රනිල් වෙනුවෙන් ජනපති මැතිවරණයට සහය පැතීමට වජිර අබේවර්ධන, ඥානසාර හිමි හමුවෙයි?

Update: 2022-07-19 17:27 GMT

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන ජනපති අපේක්ෂකයින් අතරින් එක් අයෙක් හෙට(20) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රහස් මැතිවරණයේදී සුදුසුකම් ලබනවා.

මේ අතර වර්තමාන වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තෝරා පත් කර ගැනීමේ සහය ලබා ගැනීම සඳහා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවූ අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව එහි සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“Unp සභාපති වජිර, මධුමාදව සහ හිටපු ජනාධිපති මාධ්‍ය ලේකම් සමග ඥානසාර හිමිව බැහැ දැකීමට යයි. අරමුණ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල් වෙත දිනා දීමය.” යනුවෙන් සඳහන් කරමින්, ඥානසාර හිමි, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා.

Facebook | Archived Link

මෑතකදී හමුවක් ලෙස හඟවමින් පළ වූ තවත් සටහනක් මෙතනින්.

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසුමක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

හෙට දිනයේ දී (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ඡන්දයකින් අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පත්කරගැනීමට නියමිත වී ඇති මොහොතක එක්සත් ජාතික පක්ෂයෙන් තරඟයට වර්තමාන වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරිපත් වනවා.

මේ හේතුවෙන් ඊට සහය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක්, බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමුවට පැමිණ ඇති බවට කිසිදු පුවතක් ප්‍රධාන මාධ්‍ය හරහා මෑතකදී පළ නොවී ඇති බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

අප මෙම ඡායාරූපය පිළිබඳව සිදු කළ වැඩි දුර තොරතුරු සොයා බැලීමේදී අපට මෙම අවස්ථාව මෑතක හමුවක් නොව 2017 වසරේදී ගිංතොට දී සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති වූ අවස්ථාවේදී එය සමතයට පත් කිරීම සඳහා ගිංතොට ථූපාරාමයේ වැඩ සිටි ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වඩින ලෙසට ආරාධනා කිරීම සඳහා එවකට අමාත්‍යවරයෙකුව සිටි වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිස ගිංතොට ථූපාරාමයට ගිය අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි.

2017 වසරේ මෙම ඡායාරූපය හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එම ඡායාරුපය 2017 වසරේ දී වජිර අබේවර්ධන මහතාගේ නිල ෆෙස්බුල් පිටුවේ හුවමාරු කරගෙන තිබු අවස්ථාවක් පහතින්

Facebook

ගිංතොට සිංහල මුස්ලිම් ගැටලුව සමතයට පත් කිරීම සඳහා ඥාණසාර හිමි ඇතුළු මහා සංඝරත්නයත්, මුස්ලිම් ආගමික නායකයිනුත් වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරයාත්, මනූෂ නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේක්ම් කාර්‍යාලයේ පැවැත්වූ සාකච්ඡාවේ ඡායාරූප මෙතනින්.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් බොදු බලසේනා සංවිධානයේ මාධ්‍ය ලේකම්වරයාගෙන් අප විමසීමක් සිදු කළා.

ඔහු සඳහන් කළේ, මෑතකදී එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ඥාණසාරි හිමි අතර හමුවක් සිදු නොවුණු බවත්, ඉහත ඡායාරූපය 2017 වසරේ ගිංතොට දී ඇති වූ සිංහල - මුස්ලිම් කෝළහාලය සමතයට පත් කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට වජිර අබේවර්ධන, මනූෂ නානයක්කාර ඇතුළු පිරිසක් ඥාණසාර හිමියන් ගිංතොට ථූපාරාමයේදී හමුවූ අවස්ථාවක ඡායාරූපයක් බවයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය අංශයෙන්ද, මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, ගලබොඩඅත්තේ ඥාණසාර හිමි සහ වජිර අබේවර්ධන මහතා අතර හමුවක් මෑතකදී සිදු නොවූ බවත්, 2017 වසරේ ගිංතොට ඇතිවූ ජාතිවාදී ගැටලුව සමතයට පත් කිරීම සඳහා වජිර මහතා ඥානසාර හිමි හමුවූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් මෙලෙස අවභාවිත කොට ඇති බවයි.

මෙම අසත්‍ය තොරතුර ව්‍යාප්තිය Fact Crescendo අපගේ ෆේස්බුක් පිටුවේ පළ කළ පෝස්ටුවක් පහතින්.

https://www.facebook.com/factcrescendosl/posts/pfbid02DBF6QRG6spwGqup7AzYUR3wWrkbxiLGVvWUWwHGD6CC7cmWzoifXUduVbB7f23Bkl

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ජනාධිපති තේරීම් රහස් ඡන්දය සම්බන්ධයෙන් සහය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක්, බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෑතකී හමුවූ අවස්ථාවක් ලෙසට හැඟවීමට භාවිතා කළ ඉහත ඡායාරූපය නොමග යවන සුළුයි. එම ඡායාරූපය 2017 වසරේ ගිංතොට ඇතිවූ ජාතිවාදී ගැටලුව සමතයට පත් කිරීම සඳහා අබේවර්ධන මහතා ඥානසාර හිමි හමුවූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් මෙලෙස සංසරණය වී තිබෙනවා.

මෑතකදී ඔවුන් අතර හමුවක් සිදු නොවුණු බවත්, මෙම ඡායාරූපය 2017 වසරේ ඡායාරූපයක් බවත් බොදුබල සේනා මාධ්‍ය අංශය මෙන්ම, වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය අංශයද තහවුරු කරනු ලබනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වජිර අබේවර්ධන රනිල් වෙනුවෙන් සහය පැතීමට ඥානසාර හිමි හමුවෙයි?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News