ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන පුරුදු 07ක් ඇතුළත් ලැයිස්තුවක් නිකුත්කර නැහැ!

Update: 2022-12-08 17:10 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මිනිස් මොළය යනු මිනිස් සිරුරේ ඇති සංකීර්ණම ඉන්ද්‍රිය වන අතර ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරමින් ශරීරයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාකරන්නේ, මිනිස් මොළයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන චර්යාවන් මොනවාද යන්න පිළිබඳ දක්වා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

WhatsApp ඔස්සේ සංසරණය වූ පණවිඩයක දක්වා තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මොළයට හානි කරන චර්යාවන් 07ක් පිළිබඳව සඳහන් කර ඇති බවයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් එම සටහන සංසරණය වූයේ මෙලෙසින්.

මෙම සටහන සිංහල භාෂාවෙන් පළ වී තිබුණේ මේ අයුරින්.

උදේ ආහාරය නොගෙන සිටීම, ප්‍රමාද වී නින්දට යාම, අධිකලෙස සීනි පාරිභෝජනය කිරීම, උදෑසන වැඩිපුර නිදා ගැනීම, රූපවාහිනී නරඹමින් හෝ පරිඝනකයේ වැඩ කරමින් ආහාර ගැනීම, හිස් වැසුම්, මේස් පැළඳ නිදා ගැනීම සහ පුරුද්දක් ලෙස වැඩි කාලයක් මුත්‍රා බර ආයාසයෙන් දරාගෙන සිටීම යන කරුණු හේතුවෙන් මොළයට දැඩි හානි සිදු වන බවයි.

Facebook | Archived Link

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා කරුණු පරීක්ෂාවක් අප සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප ප්‍රථමයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට දැඩි හානි සිදු විය හැකි ක්‍රම ලෙස නිල ප්‍රකාශයක් හෝ සඳහනක් සිදු කර තිබෙනවාද යන්න පරීක්ෂාවක් සිදු කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් සෞඛ්‍ය බලධාරීන් විසින් ලැයිස්තුගත කර ඇති ඉහත සඳහන් ඇතැම් ක්‍රියාකාරකම්වල ඝෘණාත්මක බලපෑම් පිළිබඳව උපදෙස් දී තිබුණද, ඉහත සටහනේ සඳහන් ලෙස ලැයිස්තුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති බවට දැක ගන්නට නොලැබිණි.

ඉහත සඳහන් සටහනේ දැක්වෙන පරිදි මොළයට දැඩි හානි සිදු විය හැකි ක්‍රම පිළිබඳ කරුණු ඇතුළත් ලැයිස්තුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉදිරිපත් කර තිබුනේ නැති බව පිලිපීනයේ සහ නයිජීරියාවේ WHO නියෝජිත ආයතන විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

ඒ අනුව පැහැදිලි වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉහත සඳහන් ලෙස මොළයට දැඩි හානි සිදු විය හැකි පුරුදු 07ක් ලෙස ඉහත ක්‍රම ලැයිස්තු ගත කර නොමැති බවයි.

කෙසේ වෙතත්, බොහෝ විශේෂඥයින් විශ්වාස කරන්නේ නින්ද නොලැබීම මොළයේ සෛල කෙරෙහි අහිතකර ලෙස බලපාන ප්‍රධාන අංගයක් වන අතර හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලය සඳහන් කරන්නේ, දවසේ වැඩි වේලාවක් අසුන්ගෙන සිටීම සහ නිදන්ගත ආතතිය වැනි තවත් සාධක කිහිපයක් මොළයට හානි කරන පුරුදු ලෙසයි. එවැනි සටහන් මෙතනින්. Archived Link

ඉහත සමාජ මාධ්‍ය සටහනේ ලැයිස්තුගත කර ඇති එක් එක් කරුණු සහ මොළයේ ක්‍රියාකාරිත්වය සහ මොළයේ හානි පිළිබඳ පවතින පර්යේෂණ සහ විශේෂඥ අදහස් පිළිබඳ විමසා බැලීමක් අප සිදු කළා.

  1. උදේ ආහාරය නොගෙන සිටීම

මොළයේ ක්‍රියාකාරිත්වය සහ උදෑසන ආහාරය මඟ හැරීම පිළිබඳ සීමිත පර්යේෂණ පවතින අතර, චීනයේ කරන ලද පර්යේෂණයකින්, උදේ ආහාරය මඟ හැරීම හෝ ගුණාත්මක බවින් අඩු උදෑසන ආහාරය ගැනීම සංජානන ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන බවට විශේෂඥයින් පවසයි. ඒ පිළිබඳව මෙතනින් Archived Link.

ෆරිදාබාද්හි මෙට්‍රෝ රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය සුෂ්මා ශර්මා, ද එකඟ වන්නේ උදෑසන ආහාරය නැතිවීම මොළයේ ක්‍රියාකාරිත්වයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි නමුත් මොළයට හානි වීම වැනි ඉතා ප්‍රබල වචනයක් භාවිත කිරීම සුදුසු නොවන අතර ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ස්නායු ගැටලු සම්බන්ධ සම්පූර්ණ වාර්තාව මෙතනින්. Archived Link

  1. ප්‍රමාද වී නින්දට යාම

ප්‍රමාද වී නිදා ගැනීමට වඩා, ප්‍රමාණවත් පැය ගණනක් නිදා නොගැනීමෙන් මොළයට හානි සිදු විය හැකි අතර, මෙය ඉහත දැක් වූ පරිදි බොහෝ විශේෂඥයින් එකඟ වන කරුණකි. සාමාන්‍යයෙන් වැඩිහිටි මිනිසෙකුට නිසි සංජානන ක්‍රියාකාරකම් සඳහා පැය 7-9 ක නින්දක් උපදෙස් දෙනු ලබන අතර, ඉතා අඩු නින්දක් මතක ශක්තියට බලපාන බව හාවඩ් සෞඛ්‍ය බ්ලොග් අඩවිය පෙන්වා දෙයි.

  1. අධිකලෙස සීනි පාරිභෝජනය කිරීම

හාවඩ් වෛද්‍ය විද්‍යාලයට අනුව, රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සංජානන අපහසුතා මෙන්ම මොළයට හානි සිදු විය හැකි බවයි. ඔවුන් සඳහන් කරන්නේ, ඉහළ රුධිර ග්ලූකෝස් මට්ටම මොළයේ ක්‍රියාකාරී සම්බන්ධතාවයට බලපෑ හැකි බවත්, එය ක්‍රියාකාරී ගුණාංග බෙදා ගන්නා මොළයේ කලාප සම්බන්ධ කරන බවත්, එය මොළය හැකිලීමට ද හේතු විය හැකි බවයි.

තව ද එය මොළයේ රුධිර ප්‍රවාහය සීමා කරන, සංජානන අපහසුතා ඇති කරන සහ එය ප්‍රමාණවත් තරම් දරුණු නම්, සනාල ඩිමෙන්ශියාව වර්ධනය වීමට තුඩු දෙන කුඩා නාල රෝගවලට තුඩු දිය හැකි බවයි. සම්පූර්ණ ලිපිය මෙතනින්. Archived Link

වැඩිහිටියන් හා ළමුන් යන දෙඅංශයෙන්ම සීනි වලින් තොර (Free sugar) පරිභෝජනය මුළු බලශක්ති පරිභෝජනයෙන් 10% ට වඩා අඩු කළ යුතු අතර සමස්ත බලශක්ති පරිභෝජනයෙන් 5% ට වඩා අඩු කිරීම අතිරේක සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබුණේ මේ අයුරින්.

  1. උදෑසන වැඩිපුර නිදා ගැනීම

උදෑසන වැඩි නින්දක් ලබා ගැනීම මොළයේ හානියට සෘජු සම්බන්ධයක් ඇති බවට සාක්ෂි නොමැත. කෙසේ වෙතත්, ඔබ උදෑසන වැඩිපුර නිදා ගන්නේ නම්, ජීව විද්‍යාත්මක රිද්මය වෙනස් විය හැකි අතර එය ඔබට යම් හානියක් විය හැකි බවට විශේෂඥයින් පෙන්වා දෙයි. ඒ පිළිබඳ පළ වූ ලිපියක් මෙතනින්. Archived Link

  1. රූපවාහිනී නරඹමින් හෝ පරිඝනකයේ වැඩ කරමින් ආහාර ගැනීම

මෙම කරුණද, මොළයට සිදුවන හානිය කෙරෙහි සෘජු බලපෑමක් ඇති නොකරයි. කෙසේ වෙතත්, රූපවාහිනිය නරඹමින් ආහාර ගන්නා විට කෙනෙකුට දැනුවත්භාවය නැති වී අධික ලෙස ආහාර ගත හැකිය. එසේ කිරීමෙන් ස්ථුලතාවයට පත් වීමට හේතු විය හැක. මේ ගැන අධ්‍යයනයක් මෙතනින්. Archived Link.

  1. හිස් වැසුම්, මේස් පැළඳ නිදා ගැනීම

වෛද්‍ය විශේෂඥයින් පවසන පරිදි හිස්වැසුම්/මේස් පැළඳීමෙන් මොළයට මෙන්ම සමස්ත සෞඛ්‍යයටද විශේෂ අහිතකර බලපෑමක් ඇති නොවන බවයි සත්‍ය වශයෙන්ම, සීතල දේශගුණය තුළ, මෙය සුවපහසු නින්දක් සඳහා උපකාර වන අතර, එය මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා හොඳ සාධකයක් ලෙස සැලකිය හැක. මේ සම්බන්ධ කරුණු පරීක්‍ෂණ වාර්තාවක් මෙතනින්. Archived Link

  1. වැඩි කාලයක් මුත්‍රා බර ආයාසයෙන් දරාගෙන සිටීම

මේ හේතුවෙන් සෘජුවම මොළයට හානි වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති වුවද, මුත්‍රා රඳවා තබා ගැනීම සුදුසු පුරුද්දක් නොවන අතර මෙය මුත්‍රාශයේ මාංශ පේශි දුර්වල වීමට හේතු විය හැක. එය වකුගඩු ක්‍රියාකාරිත්වයට ද බාධාවක් විය හැක. මේ පිළිබඳ පළ වූ ලිපියක් මෙතනින්. Archived Link

2021 ලෝක ආඝාත දිනයේදී WHO විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක දැක්වෙන්නේ, ආඝාතය සඳහා ජීවන රටා අවදානම් සාධක මත අධික බර හෝ තරබාරුකම, ශාරීරික අක්‍රියතාව, දුම්කොළ භාවිතය සහ මත්පැන් අනිසි භාවිතය. වෛද්‍ය අවදානම් සාධක අතරට අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ ආඝාත හෝ හෘදයාබාධ පිළිබඳ පවුලේ ඉතිහාසයක් ඇති බවයි. Johns Hopkins Medicine Home විසින් මේ පිළිබඳ ඉදිරිපත් කර ඇති ලිපියක් මෙතනින්.

Also Read: While Some Of These Habits Can Impact Brain Activity; This Is A List Falsely Attributed To WHO!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන පුරුදු හතක් ලෙස ලැයිස්තුවක් නිකුත් කර නොමැති බවයි. කෙසේ වෙතත්, එම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලැයිස්තුගත කර ඇති ඇතැම් චර්යාවන් පමණක්, මිනිස් සිරුරට සහ මොළයේ ක්‍රියාකාරිත්වයට ඝෘණාත්මක බලපෑම් ඇති කළ හැකිය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන පුරුදු 07ක් ඇතුළත් ලැයිස්තුවක් නිකුත්කර නැහැ!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News