නුගේගොඩ ගුවන් පාලම යට තැනූ ගවලෙනක් ද?

Update: 2022-01-10 12:07 GMT

2020 වසරේ පටන් විටෙන් විට නත්තල් මාසය එළැඹීමත් සමග ෆේස්බුක් සමාජ ජලා හරහා හුවමාරු වන මෙරට ඡායාරූපයක් ලෙස හඳුන්වා දුන් ඡායාරූපයක් පිළිබඳ අප කරන ලද විමසුමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

"ජේසු තුමා උපන්නෙත් ගව ලෙනකයි..

ඉතින් නත්තල දුගියාගෙත් නත්තලයි.. මේ නුගේගොඩ පාලම යට ❤🖤"

ලෙස සඳහන් කරමින් ඡායාරූපයක් 2020 වසරේ දෙසැම්බර් මස එකතු කර ඇති ආකාරය දැකගන්නට ලැබුනා.

Facebook | Archived

එම සටහනත් සමග එක් කර තිබුනු ඡායාරූපයේ ගවලෙනක් සාදා ඇති ආකාරය දර්ශනය වන අතර මෙම ස්ථානය ගුවන් පාලමක් යට බව පෙනෙන්නට තිබෙනවා. කෙසේ නමුත් මෙම ෆේස්බුක් සටහනේ පරිදි එම ස්ථානය නුගේගොඩ ගුවන් පාලමද යන්න පිළිබඳව සොයා බලන්නට අපකටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව මෙය බ්‍රසීලයේ පිහිටි ගුවන් පාලමක් යට සකස් කල ගව ලෙනක් බවට අපට අනාවරණය වුණා.

ESTADAO නම් බ්‍රසීල් පුවත්පතක මෙම ඡායාරූපය මුල්පිටුවේ පළව ඇති අයුරුත් ෆේස්බුක් තුළ හුවමාරු වන ඡායරූපයේ ස්ථානයට සමාන ස්ථානයක් බව අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

pressreader.com | Archived

2021 වසරේදීද මෙම ඡායාරූපය බ්රසීල වෙබ් අඩවියක පළව ඇත්තේ පහත ආකාරයෙන්.

jornalistaslivres.org | Archived

එසේම ෆේස්බුක් තුළ හුවමාරු වන ඡායාරූපය පිළිබඳව විමසිල්ලෙන් නිරීක්ශනය කලොත් එම ඡායාරූපයේ දෙපස ඇති ගොඩනැගිලි නුගේගොඩ ගුවන් පාලම අවට ඇති ගොඩනැගිලි වලට සමාන නොවන බව අපට පෙනී යයි.

බ්‍රසීලයේ මෙම ස්ථානය පිළිබඳවද අප සොයා බැලීමක් කළ අතර එම ස්ථානයේ GoogleMap හි විස්තර අපට සොයා ගැනීමට හැකි වුණා. එම ස්ථානය මෙතනින්.

එම සිතියම් විස්තරයට අනුව මෙම ඡායාරූපයේ පවතින ගොඩනැගිලි වලට සමාන ස්ථාන මෙහි අපට පැහැදිලිව දක්නට ලැබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නුගේගොඩ පාලම බවට සඳහන් වූ ඡායාරූපයේ සහ බ්‍රසීලයේ එම සත්‍ය ස්ථානය පිළිබඳව දැක්වෙන ඡායාරූප සංසන්දනය පහතින්.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී අපට පෙනී යන්නේ, නුගේගොඩ ගුවන් පාලම යට නත්තල් සමයේදී තනන ලද ගවලෙනක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූපයේ දැක්වෙන්නේ, බ්‍රසීලයේ ගුවන් පාලමක් යට සකස් කරන ලද ගවලෙනකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නුගේගොඩ ගුවන් පාලම යට තැනූ ගවලෙනක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News