ඉම්රාන් පකිස්තානයේ අගමැති ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන්, Joe Biden සතුටු වූ අවස්ථාවක් ? (Video)

Update: 2022-04-18 05:59 GMT

විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පාකිස්ථානයේ පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින්, ඉම්රාන් ඛාන් පසුගියදා එරට අගමැති ධුරයෙන් ඉවත් කෙරිණි. අමෙරිකානු ජනාධිපති Joe Biden, පකිස්තාන අගමැති ඉවත්කිරීමට මුල් වු විශ්වාසභංගයේ ප්‍රථිපල නිකුත් කරන අවස්ථාවේ වීඩියෝවක් නරඹමින් ඒ පිළිබඳව සතුටු වු බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ඇමෙරිකානු ආශිර්වාදයෙන් පාකිස්තානයේ අගමැති ඉම්රාන්ව තවත් වසර දෙකකට ඉතිරිව තිබියදී පහ කිරීම ඇමෙරිකානු ජනාධිපති සමරපු ඒ කුජීත මොහොත!” යනුවෙන් සඳහන් කරමින් WhatsApp පණිවිඩයක් සංසරණය වූයේ වීඩියෝවක්ද සමගින්.

https://vimeo.com/700171964

Twitter ඔස්සේ ද එම පණිවිඩය හුවමාරු වී තිබුණේ, පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පරාජය සහ ෂාබාස් ෂරීෆ්ගේ ජයග්‍රහණය සමරමින් එක්සත් ජනපද ජනාධිපති Joe Biden ධවල මන්දිරයේ සිට සජීවීව නැරඹූ අවස්ථාව ලෙස දක්වමින්.

Twitter

ඊට සමාන අදහසින් පළ වූ තවත් ට්විටර් සටහන් මෙතනින් සහ මෙතනින්.

මෙම සිදුවීම සත්‍ය අවස්ථාවක් ද යන්න අප විමසීමක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශවයේ නායක ෂෙබාස් ෂරිෆ් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගිය 11 වන දා තෝරා පත්කරගනු ලැබුවා. ඒ, විපක්ෂ සන්ධානය මගින් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් පැරදවීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් ජෝ බයිඩෙන් එම අවස්ථාවේ සජීවි වීඩියෝව නරඹමින් ඊට ප්‍රතිචාර දැක්වූ වීඩියෝවක්ද, යන්න විමර්ශනය කිරීම සඳහා අප එම වීඩියෝව රූප රාමූ Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

එහිදී අපට අනාවරණය වූයේ එහි දැක්වෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ Ketanji Brown Jackson නමැති අමෙරිකානු නීතිඥවරිය 2022 අප්‍රේල් 7 වන දා සෙනෙට් සභාව විසින් එක්සත් ජනපදයේ සන්ධිස්ථානයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ පළමු කළු ජාතික කාන්තාව ලෙස තහවුරු කළ අවස්ථාව ධවල මන්දිරයේ සිට Joe Biden සමග නරඹමින් සතුට බෙදා ගත අවස්ථාවක් බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර පුවත් මෙතනින් සහ මෙතනින්.

washingtonexaminer | Archived Link

මෙම අවස්ථාව සම්බන්ධයෙන් Joe Biden නිල ට්විටර් ගිණුම මගින් පළ කළ වීඩියෝවක් මෙලෙසින් සංස්කරණය කර තිබු‍ණා.

https://twitter.com/POTUS/status/1512186186898493452

සංස්කරණයට භාජනය කරන ලද වීජියෝවේ රූපවාහිනි තිරයේ දක්වනු ලබන වීඩයෝව වන්නේ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් පැරදවීමේ අවස්ථාව පාකිස්ථාන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ අවස්ථාවයි. එම අවස්ථාව මෙතනින්.

සත්‍ය වීඩියෝව සහ සංස්කරණය කරන ලද වීඩියෝවේ රූප රාමූ සංසන්දනය පහතින්.

විශ්වාසභංගයක් පැවැත්වීමට විපක්ෂයේ පියවර එක්සත් ජනපදය ප්‍රමුඛ කුමන්ත්‍රණයක කොටසක් බව ඉම්රාන් ඛාන් චෝදනා කිරීම හේතුවෙන් මෙලෙසින් වීඩියෝවක් සංස්කරණයට කිරීම හේතුවිය හැකි බවට උපකල්පනය කළ හැක.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන්ගේ රජයට එරෙහි ‘විදේශ කුමන්ත්‍රණ’ චෝදනා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්.

මේ පිළිබඳ වෙනත් කරුණු පරීක්ෂණ කණ්ඩායම් විසින් සිදු කළ විමර්ශන වාර්තා මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, පාකිස්ථාන හිටපු අගමැති විශ්වාස භංගයකින් ධුරයෙන් පහ කිරීමේ නිල ඡන්ද ප්‍රතිඵලය රූපවාහිනිය ඔස්සේ දැකගනිමින් ඒ පිළිබඳ අමෙරිකානු ජනාධිති Joe Biden ප්‍රීතිමත් වන ආකාරය බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව සංස්කරණය කරන ලද වීඩියෝවක් වන අතර එම සත්‍ය වීඩියෝවේ රූපවාහිනි තිරය මත දැක්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ Ketanji Brown Jackson නමැති අමෙරිකානු නීතිඥවරිය අමෙරකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ පළමු කළු ජාතික කාන්තාව ලෙස සෙනට් සභාව විසින් තහවුරු කළ අවස්ථාව ධවල මන්දිරයේ සිට Joe Biden සමග නරඹමින් සිටින අවස්ථාවකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඉම්රාන් පකිස්තානයේ අගමැති ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන්, Joe Biden සතුටු වූ අවස්ථාවක් ? (Video)

Fact Check By: Pavithra Sandamali

Result: Altered

Tags:    

Similar News