MARTINELLI නමැති දුරකථනය හැක් කරන වෛරසයක් අඩංගු WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

Update: 2022-08-30 05:47 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

WhatsApp ඔස්සේ ජංගම දුරකතනයට වෛරසයක් පැමිණෙන බවට දක්වමින් ඒ පිළිබඳ අනතුරු අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‍සටහන් හුවමාරු වුණා. සැබවින්ම මෙහි නිරවද්‍යතාවයක් තිබේද යන්න පිළිබඳ සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

WhatsApp ඔස්සේ පණවිඩයක් සංසරණය වූයේ මෙලෙසින්.

මාටිනෙලි නමින් වීඩියෝවක් වට්ස්ඇප් වෙතින් හෙට එළියට එන බවත්, එය විවෘත නොකරන ලෙසත්, එමගින් දුරකතනය හැක් වෙන අතර එය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි බවත් එහි සඳහන් කර තිබෙනවා. එසේම WhatsApp යාවත්කාලීන කිරීමට ඔබට පණිවිඩයක් ලැබුනේ නම්, එහි "Run" ක්ලික් නොකරන ලෙසත්, "පාප්තුමාගේ නැටුම"නමින් එවන වීඩියෝවක් විවෘත නොකරන ලෙසත් ඒ හේතුවෙන් ඔබගේ ජංගම දුරකතනයේ සංයුතිය වෙනස් කරන වෛරසයක් ලෙසත් ප්‍රවේශම් වන ලෙසත්, BBC ගුවන් විදුලිය නිවේදනය කළ බවත්, හැකි තරම් පිරිස අතර මෙම පණිවිඩය හුවමාරු කර ගන්නා ලෙසත්, එමගින් දක්වා තිබේ.

එම සටහන් ෆේස්බුක් ඔස්සේ ද, සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප සිදු කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුනේ මෙසේ හුවමාරු වන්නේ කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ පණිවිඩයක් බවයි. ඒ පිලිබඳ සඳහන් වූ වාර්තා රැසක් සොයා ගැනීමට අපට හැකි වුණා. 2017 වසරේ සිට මෙම පණිවිඩය මෙරට පමණක් නොව විදේශිකයන් අතර ද, සමාජ මාධ්‍ය තුළ මෙම පණිවිඩය හුවමාරු වී තිබුණා.

මෙම ව්‍යාජ පණිවිඩ මුලින්ම WhatsApp ඔස්සේ ස්පාඤ්ඤ භාෂාවෙන් හුවමාරු වීම ආරම්භ වී ඇති අතර , 2017 ජූලි මාසයේ දී ස්පාඤ්ඤ පොලීසිය විසින්, මෙය අසත්‍ය පණිවුඩයක් බව සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්.

https://twitter.com/policia/status/891283166153109504

සත්‍ය වශයෙන්ම "Martinelli" නමින් වීඩියෝවක් නොමැති අතර WhatsApp භාවිතා කරන්නන්ට එයින් කිසිදු අනතුරකට ලක් නොවන බවත්. ඒ අනුව තහවුරු වී තිබේ. ඒ පිළිබඳ පළ වූ The Independent ලිපිය මෙතනින්. Archived Link

WhatsApp ආයතනය විසින්, එවැනි වීඩියෝ හෝ නිවේදනයක් නිකුත් කරන බවට හෝ කිසිදු වාර්තාවක් ද නොමැත.

එමෙන්ම ඉහත සටහනම ඇතැම් අවස්ථාවන්හි දී WhatsApp නව අනුවාදයක් (version) ලෙස, WhatsApp Gold ලෙස හඳුන්වාදීමක් පිළිබඳව දක්වා තිබුණ ද මේවන තෙක් එවැනි අනුවාදයක් WhatsApp හරහා ඉදිරිපත් කර නැහැ. මේ සම්බන්ධයෙන් Snopes විසින් 2016 දී සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් මෙතනින්.

කෙසේ වෙතත් "WhatsApp Plus" නමැති යෙදුමක් පිළිබඳව WhatsApp අනතුරු ඇඟවීමක් කර ඇති අතර එය WhatsAppහි අවසර ලත් යෙදුමක් නොවන බවට දක්වා තිබුණේ මේ අයුරින්.

WhatsApp FAQ

තව ද ඉහත “Martinelli” වීඩියෝවට සමාන “පාප් වහන්සේගේ නර්තනය” නම් වීඩියෝවක් ගැන ව්‍යාජ වෛරස් පණිවිඩයේ සඳහන් වන අතර, මෙය නැවතත් පදනම් විරහිත ප්‍රකාශයක් බවත් එවැනි වීඩියෝවක් ගැන කිසිදු සඳහනක් කර නොමැති බව මෙන්ම BBC ජාත්‍යන්තර මාධ්‍ය ජාලය විසින් ද එවැනි පණිවිඩයක් නිකුත් කර නොමැති බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

ඒ අනුව, මෙවැනි අසත්‍ය පණිවිඩ නොසලකා හරින ලෙසත්, තොරතුරු තහවුරු කිරීමකින් තොරව මෙම පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් අප ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ෂණය මෙතනින්

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, WhatsApp ඔස්සේ පැමිණෙන "MARTINELLI" නමැති වීඩියෝවක් සහ “පාප් වහන්සේගේ නර්තනය” යනුවෙන් හැඳින්වෙන වීඩියෝවක් පිළිබඳ හා එය ක්ලික් කිරීමෙන් දුරකතනය හැක්විය හැකි බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ ලොව පුරා නොයෙක් ස්වරූපයන්ගෙන් හුවමාරු වෙමින් තිබෙන ව්‍යාජ සටහන් පෙළක් බවයි.

එබැවින්, එවැනි පණිවිඩ නොසලකා හරින ලෙසත්, සත්‍යාපනයකින් තොරව මෙම පණිවිඩ හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:MARTINELLI නමැති දුරකථනය හැක් කරන වෛරසයක් අඩංගු WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News