ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලෝකයෙන්ම 12 වන ස්ථානයේද ?

Update: 2022-02-08 17:13 GMT

ඉහල යන බඩු මිල , රාජ්‍ය ණය බර, විදෙස් සංචිත හිගය ආදී සාධක නිසා ශ්‍රී ලංකාව මේ වන විට පසු වන්නේ දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ යන්න බොහෝ දෙනා පොදුවේ පිළිගන්නා කාරණයක් .එවන් වටපිටාවක් තුළ මෙම ආර්ථික අර්බුදය,උද්ධමනය ආදී කාරණා පිළිබදව වැරදි තොරතුරුද සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ එවැනි නොමඟ යවන සුළු කරුණු ඇතුළත් සටහනක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් (Social Media Notes)

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් මාර්ගයක් අසල අතහැර දමා තිබූ කඩදාසි පත්‍රිකා සමූහයක ඡායාරූපය ක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්.

“වෙනිසියුලාවේ උද්ධමනය මේ වන විට අතිශය නරක තත්වයකට පත්ව ඇත .එරට මුදල් ඒකකයේ වටිනාකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දැඩි ලෙස අවප්‍රමාණය වී ඇති බැවින් මිනිසුන් මුදල් කුණු කසල මෙන් පාරවල් පුරා විසි කරමින් තිබේ.පසුගිය සතිය වන විට ඇමෙරිකානු ඩොලර් ඒකකයක් එරට මුදල් ඒකකය වන බොලිවර්ස් 463,000 ලෙස සටහන්වී තිබේ .වෙනිසියුලාව ලොව උද්ධමනය වැඩිම රට වන අතර ශ්‍රී ලංකාව මේ වන විට මෙම ලැයිස්තුවේ 12 වන ස්ථානයේ රැදී සිටී.”

Facebook | Archived

මෙම සටහන් හුවමාරු වී තිබු තවත් අවස්ථා කිහිපයක් මෙලෙසින්

වේගයෙන් ව්‍යාප්ත වන සටහනක් නිසා මේ පිළිබදවසොයා බැලීමට අප තීරණය කළා .

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

අප විසින් මුලින්ම සිදුකලේ Google Reverse Image Search මගින් මෙම සටහනේ තිබූ ඡායාරූප පිළිබදව සොයා බැලීමයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූප මගින් වෙනිසියුලියාවේ භාවිතා කරන මුදල් විශේෂයක් ජනතාව විසින් අපතේ දැමීමක් හෝ මහමග දමා යෑම පිළිබදවවූ සිදුවීමක් නොවේ. එහි දැක්වෙන්නේ 2019 දී වෙනිසියුලානු බැංකුවක් කොල්ලකෑ කොල්ලකරුවන් පිරිසක් විසින් එහි තිබූ භාවිතයට නොගන්නා, 2018 වෙනිසියුලානු රජය මගින් භාවිතයෙන් ඉවත්කළ Bolivar Fuerte නම් මුදල් විශේෂයක් මංකොල්ලකරුවන් විසින් මහ පාරේ තැන තැන දමා පළාගිය ආකාරයයි. ඒ අනුව පැහැදිලි වන්නේ බොලීවියානු ජනතාව මුදල් මහමග විසි කර දමන බවට ඉගි කිරීම සදහා පළකල ඡායාරූපය නොමගයවන සුලු ඒවා වන බවයි. මෙම ඡායාරුප පෙළ විවිධ අර්ථකථන යටතේ මීට පෙර ද හුවමාරු වී තිබු අතර මේ පිලිබඳ අප Factcrescendo කණ්ඩායම ඉංග්‍රීසි බසින් සිදුකල කරුණු විමර්ශනයක් මෙතනින්. තවත් කරුණු විමර්ශනයක් මෙතනින්

කෙසේනමුත් වෙනිසුලාවේ මාර්ගයක මුදල් තොගයක් විසිකර දමා තිබු මෙම වීඩියෝව පසුගිය ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පළවී තිබු අයුරු ද අපට මෙලෙස දැක ගන්නට ලැබුණා

Full View

ඉන්පසු අප වෙනිසුලාවේ දැනට භාවිතාවන මුදල් ඒකකය වන Venezuelan Bolívares මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂය විචලන වී තිබු ආකාරය පරීක්ෂා කල අතර ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබු ආකාරයේ 450,000 වැනි ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව අපට දැක ගන්නට ලැබුනේ මෙලෙසින්. Archived

උද්ධමනය යනු යම් කාල සීමාවක් තුළ මිල ඉහළ යාමේ වේගයයි. උද්ධමනය යනු, සමස්ත මිල ඉහල යාම හෝ රටක ජීවන වියදම ඉහල යාම වැනි සාමාන්‍යයෙන් පුළුල් මිනුමකි. මේ පිලිබඳ ජාත්යන්තර මුල්‍ය අරමුදලේ පැහැදිලි කිරීමක් මෙතනින් එසේම මේ සඳහා වැඩිපුර යොදා ගැනෙන මිනුම් අතර Consumer Price Index (CPI) / Wholesale Price Index (WPI) දැකගන්නට පුළුවන්.

ඉන්පසු අප අවධානය යොමුකළේ වෙනිසියුලාවේ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබදවයි. වසර ගණනනාවක් දැනට අධි උද්ධමනයක් (hyperinflation) පවතින රටක් ලෙස වෙනිසුලාව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන අතර පසුගිය කාර්තුවේ යම් කිසි වර්ධනයක් පෙන්වා ඇති බවට ද වාර්තා වෙනවා FT ගනුදෙනු සඳහා වැඩිපුර ඇමරිකානු ඩොලර් ද භාවිතා වන සඳහන් වුවද දැනටත් වෙනිසුලාව ලෝකයේ ඉහළම උද්ධමන අනුපාත පවතින රටක් බවත් දැක්වෙනවා. Bloomberg

මේ පිලිබඳ තවදුරත් කරුණු දැන ගැනීමට අප හා සමග සංවාදයකට එක්වූ වයඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්‍ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ වර්තමානයේදී ද ලෝකයේ උද්ධමන වේගය වැඩිම රට වෙනිසියුලාව වන බවයි. ලෝකයේ උද්ධමන වේගය පිළිබදව ගවේෂණය කල අපටද ඒ බව පැහැදිලිව පෙනී ගියා.

එවන් ජාත්‍යන්තර දර්ශක කිහිපයක වෙනිසියුලාව සිටින තැන නිරීක්ෂණය කිරීමටද අපට හැකිවුණා .

World Population Review වෙබ් අඩවිය මගින් උපුටා ගන්නා ලද Trading Economics හි දත්තවලට අනුව 2022 ජනවාරි මස වන විට ලෝකයේ වැඩිම උද්ධමන අගය හිමි රට වන්නේ වෙනිසියුලාවයි.

Web | Archived

කෙසේ වෙතත් මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ උද්ධමනය අනුව 44 වන ස්ථානයේයි.12 වන ස්ථානයේ සිටින්නේ සැම්බියාවය.

ලෝක බැංකුවේ දත්ත අනුව ද ඉහළම උද්ධමන අගයන් පවතින රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ වෙනිසුලාවයි. තවත් දර්ශකයක් මෙතනින්

රටවල් 184 ක දත්ත ඉදිරිපත් කරමින් 2022 වර්ෂයේ උද්ධමන අගය සම්බන්ධ පුරෝකතන ඉදිරිපත් කරන The Global Economy වෙබ් අඩවියට අනුව ද උද්ධමනයෙන් ලෝකයේ ඉහලින්ම සිටින රාජ්‍ය වන්නේ වෙනිසියුලියාවයි .

Web | Archived

මෙම වාර්තාවට අනුව 12 වන ස්ථානයේ රැදී සිටින්නේ සියොරා ලියොන් රාජ්‍ය වන අතර ශ්‍රී ලංකාව සිටින්නේ 27 වන ස්ථානයේයි.

මේ අනුව ඉහත දැක්වෙන කිසිඳු හෝ දර්ශකයක ශ්‍රී ලංකාව 12 වන ස්ථානය තරම ඉහළ අගයක තිබෙනු අපට දැකගනන්ට ලැබුනේ නැත. එසේනමුත් පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙන බව ද මෙම දර්ශක වල පෙන්වා දී තිබුනේ මෙලෙසින්. Tradingeconomics

ශ්‍රී ලංකා මහ බැංකු වර්තාවලද අපට එය මෙසේ දැක ගන්නට ලැබුණි

CBSL | Archived

එසේම ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය ඉහළ යෑම ආසියාවේ වේගවත්ම අගය බවට පත්ව ඇති බවට ද මෑතක දී පළවූ වාර්තා කිහිපයක් අපට දැක ගන්නට ලැබුණා. Business-Standard | Bloomberg

අප සමග අදහස් දැක්වූ මහාචාර්‍ය අමින්ද මෙත්සිල පෙරේරා ද පැවසුවේ පසුගිය මාස(ඔක්තෝබර්,නොවැම්බර් ,දෙසැම්බර්) කිහිපය තුළ ලංකාවේ උද්ධමන අනුපාතිකය සීඝ්‍ර ලෙස වැඩිව තිබූ බවයි. බොහෝ භාණ්ඩ වල මිල 100% ක පමණ ප්‍රමාණයකින් වැඩිව  ඇති බවත් එනිසා මහ බැංකුව මගින් ප්‍රකාශ කරන අගයන් සහ ජනතාවට දැනෙන සැබෑ උද්ධමන අගයන් අතර වෙනසක් ඇති බවයි මහාචාර්‍ය වරයා පැවසුවේ .මෙම අර්බුදයට ගෝලීය සාධක වල බලපෑමක් තිබුණද ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ දේශීය මූල්‍ය කළමනාකරණයේ ගැටලු බවයි තවදුරටත් පවසා සිටියේ. ප්‍රධාන වශයෙන් අසීමිතව මුදල් අච්චු ගැසීම ශ්‍රී ලංකාවේ දැනට දක්නට ලැබෙන ජනතාවට පීඩාකාරී උද්ධමනයට බලපා ඇති බවත් ඔහු පැවසුවා. බොහෝ ජාත්‍යන්තර උද්ධමන  දර්ශක වාර්ෂික අගයන් මත පදනම්ව සැකසෙන නිසා පසුගිය මාස කිහිපයේ ඇතිවූ අධි උද්ධමන තත්තවය ජාත්‍යන්තර වාර්තා මගින් නිරූපණය නොවන බවයි මහාචාර්‍ය වරයා පැවසුවේ.

Update (29-03-2022)

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙක් වන Steve Hanke මගින් පළ කරන උද්ධමන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටවල් 10 අතරට මේ වන විට පැමිණ තිබෙනවා.ඒ අනුව ලංකාව ලෝකයේ 6 වැනියට වැඩිම උද්ධමනය සහිත රටයි. දිනෙන් දින වැඩිවන උද්ධමන ගැටලුවට සහ රුපියල අවප්‍රමාණයට පිළියමක් ලෙස ඔහු ලංකාවට යෝජනා කරන්නේ 1884-1950 දක්වා ලංකාවේ පැවති ආකාරයේ විනිමය මණ්ඩකයක් (Currency Board) පත් කිරීමයි.

https://twitter.com/steve_hanke/status/1508481053274615823

Archived

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී හෙළිවූයේ වෙනිසියුලාවේ පසුගිය කාර්තුවේ සුළු වර්ධනයක් පෙන්නුම් කලද ජාත්‍යන්තර වශයෙන් බොහොමයක් දර්ශකවල පෙන්වා දෙන පරිදි දැනටත් උද්ධමන වේගය ඉහළම රට වෙනිසුලාව බවයි. කෙසේ වෙතත් ජනතාව මුදල් පාරවල්වලට විසි කරන බවට සමාජ ජාලාවල පළව තිබූ ඡායාරූප නොමග යවන සුළු අතර ඒ මගින් නිරූපණය වන්නේ 2019 වසරේදී වෙනිසියුලානු බැංකුවක් කොල්ලකෑ කොල්ල කණ්ඩායමක් විසින් කල් ඉකුත්වූ මුදල් පාරේ විසිකර දමා ගිය ආකාරයයි.

ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය ද පසුගිය මාස කිහිපයේ දී ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙන අතර ආසියාවේ ම වේගයෙන්ම ඉහළ යන අගය බවට ද වාර්තා වී තිබුණ ද ගෝලියා උද්ධමන දර්ශක අනුව 12 වන ස්ථානය හිමිකරගත් බවට වන සමාජ ජාලා සටහන් නොමග යවන සුලුයි. එතරම් ඉහළ අගයක් දැනට පළවී තිබෙන ගෝලීය දර්ශක වල දක්නට නොලැබුනත්, අප සමග අදහස් දැක්වූ මහාචාර්‍ය අමින්ද මෙත්සිල පැවසුවේ ද වාර්ෂික දර්ශක අගයන් වල සදහන් නොවුනද පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහල අගයක් ගත් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලෝකයෙන්ම 12 වන ස්ථානයේද ?

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News