FIFA 2022 ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් මත්පැන් ගෙන ආ අයුරු? (PHOTO)

Update: 2022-11-21 13:54 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මැද පෙරදිග කලාපය සත්කාරකත්වය දරන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇති උත්කර්ෂවත් අන්දමින් ඊයේ(20) කටාර්හී දි ආරම්භ වුණා. ක්‍රීඩාංගණයට මත්පැන් රැගෙන ඒමට ඇති තහනම නොතකමින්, ප්‍රේක්ෂකයන් මත් පැන් ගෙන ආ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූ අතර මෙහි නිරවද්‍යතාවය සොයා FactCrescendo අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Fifa 2022 ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන පිටිය තුළට මත්පැන් රැගෙන එම තහනම් කිරිමත් සමග ප්‍රේක්ෂකයන් වෙනත් අකාර වලින් මත්පැන් පිටිය තුළට රැගෙනවිත් තිබු අයුරුයනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

FIFA 2022 ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන තරඟ පිටිය තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමට පසුගිය දා තීරණය කර තිබුණා. නමුත් එවැනි පසුබිමක ප්‍රේක්ෂකයන් වෙනත් අකාර වලින් බියර් කෑන් ක්‍රීඩාංගණය තුළට රැගෙනවිත් තිබුණ බවට ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍යධාරා වාර්තා කර ඇත්ද යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළත්, අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී එම ඡායාරූපයේ සිටින නිලධාරියාගේ කමිසයේ ඇති ලාංඡනය වෙත ද, අපගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබඳව සිදු කළ ගවේෂණයේදී දැක ගන්නට ලැබුණේ මෙය කාටාරයේ නොව, සවුදි අරාබියේ සාමාන්‍ය රේගු අධිකාරියේ ලාංඡනය බවයි. Archived Link

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ සුළමුල

සමාජ මාධ්‍ය ඔස්සේ කටාරයේ මෑතක සිදුවීමක් ලෙස හුවමාරු වූ ඡායාරුපය Reverse Image සෙවුමක් සඳහා ද අප යොමු කළ අතර එහිදී ද, තහවුරු වූයේ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, 2015 වර්ෂයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මායිම්ව සිටි සෞදි රේගු බලධාරීන් විසින් පෙප්සි කෝලා ලෙස හඟවමින් ඇසුරුම් කර තිබූ Heineken ටින් 48,000ක් සමඟ මිනිසෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූපයක් බවයි.

Washington post| Archived Link

ඒ අනුව පැහැදිලි වන්නේ, මෙය FIFA 2022 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කටාර් හි වූ සිදුවීමක් නොවන බවයි.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරඟය ලෙස සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය අතර පැවති තරගය, ඉක්වදෝරය ජය ගනු ලැබුවේ ගෝල 2ට 0ක් ලෙසයි පරාජය කරමින් ය. එම තරඟය තුළ මෙවැනි සිදුවීමක් වාර්තා වුනේ ද නැහැ.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

2022 FIFA ලෝක කුසලාන තරඟාවලිය සහ මධ්‍යසාර තහනම

කටාර් දේශයේ පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා යොදා ගන්නා ලබන ක්‍රීඩාංගණ සියල්ලේම (08) සියලුම මධ්‍යසාර විකිණීම තහනම් කර ඇති බව ක්‍රීඩා ජාත්‍යන්තර පාලක මණ්ඩලය වන FIFA පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේ තරඟ ආරම්භ වීමට දින දෙකකට පෙරීදීය. ලෝක පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මත්පැන් අලෙවිය තහනම් කිරීමට තීරණය කළේ "සත්කාරක රටේ බලධාරීන් සහ FIFA අතර පැවති සාකච්ඡාවලින් පසුව" බවත් ය. වැඩිදුර තොරතුරු මෙතනින්.

ක්‍රීඩාංගණ සහ අවට ප්‍රදේශ සියලුම රසිකයින්ට ප්‍රියජනක, ගෞරවනීය සහ ප්‍රසන්න අත්දැකීමක් ලබා දෙන බව සත්කාරක රටේ බලධාරීන් සහ FIFA අඛණ්ඩව සහතික කරනු ඇති බවත්, FIFA ලෝක කුසලාන කටාර් 2022™ අතරතුර සැමට ආහාර සැපයීම සඳහා ඔවුන්ගේ ඒකාබද්ධ කැපවීම සඳහා AB InBev ගේ අවබෝධය සහ අඛණ්ඩ සහයෝගය තරඟාවලි සංවිධායකයින් අගය කරන බවත්, ක්‍රීඩා ජාත්‍යන්තර පාලක මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කළේ මෙලෙසින්.

FIFA Statement | Archived Link

මැද පෙරදිග කලාපයේ රටවල් රැසක මෙන්ම මුස්ලිම් රටක් වන කටාර්හි ද මත්පැන් අලෙවිය සහ භාවිතය දැඩි ලෙස නියාමනය කරනු ලබයි. මේ හේතුවෙන් මත්පැන් අලෙවිය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවේ යැයි කලින් සිටම අනුමාන කර තිබුණ ද මේ ආකාරයට අවසන් මොහොතේ මත්පැන් අලෙවිය තහනම් කිරීම පිළිබඳ ප්‍රේක්ෂකයන්, බියර් සමාගම් ඇතුළු බොහෝ පිරිසක් අප්‍රසාදය පළකර තිබුණා. ඔවුන් පවසා සිටින්නේ මෙවැනි තීරණයක් ගන්නේ නම් මීට බොහෝ කලකට පෙර ගත හැකිව තිබූ බවයි.

එසේම, සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට මෙසේ බියර් මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වුවත් මිල අධික විශේෂ කුටි සඳහා පමණක් සහ ඇතැම් රසික කලාපවලට රාත්‍රී 7 න් පසු, බඩ්වයිසර් ඉහළ මිලකට මිලදී ගැනීමේ අවස්ථාව සංවිධාකයින් ලබා දී තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී නිලධාරයින් පැවසුවේ ප්‍රවේශපත්‍ර ලබා ගත් රසිකයින්ට තරඟ ආරම්භයට පැය තුනකට පෙර සහ අවසන් විස්ල් හඬට පැයකට පසුව මධ්‍යසාර බියර් මිලදී ගත හැකි නමුත් තරඟය අතරතුර නොවන බවත්ය. කටාර්හි මත්පැන් අලෙවිය දැඩි ලෙස පාලනය වන අතර, ලෝක කුසලාන තරඟ පැවැත්වෙන ස්ථාන සහ රසික කලාපවලින් පිටත තම නිෂ්පාදන අලෙවි කිරීමට FIFA අනුග්‍රාහක Budweiser හට අවසර දීම සඳහා එහි සීමාවන් ලිහිල් කිරීමට සිදු වී ඇත. ඒ අනුව පාපන්දු ලෝලීන්ට මධ්‍යසාර පානයට සමාන රසයක් ඇති ඇල්කොහොල් වලින් තොර Bud Zero පානය මිලදී ගැනීමට හැකි වනු ඇත.

ඒ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මත්පැන් තහනමක් පවතින මෙවර FIFA 2022 ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට, පෙප්සි කෑන් ලෙස ව්‍යාජ ආවරණයක් යොදා ගනිමින්, ප්‍රේක්ෂකයන් විසින් බියර් කෑන් ගෙනා අයුරු බව හැඟවීමට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ඡායාරූපය මෑතක දී සිදුවීමක් නොවන බවයි.

මෙහි දැක්වෙන්නේ 2015 වසරේ සවුදි අරාබියේ, රේගු බලධාරීන් විසින් පෙප්සි කෝලා ලෙස හඟවමින් ඇසුරුම් කර තිබූ Heineken බියර් කෑන් 48,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවක දී ලබාගත් ඡායාරූපයකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:FIFA 2022 ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් මත්පැන් ගෙන ආ අයුරු? (PHOTO)

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News