නුවරට හිම පතනයක් සිදුවූ බවට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ඡායාරූපයක්!

Update: 2023-03-07 08:59 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණික රටා වෙමින් පවතින බවට සාක්ෂි මේ වන විට ලොව නන් දෙසින් දැකගන්නට ලැබෙනවා. කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, මින් පෙර අත් නොවිඳි ආකාරයේ කාලගුණික විපර්යාසයන් පිළිබඳ ව්‍යාජ කටකතා පතුරුවා හරිමින්, ඒ තුළින් මහජනයා තුළ කුතුහලයක් ඇතිකරනමින් නොමඟ යැවීමට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කරනවා.

මහනුවර ප්‍රදේශයේ හිම පතනයක් සිදුවූ අවස්ථාවක සේයාරුවක් බව පවසමින් සමාජ මාධ්එ‍ය ඔස්වැසේ සීග්‍රයෙන් ව්‍යාප්ත වූ එවැනි නොමග යවන සුළු සේයාරුවක් පිළිබඳව අපගේ විමර්ශනයයි ,මේ!

සමාජ මාධ්‍ය සටහන්

මහනුවර, පේරාදෙණියේ පිහිටි සුප්‍රසිද්ධ ජී ගැටඹේ විහාරස්ථානය අසල, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ, හිම වැටී ඇති ආකාරයක් බව හඟවමින් WhatsApp තුළ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

එම අදහසම සහිතව "" යන තේමාවෙන් මෙම සේයාරුව ෆේස්බුක් තුළ හුවමාරු වී තිබු අයුරු පහතින්.

FB | Archived

මේ සඳහා පාඨකයින් රැසක් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. යම්කිසි ද්‍රව්‍යක් වැටීම නිසා මෙය සිදුවූ බවත්, මෙය ඡායාරුප සංස්කරණයක් බවත් ඇතැමුන් පවසා තිබු අතර නුවර ප්‍රදේශ වාසීන්ප බවට පවසන කිහිප දෙනෙකුම අදහස් දක්වා තිබුනේ මෙම දසුන නුවර, කුණ්ඩසාලේ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක ද මීට පෙර දක්නට ලැබුණු සංසිද්ධියක් බවත් මෙයට හේතුව එම ප්‍රදේශවල මඟ දෙපස පිහිටි ශාක වලින්, වැසි තත්වයත් සමඟ වැහෙන ද්‍රව්‍යක් නිසා බවත්ය.

කෙසේවෙතත් මේ පිලිබඳ වැඩිදුර කරුණු අප විමසා බැලුවේ මෙලෙසින්.

Fact Check (කරුණු කරුණු කිරීම)

අප මුලින්ම මෙම සේයාරුවේ නිශ්චිත ස්ථානය තහවුරු කිරීමට උත්සහ කළ අතර එය ඇත්ත වශයෙන්ම මහනුවර ගැටඹේ පන්සලා අසල පරිශ්‍රයක් බව Google Maps ඔස්සේ සනාථ විය.

Full View

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුපය සහ ඉහත ස්ථානය එකම බව පෙනී යන අතර එහි පසුබිමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුමේ මහනුවර කාර්යාලය මෙන්ම පේරාදෙණිය පොලිස් ස්ථානය ද දැක ගන්නට ලැබෙනවා.

මහනුවරට හිම පතනයක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

පසුගිය දින කිහිපයේ දී මහනුවර, පේරාදෙණිය ප්‍රදේශය ආශ්‍රිතව හිම වැටීම් සිද්ධියක් වාර්තා වී තිබුණේ දැයි දැනගැනීම පිණිස අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා. පසුගිය දින කිහිපයේ වැඩි ඇති වුණි ද මේ ආකාරයේ හිම පතනයක් වාර්තා වී නොමැති බවත්, එවැනි තත්වයක් ඇත්තට සිදුවුවහොත් ගොඩනැගිලි, වාහන ආදියේ මුදුන්වල ද ඇතුළු මාර්ගයේ සෑම තැනම ද හිම දැකිය හැකි විය යුතු බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ එවැන්නක් දැක ගන්නට ලැබෙන්නේ නැති බවත්, පැහැදිලි කර සිටියා.

එසේම එම නිලධාරියා වැඩිදුරටත් පැහැදිළි කරමින් කියා සිටියේ ඇතැම් අවස්ථාවල නුවර ඇතුළු ප්‍රදේශවල අයිස් වැසි ඇති වී තිබු නමුත්, එවැනි අවස්ථාවක් ද ඡායාරූපයේ දැක්වෙන්නේ නැති බවයි.

මහනුවර ප්‍රදේශ වාසින් ද තහවුරු කරන්නේ හිම පතනයක් සිදුව නොමැති බවයි!

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන් අප තොරතුරු විමසා සිටියා. මෙවැනි දර්රුශන ඔවුන්පුට හුරුපුරුදු සිදුවීමක් බවත්, මග දෙපස ඇති ශාක ආසන්න ප්‍රදේශවලට වර්ෂාව ලැබෙන විට මෙම සිදුවීම දැකගත හැකි බවත් ඔවුන් අප සමඟ පැවසුවා. ඇතැමුන්පා පවසා සිටියේ රොබොරෝසියා වැනි ගස්වල යුෂ වර්ෂාපතනයත් සමඟ මේ ආකාරයට සුදු පැහැති පෙණ ස්වරුපයක් ගන්නා බවයි.

පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ද පවසා සිටියේ පේරාදෙණියට හිම පතනයක් නොවැටෙන බවත් පේරාදෙණිය ගලහ පාර ආශ්‍රිතව පිහිටා ඇති රොබරෝසියා ශාක මෙවැනි සිදුවීමකට දායක වීමට ඉඩ ඇති බවත්ය.

මීට අමතරව, මාර්ග මතුපිට ඇති වාහන තෙල් වර්ෂාපතනය සමඟ මිශ්‍ර වූ විට, රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙන්, මීට සමාන ආකාරයෙන් සුදු පැහැති ස්ථරයක් ඇතැම් අවස්ථාවල පිහිටන බව අපට දැක ගන්නට ලැබුණා.

කෙසේ වෙතත්, පේරාදෙණිය උද්භිද උද්‍යානයට ආසන්නව පිහිටි මෙම අඩවිය අවට පරිසරය විශ්ලේෂණය කිරීමේදී, මෙම සුවිශේෂී සිදුවීම, මෙම මාර්වග ප්‍රදේශයේ බහුලව ඇති ගස්වලින් වැහෙන යුෂ වැනි (saponins) සැපොනින් නිසා ඇති වූවක් විය හැකිය. වැනි

විශේෂිත ගස් වර්ග වල කොළ සහ පොත්ත මත ඇති saponins හේතුවෙන්, වාර්තා තත්වයක දී මේ ආකාරයට සුදු පැහැති පෙණ මෙන් ද්‍රවයක් හටගෙන වැහෙන අයුරු මෙම වීඩියෝවෙන් දැක ගත හැකිය.

කෙසේවෙතත් මේ පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීමකින් අදහස් දැක්වීමක් ලබා ගැනීම සඳහා, අප විද්වතුන් කිහිපදෙනෙකුගෙන් මේ පිළිබඳව විමසා ඇති අතර ඔවුන්ගේ ප්‍රතිචාර සමඟ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

අපගේ නවතම කරුණු පරීක්ෂා කිරීම් සමඟ යාවත්කාලීන

Facebook | Twitter |Instagram | Google News | TikTok

Conclusion (නිගමනය)

මෙම ඡායාරූපයට අදාළ සැබෑ ස්ථානය පේරාදෙණිය ගැටඹේ ප්‍රදේශය වුවද මෙහි අඟවා තිබු ආකාරයට එම ප්‍රදේශයේ කිසි ලෙසත් හිම පතනයක් වාර්තා වී නොමැති බවත් අප මහනුවර ප්‍රදේශවාසීන් ඇතුළු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයකින්ම විමසා තහවුරු කරගත්තා.

එම ප්‍රදේශයේ මග දෙපස තිබෙන ගස් වලින් වැහෙන යුෂ වැනි (saponins) සැපොනින් වැනි ද්‍රවයක් හේතුවෙන්, වර්ශාපතනයක් ඇති අවස්ථාවක දී මෙවැනි දර්ශනයක් සිදුවිය හැක. කෙසේවෙතත් මේ පිලිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම සමඟින්, හැකි ඉක්මණින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.  

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නුවරට හිම පතනයක් සිදුවූ බවට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ඡායාරූපයක්!

Fact Check By: Fact Crescendo Team

Result: Misleading

Tags:    

Similar News