ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ - නන්දන ලොකුවිතාන ?

Update: 2022-07-30 05:56 GMT

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජයේ නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ. ” - මැදවච්චියේ ඉපිද ලෝකෙටම ටයර් හදන නන්දන ලොකුවිතාන” යන ශිර්ෂ පාඨය ඇතුළත් ලිපියක් පුවත් පතක පළ වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන මේ වන විට දාහට ආසන්න ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා.

සත්‍ය වශයෙන්ම මෙවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක පළ වූවාද නැද්ද යන්න සහ නන්දන ලොකුවිතාන මහතා විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කරාද, යන්න පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ලංවා සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රකට ව්‍යාපාරිකයකු වන නන්දන ලොකුවිතාන මහතා විසින් මෑතකදී පුවත් පතකට කළ සම්මුඛ සාකච්ඡාවන් පිළිබඳ අප නිරීක්ෂණයක් සිදු කළ අතර ඉහත සඳහන් ශීර්ෂ පාඨය ඇතුළත් ලිපියක් ජාතික පුවත් පතක පළ වූ බවට අපට විමර්ශනය නොවුණි.

මේ පිළිබඳව වැඩි දුර කළ පරීක්ෂාවේදී අපගේ අවධානය යොමු වූයේ, 2021 වසරේ ජනවාරි 17 වන දා නන්දන ලොකුවිතාන මහතා සම්බන්ධයෙන් දිවයින පුවත් පතක පළ වූ ලිපියක ආකෘතිය ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ ආකෘතියට සමාන බවයි. එම ලිපිය මෙතනින්.

එහි ශීර්ෂ පාඨයේ සඳහන් කර තිබුණේ, “මැදවච්චියේ ඉලිද ලෝකෙටම ටයර් හදන කවුද මේ ලොකුවිතාන” යනුවෙනි.

නන්දන ලොකුවිතාන මහතා ද එම ලිපිය 2021 ජනවාරි මස, ෆේස්බුක් ඔස්සේ හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

එහි කොටස් කිහිපයක් එකතුකරමින් සිරස්තලය සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය සකසා තිබු බව අපට නිරීක්ෂණය වුණා. එම ලිපියෙන් සංස්කරණ සඳහා යොදාගත් කොටස් රතු පැහැයෙන් දක්වා ඇති අතර සම්පුර්ණ ලිපියේ සේයාරුවක් පහතින්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ශිර්ෂ පාඨය සංස්කරණය කළ පුවත් ලිපිය සහ සත්‍ය ශිර්ෂ පාඨය ඇතුළත් පුවත් ලිපිය අතර සංසන්දනය පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ප්‍රකට ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතා “ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑයනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකදී පුවත් පතකට පළ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපිය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

2021 වසරේ ජනවාරි 17 වන දා “මැදවච්චියේ ඉපිද ලෝකෙටම ටයර් හදන කවුද මේ ලොකුවිතාන” යන ශීර්ෂ පාඨය යටතේ දිවයින පුවත් පිටුවක සිරස්තලය සහ අනෙකුත් කොටස් සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ - නන්දන ලොකුවිතාන ?

Fact Check By: Pavithra Sandamali

Result: Altered

Tags:    

Similar News