FACT CHECK: ජාතික කොඩිය අතැතිව උද්ඝෝෂණයේ යෙදෙන පුද්ගලයකුට වෙඩි තැබීම යුධ අපරාධයක් ද ?

Update: 2022-04-05 08:24 GMT

දිනෙන් දින වැඩිවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා එම උද්ඝෝෂණ භූමි ආසන්නයේ පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයින්ද සිටින ආකාරය දක්නට ලැබෙනවා. එවන් පසුබිමක් තුළ උද්ඝෝෂණ වලට ජාතික කොඩිය රැගෙන ගියහොත් එය අතේ රැදී ඇති විටෙකදී කලහකාරී අවස්ථාවකදී වුවහොත් සිදුවිය හැකි හමුදා වෙඩි තැබීම් වලින් ආරක්ෂාවිය හැකි බව සහ ජාතික කොඩිය අත ඇති පුද්ගලයන්ට හමුදාව විසින් වෙඩි නොතබන බව සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

වට්ස් ඇප් සමාජ ජාලය හරහා මේ දිනවල වේගයෙන් ව්‍යාප්ත වන සටහනකි මේ .

“යාලුවනේ මෙතැන් සිට වැදගත් මතක් කිරීමක් සහ තොරතුරක් ශ්‍රී ලාංකික පුරවැසියන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ ධජය අතැතිව සිය විරෝධතාවයන් දියත් කළ යුතු අතර, ශ්‍රී ලංකාවේ නීතියට අනුව හොඳම තොරතුරු මෙන්න, හමුදාවට තම ආදරණීයයන්ට වෙඩි තැබිය නොහැක ජාතික කොඩිය ! ඔවුන්ගේ උසාවි මාර්ෂල් නීතියට අනුව එය යුද අපරාධයක් !!! එබැවින් කරුණාකර බෙදාගන්න. මම මෙම තොරතුරු ලබා ගත්තේ BARS හි සාමාජිකයෙකුගෙන් !! එබැවින් විරෝධතාවලට සහභාගී වන සෑම කෙනෙකුම කරුණාවෙන් සලකන්න. ඔබ ආරක්ෂා කරන සහ ඔබව ආරක්ෂා කළ හැකි කොඩිය රැගෙන එන්න !!!”

එම සටහන් ෆේස්බුක් වලද පැතිර පැවතියේ මේ ආකාරයෙන් .

Facebook | Archived

මේ එම සටහන් ෆේස්බුක් වල විසිර පැවති ආකාරයයි.

මෙහි ඇති කාලීන වැදගත්කම නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා .

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

මේ පිළිබදව ඇති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් නීතිඥවරුන්ගෙන් කිහිප දෙනෙකුගෙන් කරුණු විමසා බැලීමට අප තීරණය කළා.

අප මුලින්ම මේ පිළිබදව කරුණු විමසා බැලුවේ නීතීඥ හරේන්ද්‍ර බානගලගෙන් .

ඔහු පවසා සිටියේ කිසියම් පුද්ගලයකුගේ අතේ සිංහ කොඩිය තිබුණා කියා වෙඩි නොතැබිය යුතු බව හමුදාවට සම්බන්ධ නීති වල දක්නට නොලැබෙන බවයි. එමෙන්ම සිංහ කොඩියක් අතේ තිබුණත් නැතත් උද්ඝෝෂණ වලට වෙඩි තැබීමේ හැකියාවක් හමුදාවට නොමැති බවයි ඔහු පැවසුවේ. උද්ඝෝෂණ සහ ඒ හා සම්බන්ධ කටයුතු කිරීමේ හැකියාව සාමාන්‍යයෙන් පවතින්නේ පොලීසිය සතුව බවයි ඔහු පැවසුවේ. හදිසි නීතිය පවතින අවස්ථාවක් නිසා පොලීසියට හමුදාවේ සහාය ඇතැම් අවස්ථාවලදී ලබාගත හැකි වුවද උද්ඝෝෂණ වලට වෙඩි තැබීමේ හැකියාවක් හමුදාවට නොමැති බවයි ඔහු පැවසුවේ. හමුදාවට වෙඩි තැබීමේ හැකියාව ඇත්තේ කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වන්නේ නම් පමණක් බවත් නීතීඥවරයා පැවසුවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස නීතීඥවරයාගෙන්ද අප මේ පිළිබදව විමසුවා. ඔහුද පැවසුවා මාෂල් ලෝ යටතේ එවැනි දෙයක් සදහන් නොවන බවයි.

තරුණ නීතීඥ සංගමයේ සාමාජිකයකු , මානව හිමිකම් ක්‍රියාකරියෙකු වන නුවන් බෝපගේ නීතීඥවරයා අප හා පැවසුවේ එවන් නීතියක් නොපවතින බවයි. එවන් නීතියක් ප්‍රායෝගික නොවන බවද , කිසියම් පුද්ගලයකු ජාතික කොඩියක් ඔසවා ගෙන ත්‍රස්තවාදී ක්‍රියාවක නිරත වුවහොත් සිදුවන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කළා. කිසියම් පුද්ගලයකු සුදු කොඩි ඔසවාගෙන යුද්ධයකදී යටත්වීමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම වැනි කාරණා යුධ අපරාධ ලෙස සැලකෙන බවයි ඔහු පැවසුවේ .ඔහු පවසන ලද මෙම කරුණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන්ද කතාබහට ලක්ව තිබුණේ මේ ආකාරයෙන් .

සුදු කොඩිය භාවිතා කිරීම ගෝලීය වශයෙන් යටත් වීමේ/ සටන් විරාමය හෝ සාමය පිලිබඳ සංකේතයක් බැවින් එසේ සුදු කොඩියක් අතැතිව සිටියදී පැහැදීම යුධ අපරාධයක් ලෙස සැලකෙනවා. Business Insider එසේම සුදු ධජය අනිසි ලෙස භාවිතා කිරීම යුද නීති මගින් තහනම් කර තිබෙනවා. ඒ පිලිබඳ ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ වාර්තාවක් මෙතනින්. එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පිලිබඳ කරුණු දැක්වීමක් මෙතනින්.

නීතීඥ උපුල් කුමාරප්පෙරුමද අප සමග අදහස් දක්වමින් පවසා සිටියේ යුධ හමුදා පනත තුල එවැනි යමක් සදහන් නොවන බවයි. අපට ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන කරුණු යුධ හමුදා පනත තුළ දැක ගන්නට ලැබුනේ නැහැ. එහි ඉහත දැක්වු සටන් විරාම (සුදු) කොඩිය අවභාවිතා කිරීම පිලිබඳව පමණක් දැක ගන්නට ලැබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් අප සිදු කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙවැනි නීතියක් සම්බන්ධයෙන් තමන්ද දැනුවත් නොමැති බවයි. කෙසේ වෙතත් හදිසි නීතිය පවතින අවස්ථාවක් නිසා හමුදාවද උද්ඝෝෂණ සම්බන්ධ ක්‍රියාවලීන්ට මැදිහත් වුවද පොදු දේපොළ වලට හානි කිරීම සම්බන්ධ සිදුවීමකදී වුවත් පුද්ගලයින් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පොලීසියට පමණක් බවත් , හමුදාව විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයෙක් වුවත් පොලීසියට බාරදිය යුතු බවත් ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් යුධ හමුදාවේ කරුණු දැක්වීම ද සමඟ මෙම ලිපිය ඉදිරියේ දී යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News 

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:FACT CHECK: ජාතික කොඩිය අතැතිව උද්ඝෝෂණයේ යෙදෙන පුද්ගලයකුට වෙඩි තැබීම යුධ අපරාධයක් ද ?

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News