88/89 වකවානුවේදී ටිල්වින් සිල්වා විසින් තරුණයෙකුට වධ හිංසාවට ලක් කළ ආකාරයක් ද?

Update: 2022-07-30 11:27 GMT

ජනතා විමුක්ති පෙරමුණ සහ 1988/89 වකවානුවේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිලිබඳ බොහෝ දෙනා ගේ කතාබහට ලක්වෙනවා. ඒ සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවේ දී ද සමාජ ජාලා සටහන් රැසක් පැතිරුණා. ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සම්බන්ධයෙන් 88/89 වකවානුවේ දී ලබාගත් ඡායාරුපයක් ලෙස කාලයක් තිස්සේ වරින් වර හුවමාරු වන සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් :

88/89 වකවානුවේ දී ජවිපෙ වත්මන් මහලේකම් ටිල්වින් සිල්වා දමිළ විසින් තරුණයෙකුට හිරිහැර කළ ආකාරය විදහාපාන සේයාරුවක් ලෙස දක්වමින් ෆේස්බුක් සටහනක් හුවමාරුව තිබුණේ මෙලෙසයි.

“88/89 කාලෙ, ජෙප්පොංගෙ පදේට නැටුවෙ නැති අයට වද දෙන්නට, ටිං ටිං සිල්වාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය වදකාගාරයක්!
(බොරු උපාසක පාට් දමා ජෙප්පන් විසින් අන්දා ඇති, ඒ කාලෙ ගැන අත්දැකීම් නැති, නව පරපුරේ දැන ගැනීම පිනිසයි)”

Facebook | Archived

මෙම සටහන්, විශේෂයෙන්ම මැතිවරණ සහ දේශපාලනික වශයෙන් වැඩි වශයෙන් කතාබහට ලක්වන වකවානුවලදී ෆේස්බුක් ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර 2018 වසරේදී එය ටිල්වින් සිල්වාගේ මුහුණේ ඡායාරුපයක් ද සමඟින් පැතිරුණු ආකාරයයි මේ .

“ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවන් එදා .”

Facebook | Archived

මේ පිළිබඳව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා .

Fact Check (කරුණු විමර්ෂණය)

අප මුලින්ම මෙම සේයාරුව Google Reverse Image Search සෙවීමකට ලක්කළා. එහිදී අපට දක්නට ලැබුණේ මෙම ඡායාරූපය 88/89 කාලවකවානුවට අදාළ ඡායාරුපයක් නොව, 1983 කලු ජූලිය හා සම්බන්ධ ඡායාරූපයක් බවයි.

1983 ජූලි මස 23 වනදා , උතුරේදී හමුදා සෙබලුන් 13 දෙනෙක්ව LTTE කොටි සංවිධානය විසින් ඝාතනය කිරීම හා සමගම, ඊට දින කිහිපයක් පුරාම දිවයින පුරා සිටි දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින් ජාතිවාදී ප්‍රහාර රැල්ලක් දියත් වී තිබුණා. එම ප්‍රහාර රැල්ලේ ගොදුරු බවට කොළඹ නගර සිමාවේ ජීවත්වූ දෙමළ ජනතාවටද පත්වීමට සිදුවුණා.

මෙම ඡයාරූපය ගෙන ඇත්තේ “ඇත්ත” පුවත්පතේ මාධ්‍යවේදියෙක් ලෙස එකල කටයුතු කල චන්ද්‍රගුප්ත අමරසිංහ නම් ඡයාරූප ශිල්පියායි. මෙම සිදුවීම සිදුව ඇත්තේ 1983 වසරේ බොරැල්ල බස් නැවතුම් පොළ ආසන්නයේයි. ජාතිවාදී පිරිසක් එක්ව මෙහි දැක්වෙන දෙමළ ජාතිකයාව නිරුවත් කර ඔහුට පහරදී තිබෙන අතර ඇතැම් වාර්තාවල සඳහන් වන්නේ එම දෙමළ ජාතික තරුණයා (මෙම සේයාරුවේ සිටින නිරුවත් පුද්ගලයා) ,ඔහු වටේ රැස්ව සිටි පිරිස එල්ලකළ ප්‍රහාර නිසා ජිවිතක්ෂයට පත්වූ බවයි.

චන්ද්‍රගුප්ත අමරසිංහ ඡයාරූප ශිල්පියා සතුව බොහෝ කාලයක් තිබුණු මෙම ඡයාරූපය 1997 වසරේදී රාවය පුවත්පතේ මුල්වරට පළව තිබෙනවා. මෙම සිදුවීම වූ ස්ථානය ලෙස එහි දී වන්නේ කොළඹ බොරැල්ල ප්‍රදේශයේ එකල තිබුණු බස් නැවතුම්පොළ අසලයි.

ඒ සම්බන්ධයෙන් පලව ඇති වෙබ් වාර්තා කියවිය හැකියි මෙතනින්, මෙතනින් මෙතනින් සහ මෙතනින්.Archived, Archived & Archived

ඒ සම්බන්ධයෙන් පළව ඇති Twitter සටහනක් පහතින්.

Archived

කෙසේ වෙතත් මෙම සේයාරුවේ දක්නට සුදු කමිසයක් සහ කලු කමිසයක් හැද ඇති උපැස් පළදින පුද්ගලයා කවුරුන්ද යන වග නිත්‍ය වශයෙන්ම හඳුනා ගැනීමට අපට හැකියාවක් ලැබුණේ නැහැ.

ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්

රාවය යනු, 1987 වසරේදී ආරම්භ කරනු ලැබූ මාධ්‍යවේදී වික්ටර් අයිවන් යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබූ ජාතික පුවත් පතකි. 1997 වසරේ පළ කරන ලද ඡායාරූපයේ සිටින්නේ ටිල්වින් සිල්වා මහතාද , යන්න පිළිබඳ අප ඔහුගෙන් විමසීමක් සිදු කළා.

ඔහු සඳහන් කළේ, මෙම ඡායාරූපය කළු ජූලිය අවස්ථාවේ ඡයාරූප ශිල්පි චන්ද්‍රගුප්ත අමරසිංහ මහතා විසින් ලබා ගත් ඡායාරූපයක් බවත් මෙහි සිටින්නේ, ටිල්වින් සිල්වා නොවන බවයි.

අප මෙම ඡායාරූය ලබා ගත් ඡයාරූප ශිල්පි චන්ද්‍රගුප්ත අමරසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත්, ඔහු ගැන නිසියාකාර තොරතුරක් මෙතෙක් ලබා ගැනීමට නොහැකි විය.

වික්ටර් අයිවන් මහතා කළු ජූලිය සම්බන්ධයෙන් සිය මතකය අවධි කරමින් BBC සිංහල පුවත් වෙබ් අඩවිය සමගින් කළ සම්මුඛ සාකච්ඡාවක් මෙතනින්. Archived Link

ටිල්වින් සිල්වා

මේ සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන්ද කරුණු විමසා බැලුවා. ඔහු පැවසුවේ, මෙම සේයාරුවේ සිටින පුද්ගලයන් හෝ ස්ථානය හෝ කුමක්ද කියාවත් තමන් නොදන්නා බවයි. මෙය තමන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම සඳහා කලෙක සිට පාවිච්චි කරන තමන්ගේ නොවන ඡයාරූපයක් බව ඔහු අවධාරණය කර සිටිනවා. 

එසේම තමන් ඉපදුනේ 1956 වසරේ බවත් , කලු ජුලිය වන විට (1983 වසරේ) තමාට වයස අවුරුදු 27 ක් පමණ බවත් ඔහු පැවසුවා. තමන් උපැස් පැළදීම ආරම්භ කලේ වයස අවුරුදු 40 දී පමණ (90 ව දශකයේ දී) බවත් ටිල්වින් සිල්වා මහතා පැවසුවා.

අප ඔහුගේ තරුණ කාලයේ ඡායාරූපයක් ඇත්නම් එය අප වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් සිදු කළ අතර, ටිල්වින් සිල්වා සඳහන් කළේ, තමන් සතුව එම කාලයේ ඡායාරූපයක් නොමැති බවත්, එම කාලවකවාණුව මේ කාලයේදී මෙන් ඡායාරූප සුලබව දක්නට නොලැබෙන බවයි.

කෙසේ වෙතත් මෙම සේයාරුව 1988-89 ජවිපෙ කැරලි ඇතිවූ සමයේ දී ලබා ගත් ඡායාරූපයක් නොව 1983 කලු ජූලිය අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයකි.

නමුත් මෙම ඡායාරූපයේ දක්නට ඇති පුද්ගලයා සාපේක්ෂ වශයෙන් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වාට වඩා උසින් වැඩි බවද අපට නිරීක්ෂණය වුණා. එම ඡායාරූපය සහ ටිල්වින් සිල්වා සිටින 1990 දශකයේදී ලබාගත් සේයාරුවක සංසන්දනයක් පහතින්.

එමෙන්ම සමීපව නිරීක්ෂණය කිරීමේදී මොවුන් දෙදෙනාගේ මුහුණේ ඇතැම් ලක්‍ෂණයන් ද (උදා. කනේ ස්වභාවය වැනි) (facial features)  එකිනෙකට වෙනස් බව පෙනී යනවා. සැසදීම පහතින්.

මේ පිළිබඳව තවත් තොරතුරු සමඟ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:88/89 වකවානුවේදී ටිල්වින් සිල්වා විසින් තරුණයෙකුට වධ හිංසාවට ලක් කළ ආකාරයද??

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News