FACT CHECK:රොබන් දූපතේ සිරගතව සිටි මැන්ඩෙලාගේ හිසට මුත්‍රා කරමින් වද දුන් බන්ධනාගාර නිලධාරියෙකුට ජනාධිපතිධූරයට පත් මැන්ඩෙලා සමග දිවා ආහාරයක් ගැනීමට අවස්ථාවක් ?

Update: 2021-12-14 07:49 GMT

ලොව සුපතල පුද්ගලයන් සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා නොයෙකුත් පුවත් සමාජයේ මැවෙන අතර තවත් පිරිසක් විසින් අසත්‍ය වැපිරීමට සහ හිතලූවක් සමාජගත කිරීම සඳහා නොයෙකුත් සිදුවීම් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වේබ් අඩවි වලද සඳහන් කරයි. සුප්‍රසිද්ධ නෙල්සන් මැන්ඩෙලා සම්බන්ධයෙන් එලෙස මූලාරම්භයක් නොමැති කිසිදු පැහැදිලි නිල සාක්ෂියක් නොමැති සිදුවීමක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ මම ජනාධිපති උනාට පස්සේ දවසක් මම මගේ ළගම හිතවත් ආරක්ෂකයින් කීපදෙනෙක් එක්ක නගරයේ ඇවිදින්න ගියා. උදේ වරුවේ ඉදන් ටිකක් වැඩිපුර නගරයේ ඇවිදලා හිටපු නිසා මහන්සිය නිවාගන්නත් එක්ක කොහේහරි අවන්හලකින් දහවල් ආහාරය ගමු කියලා මම මගේ ආරක්ෂකයින්ට යෝජනා කළා. අපි නගරය මධ්‍යයේ තිබුණු එක්තරා අවන්හලකට ගොඩවෙලා අපට අවශ්‍ය කරන ආහාර ඇණවුම් කලා. ටික වෙලාවක් යනකොට වේටර්වරයා විසින් අපගේ ඇණවුම ගෙන එනු ලැබුවා...

අපි අපේ කෑම කන්න ලෑස්ති වෙනකොටම මම දැක්කා මගේ ඉදිරිපස මේසයේ මා ඉදිරියෙන්ම මිනිසෙක් තමා ඇණවුම් කළ ආහාර එනකම් බලාගෙන ඉන්නවා. මම මගේ ආරක්ෂකයෙක් ගෙන්නලා අර මනුස්සයාව පෙන්නලා එයාගේ කෑම එක ආවාම ඒක අරගෙන ඇවිත් අපිත් එක්ක කෑමට සම්බන්ධ වන්න කියලා ඔහුට ආරාධනා කරන ලෙස ඉල්ලා සිටියා. ආරක්ෂකයා ගොස් ඔහුගෙන් එම ඉල්ලීම කළා...

ටික වේලාවකින් ඔහු ඇණවුම් කරන ලද කෑම එක ඔහුට ලැබුණා. ඔහු එයත් රැගෙන ඇවිත් මා ඉදිරි පිටින් අසුන්ගත්තා. කිසිම කතාවක් නොමැතිව අපි සැමදෙනාම එකට ආහාර ගත්තා. ආහාර ගැනීමෙන් පසු අර මනුස්සයා මුකුත්ම නොකියා එතනින් පිටවෙලා ගියා... හැමදෙනාම එකට ආහාර ගන්නා වෙලාවේ ඒ මනුස්සයාගේ එක දෙයක් ගැන අපි සැළකිලිමත් උනා. ඔහු කෑම එක රැගෙන මා ඉදිරියේ වාඩිවුනු වේලාවේ ඉදලා කෑම කාලා අවසන්වී මෙතනින් පිටවෙන තෙක්ම ඔහුගේ දෙඅත් වෙව්ලමින් තිබුණා...

ඔහු පිටවගිය පසු මගේ ප්‍රධාන ආරක්ෂකයා මගෙන් මෙහෙම අහනවා...

" සර්... ඒ මනුස්සයා මොකක් හරි අසනීපයකින් ඉන්නවා වගේ නේද..? කෑම කන මුළු වෙලාවෙම එයාගේ අත්දෙක වෙව්ලනවා අපි දැක්කා..."

" නෑ... ඒ මනුස්සයට කිසිම අසනීපයක් නෑ... ඒ මනුස්සයා කවුද කියලා දන්නවද..?

ඒ මනුස්සයා තමයි මම බන්ධනාගාර ගතවෙලා ඉන්නකොට මාව බලාගන්න බාරවෙලා හිටිය ආරක්ෂකයා... මාව හැමදාම වගේ වධකාගාරයට අරන් ගිහිල්ලා ගහලා, වද දීලා ආපහු හිර කුටියට ගෙනත් දැම්මාම මම වේදනාවෙන් කෑගහනවා... වේදනාවන් ඉවසගෙනම මම හැමදාම මෙයාගෙන් වතුර ටිකක් ඉල්ලනවා බොන්න... මම වතුර ඉල්ලුවම මෙයා හිනා වෙවී අවිත් වැටිලා ඉන්න මගේ ඔළුවට මුත්‍රා කරනවා..."

" ඔහු දන්නවා මම දැන් මේ රටේ ජනාධිපති කියලා... මම මෙතනට ඔහුට එන්න කිව්වාම ඔහු බයවෙන්න ඇති... මට ඔහු සලකපු ආකාරයටම මමත් ඔහුට සළකයි කියලා ඔහු හිතන්න ඇති... මගේ බලය පාවිච්චි කරලා ඔහුව සිරගත කරලා මට කළා වගේම ඔහුටත් වධහිංසා කරයි කියලා ඔහු හිතන්න ඇති... ඒකයි ඔහු බයෙන් වෙව්ලන්න පටන් ගත්තේ..."

" නමුත් මම ඒ වගේ මිනිහෙක් නෙවෙයි... පළිගැනීම මගේ අචාර ධර්මවලට අයත් කොටසක් නෙවෙයි..."

" පළිගැනීමේ මානසිකත්වය රාජ්‍යයන් විනාශ කරනවා..."

" ඉවසීමේ මානසිකත්වය රටක ජාතීන් ගොඩනංවන්න හේතු වෙනවා..."

නෙල්සන් මැන්ඩෙලා...

හිටපු ප්‍රථම කළු ජාතික දකුණු අප්‍රිකානු ජනාධිපති

(1994 - 1999)

උපුටා ගැනීමකි..”

Facebook | Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

සත්‍ය වශයෙන්ම මෙවන් සිදුවීමක් වූවාද යන්න සහ සත්‍ය වශයෙන්ම මෙවන් සිදුවීමක් සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීමකින් පත්වුණ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන්නේ, නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලායි. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය. දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට ‍එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳු විය. වර්ණභේද යටතේ අවසාන දක්වාම මැන්ඩෙලා අතීත විරුද්ධවාදීන්ගේ පවා පැසසුමට පුළුල් ලෙස භාජනය විය. දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහ‍ු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි සිදුවීමක් ජාත්‍යන්තර වෙබ් අඩවි වල මෙලෙසින් සහ මෙලෙසින් වාර්තා කර තිබුණද මෙම සිදුවීම සිදුවූයේ කවදාද, කුමන අවස්ථාවේ, කුමන අවන්හලකද වැනි කරුණු ගැන දක්වා නොතිබුණි. Archived Link | Archived Link

ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් 3,000 කට අධික පිරිසක් පවසන ලද වාක්‍ය ඛණ්ඩයන් සම්බන්ධයෙන් දක්වා ඇති Oxford Essential Quotations දත්ත ගබඩාවේද අප නෙල්සන් මැන්ඩෙලා විසින් මෙවන් සිදුවීමක් ප්‍රකාශ කළ බවට දක්වා තිබුණාද යන්න නිරීක්ෂණය කරනු ලැබුවා. නෙල්සන් මැන්ඩලා විසින් පැවසූ ප්‍රසිද්ධ වාක්‍ය ඛණ්ඩ එහි දක්වා තිබුණේ මෙලෙසින්. Archived Link. නමුත් මෙහිදීද එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් දක්වා නොතිබුණි.

ඉන් අනතුරුව අප්‍රිකානු රජයේ ප්‍රවෘත්ති ඒජන්සියේ මැන්ඩෙලාගේ උපුටා දැක්වීම් එකතුවෙන්ද ඒ පිළිබඳව අප නිරීක්ෂණය කරනු ලැබුවේ මෙලෙසින්. Archived Link එහිදීද මෙවන් සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සඳහන් නොවුණි.

නෙල්සන් මැන්ඩෙලා පදනමේ වෙබ් අඩවියද පිරික්සීමේදී ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් දක්වා ඇති කොටසේ මෙම සිදුවීම පිළිබඳ දක්වා නොතිබුණි. එම වෙබ් පිටුව මෙතනින්. Archived Link

කෙසේ වෙතත් 27 වසරක සිර දඬුවමක් විඳි මැන්ඩෙලා ඉන් වැඩි කාලයක් රොබන් අයිලන්ඩ් නැතහොත් රොබන් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණු වී තිබුණා. මෙලෙස සිරගත කළ වසරවල් සම්බන්ධයෙන් ඔහුගේම වචන වලින් යනුවෙන් සඳහන් කළ නෙල්සන් මැන්ඩෙලා පදනම මගින් දක්වා තිබූ කරුණු වලද මෙලෙස ඔහුගේ හිසට බන්ධනාගාර බලධාරීන් විසින් මුත්‍රා කළ බවක් දක්වා නොතිබුණි. එම තොරතුරු මෙතනින්.

නඩු විභාග සහ බන්ධනාගාර කාල නිර්ණයන් මෙතනින්. Archived Link.

Africa Check නමැති කරුණු විමර්ශන කණ්ඩායම විසින් නෙල්සන් මැන්ඩෙලා පදනමේ ලේඛනාගාරය සහ පර්යේෂණ අධ්‍යක්ෂ Razia Saleh සම්බන්ධයෙන් විමසීමක් කළ බවත්, ඇය සඳහන් කර ඇත්තේ, නෙල්සන් මැන්ඩෙලා සිරගෙදරදී තමා කිසිවිටෙක ශාරීරික වධ හිංසාවලට ලක් නොවූ බවට පවසා නෙල්සන් මැන්ඩෙලා විසින් පවසා ඇති බවයි. තවද කිසිවිටෙකත් පාලිකාවක් හෝ වෙනත් අයෙකු විසින් බන්ධනාගාරය තුළ ඔහු වෙතට මුත්‍රා කර නොමැති බවයි. එම විමර්ශන වාර්තාව මෙතනින්. Archived Link

කෙසේ වෙතත් මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අපි ජොහැන්නස්බර්ග්හි නෙල්සන් මැන්ඩෙලා පදනමෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු ලැබුණු පසු මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසින් සිරදඬුවම් විදි කාලයේදී බන්ධනාගාර නිලධාරියෙකු විසින් සිය හිසට මුත්‍රා කළ බවත්, තමන් ජනාධිපති ධුරය හෙබවීමෙන් පසු එම නිලධාරියා අහම්බෙන් අවන්හලකදී හමුවූ පසු නෙල්සෙන් මැන්ඩෙලා සමගින් දිවා ආහාරය ගැනීමට එකම මේසයක ට ආරාධන කිරීම සම්බන්ධයෙන් පුවත නොමග යවන සුළු බවයි. ඒ බවට පැහැදිලි නිල සාක්ෂයක් නොමැති අතර ජොහැන්නස්බර්ග්හි නෙල්සන් මැන්ඩෙලා පදනම විසින්ද මෙම ප්‍රකාශය අසත්‍ය බවට ප්‍රකාශ කර තිබෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රොබන් දූපතේ සිරගතව සිටි මැන්ඩෙලාගේ හිසට මුත්‍රා කරමින් වද දුන් බන්ධනාගාර නිලධාරියෙකුට ජනාධිපතිධූරයට පත් මැන්ඩෙලා සමග දිවා ආහාරයක් ගැනීමට අවස්ථාවක් ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News