රදැල්ල අනතුරින් පාසල් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පළවන සටහන් සාවද්‍යයි!

Update: 2023-01-21 05:41 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

නුවරඑළිය, රදැල්ල ප්‍රදේශයේදී කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් පාසල් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“නුවරඑළිය නානූ ඔය මාර්ගයේ පාසල් ළමුන් ගමන් ගත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් ළමුන් හත් දෙනෙකු ජීවිතක්ෂයට, තිස් එකක් රෝහලට” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන්ම එම පුවත සත්‍ය බවට ඇතැම් පිරිසක් නොමග ගොස් තිබුණු බවට එම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් පෙනී ගියා.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෙනත් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකට ගැටීමෙන් නුවරඑළිය, රදල්ල ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ මාරක රිය අනතුරකින් සිදුවූවා.

එම අනතුරින් පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 41දෙනෙකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පාසල් සිසුන්ට ජීවිත අවදානමක් නැති බවට ඊයේ දිනදී ප්‍රධාන මාධ්‍ය වාර්තා කරේ මෙලෙසින්.

Full View

පොලිස් මාධ්‍ය කොට්ඨාශය

අනතුරින් වෑන් රථයේ ගමන් කළ වයස අවුරුදු 13 පිරිමි ළමයෙක්, අවුරුදු 26,27 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් 03ක්, වයස අවුරුදු 08 සහ 12 ක් වන ගැහැණු ළමුන් 02ක්, වයස අවුරුදු 43ක කාන්තාවක් ඇතුළු 06 දෙනෙකු හා ත්‍රීරෝද රථයේ රියැදුරු මියගොස් ඇති බවටත් ඔවුන් නානුඔය, හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් බවටත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. පොලිස් මාධ්‍ය වාර්තාව මෙතනින්.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා දැක්වූ අදහස්.

Full View

පාසල් ළමුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ තහවුරු කරයි...

නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, අනතුරින් වෑන් රථයේ ගමන් ගත් ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

එමෙන්ම රෝහලට ඇතුළත් කළ සිසුන් අතර එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බව ද, වෛද්‍යවරයා පැවසූවා.

තුවාල ලැබූ 53 දෙනෙකු මේ වන විට නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවද, ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති පරිදි ළමුන් 07 දෙනෙකු නොව 03 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවට තහවුරු වේ.

තර්ස්ටන් විදුහලේ සිසුන් ගමන් ගත් බස් රථය පිළිබඳව ද සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇති වී තිබුණු අතර මේ පිළිබඳව අදහස් දක්වමින්, කැබිනට් අමාත්‍ය ජීවන් තොන්ඩමන් වීඩියෝවක් පළකරමින් පැවසූවේ එම සිසුන් 60 දෙනා අතරින් කිසිවකු මිය ගොස් නැති බවත් තුවාල ලැබුවන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. එම වීඩියෝව පහතින්.

https://twitter.com/i/status/1616469739986886659

ඒ පිළිබඳව සිසුන් පිරිසක් පළකර තිබු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක් මෙතනින්.

නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, රදැල්ල ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට හැටන් දෙසට ධාවනය වූ අධ්‍යාපන චාරිකාවක නිරතවෙමින් සිටි කොළඹ තර්ස්ටන් විදුහලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් රැගත් බස් රථයක රියදුරුට රථය පාලනය කරගත නොහැකිව හැටන් දෙස සිට නුවරඑළිය දෙසට ධාවනය වූ වෑන් රථයක හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෛ අනතුරු සිදුවුණා.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබුණා.

https://www.youtube.com/watch?v=RxgOXeh8zXU

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඊයේ(20) දිනයේදී නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් ළමුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන පුවත අසත්‍ය බවයි. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් ළමුන් තිදෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

නුවරඑළිය මහ රෝහලේ මෙම අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටින අතර එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවට නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා තහවුරු කළා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රදැල්ල අනතුරින් පාසල් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පළවන සටහන් සාවද්‍යයි!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News