර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් හෙළිකළ පැනමා පත්‍රිකා , බහාමාස් හි ලියාපදිංචි අක්වෙරළ සමාගම් සම්බන්ධ පත්‍රිකා, පැරඩයිස් පත්‍රිකා සහ මෝල්ටා පැරඩයිස් පත්‍රිකා වල, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වුණු පරිදි ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් වාර්තා වී තිබුණා. නමුත් එම නම් 93 අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන නම් 32 ක් සහ 57ක් ලෙස දැක්වෙන නම් සඳහන් වන්නේ නැත.

Also Read:

FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා පළ කරන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බව බැසිල් පැවසුවාද?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පැන්ඩෝරා පත්‍රිකා වල ‘නම්’ සඳහන් වූ ශ්‍රී ලාංකිකයින් බවට හුවමාරු වන්නේ සත්‍ය නම් ලැයිස්තුවක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News