ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ කාටූනයකට සුනිල් හඳුන්නෙත්තිගෙන් පැසසුම්?

Update: 2022-03-26 11:10 GMT

දේශාපාලනඥයින් විසින් නොයෙකුත් අවස්ථා වලදී සඳහන් කරන ද ප්‍රකාශයන් මෙන්ම සටහන් උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා සංස්කරණය කරමින් අවභාවිත කරන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධ ප්‍රකාශයක් අවභාවිත කළ අවස්ථාවක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

කාටුන් ශිල්පී අවන්ත ආටිගල විසින් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නිර්මාණය කළ කාටූනයකට “අපූරුයි අවන්ත..! වචන දස දහසක් එක පින්තූරයක්!” යනුවෙන් ජවිපෙ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ ඉහත ඡායාරූපය ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

‘අද’ පුවත්පතේ කාටුන් ශිල්පී අවන්ත ආටිගල විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ආකාරයේ කාටුනයක් නිර්මාණය කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවා.

අප කළ නිරීක්ෂණයේදී තහවුරු විසින් ඔහු විසින් එවන් කාටුනයක් නිර්මාණය කර ඇති බවයි. අවන්ත ආටිගල ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳව පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link ඊයේ (25) දින ‘Ada’ පුවත් වෙබ් අඩවියේද පළ කර තිබූ අයුරු මෙතනින්. Archived Link

ඉන් අනතුරුව අප ජනතා විමුක්ති පෙරමුණේ සභික සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නිල ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කළ අතර එහිදී අපට දැක ගන්නට ලැබුණේ මීට පෙර පසුගිය 17 වන දා අවන්ත ආටිගල මහතා විසින් නිර්මාණය කරන ලද IMF සම්බන්ධ කාටුනයකට “අපූරුයි අවන්ත .. ! වචන දස දහසක් එක පින්තූරයක් !” යනුවෙන් සඳහන් කර සිය ගිණුමේ එම කාටුනය හුවමාරු කරගෙන ඇති බවයි.

Facebook | Archived Link

නමුත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අවන්ත ආටිගලගේ කාටුනය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැති අතර සිය ෆේස්බුක් ගිණුමේද දක්වා නොතිබුණි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අප සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන්ද විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, සිය ගිණුමේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ අවන්ත ආටිගලගේ කාටූනය හුවමාරු කර නොගත් බවයි. තමන් වෙනත් කාටූනයක් සම්බන්ධයෙන් පළ කළ අදහසක් මෙලෙස ව්‍යාජ ලෙස සකසා ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන බවයි ඔහු සඳහන් කළේ.

හඳුන්නෙත්ති මහතා විසින් සත්‍ය වශයෙන් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද සටහන සහ ෆේස්බුක් ඔස්සේ සංස්කරණය කරන ලද සටහන් අතර සංසන්දනය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ජවිපෙ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කාටූන ශිල්පි අවන්ත ආටිගල විසින් ජවිපෙ සම්බන්ධයන් උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය කරන ලද කාටූනයක් සිය ගිණුමේ හුවමාරු කළ බවට පළ වන සටහන් අසත්‍ය බවයි. හඳන්නෙත්ති මහතා විසින් අවන්ත ආටිගල නිර්මාණය කරන ලද IMF සම්බන්ධ කාටූනයක් පළ කරමින් “අපූරුයි අවන්ත .. ! වචන දස දහසක් එක පින්තූරයක් !” යනුවෙන් සඳහන් කළ සටහන මෙලෙස අවභාවිත කරමින් ජවිපෙ සම්බන්ධ කාටුනය සමග සංස්කරණය කර තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ කාටූනයකට සුනිල් හඳුන්නෙත්තිගෙන් පැසසුම්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News