කෙන්යානු ජාතිකයන් ආණ්ඩුව සමග කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබූ අයුරු ? 

Update: 2022-05-31 07:13 GMT

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදයත් හමුවේ දේශපාලන නායකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වකවානුවේ දී ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා. එවන් වටපිටාවක් තුල කෙන්යානු ජාතිකයන් කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදුකළා.

සමාජ ජාලා සටහන්

කෙන්යානු ජාතිකයන්  විසින් එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හැගවෙන සේ  ඡායාරූපයක්ද සමග 2021 වසරේ පළවී තිබු සමාජ ජාලා සටහන් නැවත වරක් මේ දිනවල හුවමාරුවී තිබුණේ මේ ආකාරයෙන් .

Facebook | Archived

"කෙන්යානු වැසියෝ එරට පාර්ලිමේන්තුව ගිනිතබති" තේමාවෙන් පළවූ තවත් සටහන් ෆේස්බුක් තුළ විසිර පැවතියේ මේ ආකාරයෙන්.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මුලින්ම සොයා බැලුවේ කෙන්යානු ජාතිකයන් ඔවුන්ගේ රටේ පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට දැක්වෙන මාධ්‍ය වාර්තා පවතීද යන කරුණ පිළිබදවයි. එහිදී අපට දක්නට ලැබුණේ එවැනි මාධ්‍ය වාර්තා පිළිගත් ප්‍රධාන ධාරාවේ අන්තර්ජාතික මාධ්‍යවල දක්නට නොමැති බවයි.

ඉන් අනතුරුව අප මෙම ඡායාරූපය Google Reverse Image Search මගින් විමසුමට ලක්කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය 2014 වසරේදී කෝපයට පත් බුර්කිනා ෆාසෝ නම් අප්‍රිකානු රටේ වැසියන් විසින් එරට පාර්ලිමේන්තුව ගිනි තබන අවස්ථාවක දී ලබාගත් ඡායාරූපයක් බවයි.

Getty Images| Archived

2014 වසර වන විට වසර 27 ක් පාලනය කළ එහි ජනාධිපති Blaise Compaiore ට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වාර ගණනේ සීමාද නොතකමින් තව දුරටත් රට පාලනය කිරීම සදහා එරට පාර්ලිමේන්තුව මගින් නීති සැකසීමට විරෝධය පා, බුර්කිනා ෆාසෝහි ජනතාව විසින් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂන පවත්වා, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ගිනි තබා තිබුණා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස බුර්කිනා ෆාසෝහි එවකට පැවති රජය විසුරුවා හැරීමට සිදුවුණු අතර ජනාධිපතිවරයාටද අයිවරි කෝස්ට් රාජ්‍යයට පලා යාමට සිදුවුණා.ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived

ඒ සම්බන්ධ වීඩියෝ පටයක් නැරඹිය හැකියි පහතින්.

https://youtu.be/ixNKiTuDnbE

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූවේ මෑතදී කෙන්යානු වැසියන් විසින් එහි පාර්ලිමේන්තුව ගිනි තබා ඇති බවට හැගීයන බවට පළවන සමාජ ජාලා සටහන් නොමග යවන සුලු සහ වැරදි සහගත බවයි.

එවැනි සිදුවීමක් කෙන්යාව තුල සිදුව නොමැති අතර ඡායරුපයේ දැක්වෙන්නේ 2014 වසරේදී අප්‍රිකාවේ වෙනත් රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ වැසියන් විසින් එවකට පැවති ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය පා එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කෙන්යානු ජාතිකයන් ආණ්ඩුව සමග කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබූ අයුරු ?

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News