අන්තරේ විරෝධතා පා ගමනට සහය දක්වමින් අත්පොළසන් දුන් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ?

Update: 2022-08-31 10:41 GMT

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (අගෝස්තු 30) දින පැවැත්වූ විරෝධතා පා ගමන අතර තුර ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගවත්ව සංසරණය වුණා. ඒ පා ගමන අතරතුර දී මහ මඟ මෝටර් රථයක සිටි පුද්ගලයෙක් ඉන් පිටතට පැමිණ අත්පොළසන් ගසමින් විරෝධතාවයට සහයෝගය පළ කරන අයුරුයි.

කෙසේ වෙතත් එම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව හඟවමින් ඡායාරූපය එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ආසියාවේ මහ ප්‍රජාතන්නත්‍රවාදීයා යටතේ ලංකාවේ ප්‍රජතන්නත්‍රවාදය” යනුවෙන් සඳහන් කරමින් ඡායාරුප දෙකක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුනේ මෙලෙසින්

Facebook | Archived Link

එම සටහන සංසරණය වූ තවත් අවස්ථාවක් මෙතනින්.

Archived Link

මෙම සටහන් සියල්ලක් ම මඟින් හඟවා තිබුනේ මුල් ඡායරුපයේ දැක්වෙන මෝටර් රථය මත නැඟී අත්පොලසන් දෙන පුද්ගලයා පොලිසිය විසින් රැගෙන ගිය බවකි

අත්පොළසන් ගසමින් විරෝධතාවයට සහය පළ කිරීම හේතුවෙන් එම පුද්ගලයා පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට පත් වුණාද යන්න පිළිබඳ අප විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

“මර්දනය නවතනු, රනිල්-රාජපක්ෂ ජුන්ටාව පන්නමු” මැයෙන් ඊයේ දින (30) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබුණා.

මරදාන, ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් ඇරඹූ පා ගමන, ටෙක්නිකල් මංසන්ධියේ දී විසුරුවා හැරීම සඳහා ඒ ආසන්නයේ පොලීසිය, කැරලි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ යොදවා තිබුණත්, විරෝධතාකරුවන් ගමන් මග වෙනස් කරමින් කොළඹ නගර ශාලාව දෙසට ගමන් කළ අතර, ඉන්පසු ආරක්ෂක අංශ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ දී කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ක්‍රියා කර තිබුණා.

එහිදී පිරිසක් අත්අඩංගුවට ගත් බවත් සෞඛ්‍ය සේවකයින් ඊට විරෝධය දැක්වීම නිසා ඔවුන් අතර සිටි කිහිප දෙනෙකු ද පසුව අත්අඩංගුවට ගත් බවත් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. ඒ පිළිබඳ වීඩියෝවක් මෙතනින්. Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුප දෙකෙන්, පළමු ඡායාරූපය සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, එය ඡායාරූප ශිල්පී තිළිණ කළුතොටගේ විසින්අගෝස්තු 30 වනදා විරෝධතාවය අතරතුරදී ලබා ගත් ඡායාරූපයක් බවයි. එම ඡායාරූපය පහතින්.

Getty image | Archived Link

මෙම පළමු ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී අත්පොළසන් ගසනු ලබන පුද්ගලයා ඇඳ සිටි කමිසයේ වර්ණය නිල් පැහැය වූවත්, කලිසමේ පැහැය බේජ් /ක්‍රීම් පැහැයක් බව දිස්වේ.

එමෙන්ම ඉහත අවස්ථාව සම්බන්ධයෙන් News1st ප්‍රධාන පුවත් විකාශයේද දක්වා තිබුණු අතර එම පුද්ගලයාගේ කලිසමේ පැහැය එහිදී මනා අයුරින් දිස්වේ. එම අවස්ථාව මෙතනින්.

https://www.facebook.com/100074278541242/videos/1398589473959653/

දෙවන ඡායාරූපය ද, තිළිණ කළුතොටගේ විසින් ලබා ගත් ඡායාරූපයක් වන අතර එහි දැක්වෙන පුද්ගලයා ද නිල් වර්ණයෙන් යුතු කමිසයක් සහ අළු / කළු පැහැති වර්ණයෙන් යුතු කලිමසක් ඇඳ සිටි බවට පහත පරිදි දැකගන්නට පුළුවන්.

Facebook | Archived Link

ඡායාරූප ශිල්පී තිළිණ කළුතොටගේ

මේ පිළිබඳ තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ඉහත ඡායාරූප ලබා ගත් ඡායාරූප ශිල්පී තිළිණ කළුතොටගේ දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු පවසා සිටියේ ද ඉහත ඡායාරූප වල දැක්වෙන්නේ පුද්ගලයන් දෙදෙනෙක් බවයි.

එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් කළ විරෝධතාකරුවන් නැවත හැරී කොළඹ නගර ශාලාව දෙසට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ විරෝධතාවයට සහය දැක්වීමට මෝටර් රථයේ සිටි පුද්ගලයෙකු ඉන් එළියට පැමිණ අත්පොළසන් දුන් බවත්, ඊට විනාඩි 20කට පමණ පසු මරදාන, පූජ්‍ය බැද්දේගම විමලවන්ද මාවතේදී විරෝධතා පා ගමනේ සිටි වෙනත් පුද්ගලයෙකු පොලිසීය විසින් රැගෙන යාමේ අවස්ථාව දෙවන ඡායාරූපයෙන් දැක්වෙන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම එම අවස්ථාවේ පුද්ගලයාව පොලීසිය විසින් රැගෙන යන අවස්ථාවේ ඉදිරිපස ඡායාරූපයක් වෙනත් ඡායාරූප ශිල්පියෙක් විසින් ලබා ගෙන ඇති බවටත් සඳහන් කළ අතර එම ඡායාරූපය අප වෙත යොමු කරනු ලැබුවා.

ඡායාරූප ශිල්පී චින්තක පිටිගලආරච්චි විසින් ලබා ගෙන තිබු එම ඡායාරූපය ඉහත දෙවන අවස්ථාවේ පිටුපසින් දැක්වෙන ඡායාරූපයේ ඉදිරි පෙනුම ලබාගෙන තිබූ අතර එම අවස්ථාවේ පොලීසිය විසින් රැගෙන යන පුද්ගලයා පළමු ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා නොවන බවට පැහැදිලිවම තහවුරු වෙයි. එම ඡායාරූපය පහතින්.

Facebook | Archived Link

එම ඡායාරුප සංසන්දනය පහතින්

පොලිස් මාධ්‍ය ප්‍රකාශයක

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නිහාල් තල්දුව මහතාගෙන් ද අප සිදුකළ විමසීමේ දී තහවුරු කර සිටියේ ඉහත ඡායරූප සටහන් මඟින් හඟවා තිබු ආකාරයේ මහ මඟ වාහන තදබදයේදී මෝටර් රථය සිට අත්පොළසන් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් මේ වන විට එක් කාන්තාවක් ද සමග සම්පුර්ණයෙන් 28 දෙනෙකු ඊයේ (30) දිනයේ පැවති විරෝධතාවයට සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබූ බවයි. පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වූ අවස්ථා පිළිබඳ පුවත් වාර්තාවක් මෙතනින්. එමෙන්ම මේ වන විට අත්අඩංගුවට පත් වූ එම පුද්ගලයන්ට ද ඇප නියම වී තිබෙනවා.

ඊයේ විරෝධතාව අතරතුර පොලිස් භාරයට ගත් කිසිවකුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට නොගන්නා බව දැනුම් දී ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (31) පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි එම අවස්ථාව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ඊයේ (30) පැවති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතා පා ගමන අතරතුර දී ඊට සහය පළ කරමින් සිය මෝටර් රථයෙන් පිටතට පැමිණ අත්පොළසන් ගැසූ පුද්ගලයෙකු, විරෝධතාවයට සහයෝගය පළ කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය එකතුව නොමග යන සුළු බවයි.

එම ඡායාරුප දෙකෙහි දැක්වෙන්නේ පුද්ගලයන් දෙදෙනෙක් බව එම අවස්ථා දෙකම කැමරාවට නඟා තිබු ඡායාරූප ශිල්පී තිළිණ කළුතොටගේ විසින් තහවුරු කරනු ලැබූ අතර එම පුද්ගලයින් දෙදෙනාගේ මුහුණු සංසන්දනය කිරීමේ දී සහ හැඳි කලිසමේ පැහැය පරීක්ෂා කිරීමේ දී එහි සිටින්නේ පුද්ගලයින් දෙදෙනෙකු බව ද පැහැදිලි වෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:විරෝධතා පා ගමනට සහය දක්වමින් අත්පොළසන් දුන් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News