මාලිමාව මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනකට සනත් ජයසූරිය එක් වුණා ද?

Update: 2023-02-06 07:08 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවලදී ලබා ගන්නා ඡායාරූප නොමග යන සුළු අර්ථකථනයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ දේශපාලන වාසි ලබා ගැනීම මෙම මැතිවරණ කාල සීමාවේ අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

මහරගම කොට්ඨාසයේ විද්‍යාකර මාවත, බටදොඹගහවත්ත, සිසිල උද්‍යානයේ පසුගිය සෙනසුරාදා (4) මාලිමාව මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනක් පැවති අතර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියද ඊට එක් විය.යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එමෙන්ම ඉහත සටහන දක්වා ඇති සබැඳියේ ඇති වෙබ් ලිපියක් මෙතනින්. Archived Link

මෙම සටහන පළ වූ තවත් අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

සනත් ජයසූරිය මහතා මාලිමාවට කැන්වසින් ගිය බවට පළ වූ ඉහත සටහන සත්‍යයක් බවට බොහෝ දෙනා පිළිගෙන තිබුණා.

‍මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මෙවර ජාතික ජන බලවේගය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වූ බවට දක්වා තිබූ ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ, ඔහු මෝටර් රථයේ ගමන් කරමින් සිටින විට ඔහුට ලැබුණු අත්පත්‍රිකාවක් කියවන ස්වරූපයකි.

එහිදී ඔහු අත එක් අත් පත්‍රිකාවක් පමණක් ඇති බව ත්, එහිදී හොඳින් නිරීක්ෂණය වනවා.

සනත් ජයසූරිය මහතා මැතිවරණ ප්‍රචාරණයකට එකතු වී ඇත්නම් තවත්, ඡායාරූප තිබිය යුතු බැවින් අප එදින ලබා ගත් සනත් ජයසූරිය මහතා මැතිවරණ ප්‍රචාරණයක නියැලෙන වෙනත් අවස්ථාවන් වල ඡායාරූප තිබේද යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර ඉහත ඡායාරූපය විනා වෙනත් ඡායාරූපයක් දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අප සනත් ජයසූරිය මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, තමන් කිසිදු පක්ෂයක මැතිවරණ ප්‍රචාරණයකට සහභාගී නොවූ බව ත්, මෙය අසත්‍ය බවත්, තමන්ගේ නිවස ඉදිරිපිටදී තමන් වෙත ලැබුණු අත්පත්‍රිකාවක් බලන අවස්ථාවකදී කවුරුන් හෝ ලබා ගත් ඡායාරූපයක් මෙලෙස අවභාවිත කරමින් වෙනත් අර්ථකථනයක් ලබා දී ඇති බවයි.

එමෙන්ම ඔහු ඉහත සටහන සඳහා ද, ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සනත් ජයසූරිය මහතා මෙවර ජාතික ජන බලවේගයට පක්ෂව කටයුතු කරන බවට හැඟවීම සඳහා ඔහු එම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණයට සහභාගී වූ බවට පළ වූ ඡායාරූප නොමග යන සුළුයි. ජයසූරිය මහතා සඳහන් කළේ, එම අවස්ථාව තමන්ගේ නිවස ඉදිරිපිටදී තමන් වෙත ලැබුණු අත්පත්‍රිකාවක් බලන අවස්ථාවකදී කවුරුන් හෝ ලබා ගත් ඡායාරූපයක් මෙලෙස අවභාවිත කරමින් වෙනත් අර්ථකථනයක් ලබා දී ඇති බවයි.

Also Read: දසුන් ශානකගේ සහය මාලිමාවට?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මාලිමාව මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනකට සනත් ජයසූරිය එක් වුණා ද?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News