සතියට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ තීරණයක් ?

Update: 2022-06-16 14:13 GMT

Update : 25/06/22

මෙම සතියේ දී වසා දමා තිබුණු දිවයිනේ ප්‍රධාන නගරවල පාසල් ලබන සතියේ දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි.

එළැඹෙන සඳුදා (27) සිට ජූලි 01 වනදා දක්වාවූ සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවට සඳහන් කර තිබූ අමාත්‍යාශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

Update : 06/18/22

කොළඹ නගර සීමාවේ රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ලබන සතියේ නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සඳහන් කරයි.

ඒ අනුව, එම දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට කිරීමට අවසර හිමි වේ.

ඉන්ධන අර්බුදය හමුවේ පාසල් වෙත පැමිණීමේදී සිසුන් මහත් අසීරුතාවන්ට මුහුණ දීම හේතුවෙන් සියලු පාසල් සතියට දින 3ක් පමණක් පැවැත්වෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පැහැදිලි කිරීම පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඉදිරියේදී පාසල් පැවැත්වීමේ ලොකු වෙනසක්. සියලු පාසල් සතියකට දින 3 යි දුර ප්‍රදේශයේ සිට පාසල් වෙත පැමිණෙන සියලුම සිසුන් ලඟම පාසලකට අනියුක්ත කරයි. ඉදිරියට සිදුවෙන්න යන දැවැන්ත වෙනස යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම කරුණු ඇතුළත් කරමින් යූටියුබ්හි වීඩියෝවක් ද පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කර තිබු‍ණේ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර පැවැත් වූ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි.

මෙහි දැක්වෙන තොරතුරු නිවැරදිද යන්න පිළිබඳව අප විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

අධ්‍යාපන අමාත්‍යාංශය

අප ප්‍රථමයෙන් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මියගේ කාර්යාලයෙන් විමසීමක් සිදු කරනු ලැබුවා.

ඔවුන් සඳහන් කළේ, පාසල් සතියටකට දින 3ක් පමණක් පැවැත්වීමේ තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙතෙක් ගෙන නොමැති බවයි. එමෙන්ම සියලු සිසුන් ළඟම පාසලට ඇතුළත් කිරීමේ තීරණයක් ද, මෙතෙක් ගෙන නොමැති බවත්, ජාතික පාසල් සඳහා එවැනි යෝජනාවක් කර තිබුණද, මෙතෙක් එම යෝජනාවද, ක්‍රියාත්මක නොවන බවයි ඔවුන් පවසා සිටියේ.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගෙන් ද, අප විමසා සිටියේ, පාසල් සතියටකට දින 3ක් පමණක් පැවැත්වීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉදිරිපත් කළා ද යන්න පිළිබඳවයි.

පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ගුරු සංගමය විසින් යෝජනා කරනු ලැබුවේ, සතියේ දින පහෙන් දින 3ක් පමණක් පාසල් පවත්වන ලෙසට නොව, එක් ගුරුවරයෙකුට දින 5කට බෙදී ඇති කාල සටහන දින 5න් පහසු දින 3ක් තෝරා ගෙන දිනක පාසල් කාලය දීර්ඝ කොට බෙදා දෙන ලෙසයි.

පාසල් පද්ධතිය දින පහම පවත්වා ගෙන යා යුතුය කියන මතයේ ඉන්නවා. එහෙත් ගුරුවරයකු පැමිණිය යුතු දින ගණන දින තුනක් වන ආකාරයට කාල සටහන් සකස් කළ යුතුයි. ගුරුවරයා පැමිණෙන දින ගණන අඩු කළත් උගන්වන කාල පරිච්ඡේද සංඛ්‍යාව අඩු කළ යුතු නැහැ. මේ අඩු කිරීම නිදහස් කාල පරිච්ඡේදවලින් පාසල් පද්ධතියට බලපෑමක් නොවන ආකාරයට සකස් කර ගන්න පුළුවන්. එහෙත් විදුහල්පතිවරයාට දින පහම සේවය වාර්තා කරන්න සිදු වෙනවා.” ස්ටාලිං මහතා අවධාරණය කළා.

ඉන්ධන මිල වැඩිකිරීම සහ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පාසල් ගුරුවරුන්ට හා සිසුන්ට පාසල කරා පැමිණීමේ දැඩි අපහසුතාවයකට පත් වීම හේතුවෙන් මෙවන් යෝජනාවක් ඉදිරිපත් කළ බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Full View

ඉන්ධන ගැටලුව හමුවේ දුර බැහැර ප්‍රදේශවල සිට පාසල් වෙත පැමිණෙන සිසුන්ට ළඟම පිහිටි පාසලට අනුයුක්ත කිරීමට දැනටමත් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

පාසල් පවත්වන දින ගණන සීමා කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිරු ප්‍රවෘත්ති අංශය විසින් සිදු කළ විමසීමේදී සඳහන් කළ බවට වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේදී ගනු ලබන තීරණය සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තුවෙමු.

එසේම අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ යෝජනාවට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබු අතර හෙට (ජුනි 17 සිකුරාදා) දිනය සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයකට පත්කෙරුණි. කෙසේනමුත් හෙට උත්තරපත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් හෙට දිනයේ ද සේවයට වාර්තා කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ මෙලෙසින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සතියට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ තීරණයක් ?

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News