කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Update: 2023-01-09 17:40 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මෑතදී චීනයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමත් සමඟම, COVID-19 සම්බන්ධයෙන් ලාංකේය සමාජ ජාලා අවකාශය තුළ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය පැතිර ගිය පසුගිය වකවානුවේදී සිදුවූ ආකාරයටම නැවතත් වැරදි තොරතුරු වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යන බවක් දක්නට ලැබෙනවා.

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදයේම වෙනස් මාදිලියක් වන XBB සම්බන්ධයෙන් සමාජ ජාලාවල මේ දිනවල පැතිර යන වැරදි තොරතුරු පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

Covid-19 හි ප්‍රබේදයක් වන ඔමික්‍රෝන් හි උප ප්‍රබේදයක් වන XBB අතිශය භයංකාර බවත් සහ එය ඩෙල්ටා ප්‍රබේදය මෙන් 5 ගුණයක් මාරාන්තික බවක් හගවමින් සමාජ ජාලා පරිශීලකයන් බියට පත් කරමින් ෆේස්බුක් හරහා පහත පණිවිඩය හුවමාරුවන බවක් අපට දක්නට ලැබුණා. එම පණිවුඩය පහතින්.

ඔබ සැමගේ අවධානය පිණිසයි!

XBB ප්‍රභේදය*

COVID-Omicron XBB කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය වෙනස්, මාරාන්තික සහ නිවැරදිව හඳුනා ගැනීම පහසු නොවන නිසා සෑම කෙනෙකුටම මුව ආවරණ පැළඳීමට උපදෙස් දෙනු ලැබේ.

නව වෛරසය COVID-Omicron XBB හි රෝග ලක්ෂණ පහත දැක්වේ:

1. කැස්සක් නැත.

2. උණක් නැත.

මෙම අනෙකුත් සීමිත සංඛ්‍යාවක් පමණක් වනු ඇත:

3. සන්ධි වේදනාව.

4. හිසරදය.

5. බෙල්ලේ වේදනාව.

6. ඉහළ පිටුපස වේදනාව.

7. නියුමෝනියාව.

8. ආහාර රුචිය නැත.

COVID-Omicron XBB ඩෙල්ටා ප්‍රභේදයට වඩා 5 ගුණයකින් වැඩි වයිරසයක් වන අතර එයට වඩා ඉහළ මරණ අනුපාතයක් ඇත.

තත්වය බරපතල වීම සඳහා අඩු කාලයක් ගත වන අතර සමහර විට පැහැදිලි රෝග ලක්ෂණ නොමැත.

මේ නිසා අපි තවත් පරිස්සම් වෙමු!

වෛරසයේ මෙම වික්‍රියාව නාසෝෆරින්ක්ස් කලාපයේ දක්නට නොලැබෙන අතර සාපේක්ෂව කෙටි කාලයක් සඳහා පෙනහළු වලට සෘජුවම බලපායි.

Covid-Omicron XBB රෝග විනිශ්චය කරන ලද රෝගීන් කිහිප දෙනෙකු afebrile සහ වේදනා රහිත ලෙස වර්ගීකරණය කර ඇත, නමුත් x-ray මගින් මෘදු පපුවේ නියුමෝනියාව පෙන්නුම් කරන ලදී.

Covid-Omicron XBB සඳහා නාසල් ස්පුබ් පරීක්ෂණ බොහෝ විට ඍණාත්මක වන අතර ව්‍යාජ සෘණ නාසෝෆරින්ජියල් පරීක්ෂණ වැඩි වෙමින් පවතී.

මෙයින් අදහස් කරන්නේ වෛරසය ප්‍රජාව තුළ පැතිරී පෙනහළු වලට කෙලින්ම ආසාදනය විය හැකි අතර වෛරස් නියුමෝනියාව ඇති කරන අතර එමඟින් උග්‍ර ශ්වසන අපහසුතාවයක් ඇති විය හැකි බවයි.

Covid-Omicron XBB ඉතා බෝවන, අධික වෛරස් හා මාරාන්තික දෙයක් බවට පත්ව ඇත්තේ මන්දැයි මෙයින් පැහැදිලි වේ.

ප්‍රවේශම් වන්න, ජනාකීර්ණ ස්ථානවලින් වළකින්න, විවෘත ස්ථානවල පවා මීටර් 1.5 ක දුරක් තබා ගන්න, ද්විත්ව ස්ථර ආවරණයක් පළඳින්න, සුදුසු වෙස්මුහුණක් පළඳින්න, සෑම කෙනෙකුම රෝග ලක්ෂණ නොමැති වුවද (කැස්සක් හෝ කිවිසුම් යාමක් නැත) නිතර අත් සෝදන්න.

මෙම Covid-Omicron XBB තරංගය Covid-19 හි පළමු රැල්ලට වඩා මාරාන්තික වේ. එබැවින් අප ඉතා ප්‍රවේශම් විය යුතු අතර කොරෝනා වයිරසයට එරෙහිව ශක්තිමත් පූර්වාරක්ෂාවන් කිහිපයක් ගත යුතුය.

ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ සුපරීක්ෂාකාරී සන්නිවේදනයක් පවත්වා ගන්න.

මෙම තොරතුරු ඔබ ළඟ තබා නොගන්න, අනෙකුත් පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ බෙදා ගන්න.

එක්සත් ජාතීන් වෙතින් පණිවිඩයක් !.

Facebook | Archived

මෙවන් සටහන් ෆේස්බුක් හරහා බහුලව පැතිර තිබු අතර මෙම පණිවිඩය වට්ස්ඇප් හරහාද බහුලව ව්‍යාප්තව තිබුණු ආකාරයක් දක්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම)

එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එහි සෞඛ්‍ය සම්බන්ධව කටයුතු කරන අනුබද්ධ සංවිධානය වන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවන් නිවේදනයක් සිදුකර ඇතිද යන කාරණය අප මුලින්ම සොයා බැලුවා. එහිදී අපට දක්නට ලැබුණේ මෙවන් පණිවිඩයක් ඔවුන් සිය නිල නිවේදන හරහා හෝ වෙබ් අඩවි හෝ නිලා සමාජ ජාලා අඩවි ඔස්සේ නිකුත්කර නොමැති බවයි.

තාක්ෂණික වශයෙන්, XBB යනු Covid-19 හි සෘජු ප්‍රභේදයක් නොවන අතර එය Covid 19 Omicron ප්‍රභේදයේ උප ප්‍රභේදයකි. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්වචනයට අනුව, XBB යනු Omicron හි BA.2.10.1 සහ BA.2.75 උප ප්‍රභේදවල ප්‍රතිසංයෝජනයකි. ඒ පිලිබදව වැඩි විස්තර මෙතනින්. Archived

සාමාන්‍ය RAT (රැපිඩ් අන්ටිජන්) සහ PCR පරීක්ෂණ වලින් XBB උප ප්‍රභේද හඳුනා ගත හැකිද යන්න පිළිබඳව මතභේදයක් පවතී. RAT වැනි පරීක්ෂණ වලින් එය තීරණය කළ හැකි බව ක්ෂේත්‍රයේ සමහර ප්‍රවීණයන් ප්‍රකාශ කරන අතරේ තවත් සමහර අය මෙම ප්‍රතිඵල ගැන සැක කරති. ඒ සම්බන්ධයෙන් විස්තර මෙතනින්. Archived

XBB හි රෝග ලක්ෂණ සහ බරපතලකම

XBB හි රෝග ලක්ෂණ Omicron covid-19 ප්‍රභේදවල අනෙකුත් උප ප්‍රභේදවලට සමාන වේ. කෙසේ වෙතත්, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ද දැකිය හැකි අතර, රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් මෘදු බව ඉන්දුනීසියානු රජයේ කොවිඩ් 19 වසංගතයේ ප්‍රකාශිකාව පවසයි. ඒ වගේම ආසාදනයේ බරපතලකම අඩුයි. නමුත් වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රතිශතය ඉහළයි. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් කියවිය හැකිය මෙතනින් . Archived

XBB ආසාදනයේ බරපතලකම සාපේක්ෂව අඩු බව ඉන්දීය මාධ්‍ය වාර්තා ද සඳහන් කරයි. ඒ පිලිබදව විස්තර මෙතනින්. Archived

XBB 1.5

2022 වසරේ අග භාගය වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ පැතිරෙන XBB 1.5 මාදිලිය , වේගයෙන්ම පැතිර යන කොවිඩ් මාදිලිය බවට පත්වීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිළිබද විද්වත්වරියක් වන Maria Van Kirkhove පෙර ප්‍රකාශ කර තසිටියා. එහි පැතිරයාමේ වේගය වැඩිබව තහවුරු වූවත්, රෝගයේ භයානක බව /මරණ අනුපාතය වැඩි බවට සාක්ෂි නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඒ සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තාවක් කියවිය හැකියි මෙතනින්. Archived

2022 වසරේ අග Maria Van Kerkhov විසින් ඔමික්‍රෝන් හි උපප්‍රබේදයක්වන XBB අලුත්ම මාදිලිය XBB 1.5 සම්බන්ධයෙන් ,චීනයේ කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් අදහස් දැක්වූ වීඩියෝවක් මෙතනින්

XBB ඉන්දියාවේ ද කොවිඩ් ව්‍යාප්තියට හේතුවන ප්‍රමුඛ ප්‍රබේදය බවට පත්ව තිබෙනවා . නමුත් බොහෝ අය තුළ එය උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවට වඩා වැඩි දෙයක් ඇති නොකරයි. සිද්ධි ගණන පවා අඩු වී ඇත - දෙසැම්බර් අවසන් සති කිහිපය තුළ විශාල ජනගහනයක් සහිත ඉන්දියාවේ සාමාන්‍යයෙන් දිනකට රෝගීන් 158 ක් පමණ සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වාර්තාවී තිබුණි. ඒ සම්බන්ධ විස්තර මෙතනින්. Archived

XBB උප ප්‍රබේදයට නාසික කුහරය මඟ හැර පෙණහලුවලට පහර දිය හැකිද?

“SARS-CoV-2 වෛරසය නිශ්චල වන අතර අප ආශ්වාස කරන ජල බිඳිති සහ aerosol හරහා ගමන් කරයි. එය නිශ්චිත ඉලක්කයක් සොයන මිසයිලයක් නොවේ. පෙනහළුවලට ළඟා වීමට පෙර නාස් කුහරය හරහා අප හුස්ම ගන්නා වාතය ලෙස, වෛරසයේ වැඩි ප්‍රමාණයක් අවසන් වන්නේ එතැනිනි, එබැවින් අපි COVID-19 හඳුනා ගැනීම සඳහා නාස් කුහරය තුලින් ලබාගන්නා සාම්පල පරික්ෂාවට ලක් කරන්නෙමු. ”, වෛද්‍ය වෛද්‍ය ඒඩ්‍රියන් වොන්ග් ඔහුගේ කරුණු විමසිම්වල සදහන් කර තිබෙනවා.ඒ සම්බන්ධ විස්තර මෙතනින්.Archived

මාස කිහිපයකට පෙර Microbiology Spectrum සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී, Cornell University College of Veterinary College හි පර්යේෂකයන් තහවුරු කළේ නාස්පුඩුව ඇතුළත සිට සාම්පල පරීක්ෂා කිරීම COVID පරීක්ෂා කිරීමට සහ නිරීක්ෂණය කිරීමට වඩාත් ඵලදායී ක්‍රමය බවයි. ඒ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පළකල ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම සමාජ ජාලා සටහන්වල ඇති බොහෝ කරුණු අසත්‍ය සහ නොමගයවන සුලු වුවත් කොවිඩ් තත්ත්වය තවමත් පහව ගොස් නොමැති නිසා ජනාකීර්ණ ස්ථානවලට යන විට මුහුණු ආවරණ පැළදීම වැනි මුලික සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතු බවයි. එය කොවිඩ් වලින් මෙන්ම අනෙකුත් ශ්වසන රෝග ඇතිවීම වළකාගැනීමට ඉවහල්වන බවත් ඔහු පැවසුවා.

සමාජ ජාලා හරහා පැතිරෙන ප්‍රචාර සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

නවතම XBB 1.16 නැතහොත් Arcturus ප්‍රබේදය (Updated 15th May 2023)

XBB.1.16 (Arcturus) යන Omicron උප ප්‍රභේදය ප්‍රථම වරට ජනවාරි මාසයේදී අනාවරණය වී ඇත. එය ඉක්මනින් ව්‍යාප්ත වී ඇති අතර දැන් එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුළු රටවල් 29 ක වාර්තා වී ඇත. ඇමරිකාවේ නව Covid රෝගීන්ගෙන් 14% කට පමණ මෙම Arcturus උප ප්‍රබේදය හේතු වන බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) නවතම දත්ත පෙන්වා දෙනවා. එසේම මෙය ලොව පුරා වැඩි වශෙයන්ම ව්‍යාප්ත වන ප්‍රබේදය බවට පත්වීමේ ඉඩකඩක් පවතිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව , XBB.1.16 විසින් මීට පෙර ඉන්දියාවේ සංසරණයේ තිබූ අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන් අභිභවා ඇති අතර, මාර්තු 22 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් Arcturus ප්‍රභේදය, "අවධානය යොමු කළ යුතු ප්‍රභේදයක්" ලෙස නම් කරන ලදී.

XBB 1.5ට බොහෝදුරට සමාන XBB.1.16 හි ස්පයික් ප්‍රෝටීනයේ කැපී පෙනෙන වෙනසක් තිබෙන අතර ඒ හේතුවෙන් , Arcturus සම්ප්‍රේෂණය වැඩි වී ඇත, එනම් වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩා පහසුවෙන් පැතිර යා හැක.

Indian Express වෙත අදහස් දක්වමින් Global Hospitals හි ජ්‍යෙෂ්ඨ වෛද්‍ උපදේශිකා Namrata Jasani පැවසුවේ මෙම ප්‍රභේදය ආසාදනය වූ දරුවන්ට අධික උණ, කැස්ස, රතු පැහැය, කැසීම සහ ඇස්වලින් දියර ගලා යාම වැනි රෝග ලක්ෂණ අත්විඳිය හැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂණ ජාලයේ සාමාජිකයෙකු වන Vipin M. Vashishtha ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ Arcturus ආසාදනය වූ ළමුන් වැඩි ප්‍රමාණයක් “ඇස් කැසීම සහිත කොන්ජන්ටිවිටිස්” තත්වයන් ද දැක ගත හැකි බවයි. වෙනත් විශේෂඥයන් ද පවසන්නේ එය පෙර ප්‍රභේදවලට වඩා කොන්ජන්ටිවිටිස් තත්වය සහ හෝ ඇස් රෝස පැහැ ගැන්වීමේ තත්වය (Pink Eye) ඇති කරන බව පෙනෙන බවයි.

මෙම Pink Eye තත්වය බොහෝ විට දින 7 සිට 14 ක දීතනිවම පහව යන අතර, කොන්ජන්ටිවිටිස් තත්වය බොහෝවිට සති 2 සිට 3 දක්වා හෝ ඊට වැඩි කාලයක් ද පැවතිය හැකි අතර ඉක්මණින් සම්ප්‍රේෂණය වන මෙම ප්‍රභේදයෙන් වැළකී සිටීමට පුද්ගලික සනීපාරක්ෂා තහවුරු ගනිමින් පෙර පරිදි සෞඛ්‍යාරක්ෂණ පුරුදු කෙරෙහි යොමු වීම වැදගත් වෙනවා. එසේම වත්මන් ප්‍රභේදයන්ගෙන් වැඩි ප්‍රතිශක්තියක් ලබා ගැනීමට, මෙතෙක් බුස්ටර් එන්නත් ලබාගෙන නොමැති නම් ඒ සඳහා ද යොමුවන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙනවා. මේ පිලිබඳ ලිපියක් මෙතනින්.

XBB 1.16 පිලිබඳ ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු පැහැදිලි කිරීමක් මෙතනින්.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අපගේ විමර්ශනයට අනුව, සමාජ මාධ්‍ය පළ කිරීම් ප්‍රකාශ කරන පරිදි, Omicron COVID-19 ප්‍රභේදයේ XBB උප ප්‍රභේදය ඩෙල්ටා වලට වඩා 5 ගුණයක් මාරාන්තික බව යෝජනා කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති බව පැහැදිලිය.
වත්මන් දත්ත අනුව XBB ආසාදනය වීම කොරෝනා රෝගයෙහි බරපතලකමෙහි සැලකිය යුතු වෙනස්කම් ඇති නොකරයි; කෙසේ වෙතත්, XBB උප ප්‍රභේදය බෙහෙවින් සම්ප්‍රේෂණය වන අතර, විද්‍යාඥයින් Omicron හි මෙම නව උප ප්‍රභේදයේ සහ එහි විවිධ මාදිලි වන XBB 1.5 ආදියේ බලපෑම් දිගටම අධ්‍යයනය කරති.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොවිඩ් - ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන ව්‍යාජ සමාජ ජාලා සටහන් පිලිබදව පැහැදිලි කිරීමක් !!

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News