SIM-SWAP වංචාව පිළිබඳව පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් !

Update: 2023-03-08 11:28 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ජංගම දුරකතන භාවිතය අද කා අතරත් සුලබයි. තරුණ පරපුරේ බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ ස්මාට් ජංගම දුරකතනයි. ඒ සමගම බොහෝ දෙනෙක් බැංකු කටයුතු ඇතුළු මුල්‍යමය ගණුදෙනු සිදු කරන්නේද Online Banking හරහායි. එවන් පසුබිමක් තුළ ජංගම දුරකතන හරහා SIM SWAP Fraud නම් වංචාවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සිදුවන බවට හගවමින් සමාජ ජාලා සටහන් රැසක් පැතිරෙනවා. එමගින් කියවෙන්නේ එම වංචාව මගින් මිනිත්තු කිහිපයක් ඇතුළත ජංගම දුරකතනයේ ඇති බැංකු ගිණුම් සම්බන්ධ දත්ත සොරා ගෙන බැංකු ගිණුමේ ඇති මුදල් සොරා ගැනීම සිදුවන බවයි.

සමාජ ජාලා සටහන්

SIM Swap Fraud මගින් සිදුවන වංචාවක් ලෙස සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිර තිබුණා. එම සම්පුර්ණ පණිවිඩය පහතින්.

"ආදරණීය සැමට, පරිස්සමෙන් ඉන්න.. මේ වෙලාවේ *SIM SWAP FRAUD* නමින් අධි තාක්‍ෂණික වංචාවක් ක්‍රියාත්මක වෙනවා, සියගණනක් පීඩාවට පත්වෙලා කියලා කියනවා, එයාලගේ බැංකු ගිණුම් *හිස්* වෙලා කියලා හදිසියේම හොයාගත්තා.

එය ක්රියා කරන්නේ කෙසේද?

1) SIM SWAP කියන අලුත් scam එක පටන් ගන්නේ මෙහෙමයි... ඔයාගේ phone network එක එකපාරටම blank / zero (No Signal / Zero Bar) වෙලා ටික වෙලාවකින් ඔයාට කෝල් එකක් එනවා.

2)ඔබගේ ජාලය අනුව ඔහු (ඔබේ ජංගම දුරකථන සමාගම) අමතන බවත් ඔබගේ ජංගම දුරකථන ජාලයේ ගැටලුවක් පවතින බවත් ඇමතුම්කරු ඔබට කියයි.

3) ජාලය නැවත ලබා ගැනීමට කරුණාකර ඔබගේ දුරකථනයේ 1 ඔබන්නැයි ඔහු ඔබට උපදෙස් දෙනු ඇත. - *කරුණාකර*... මෙම අදියරේදී කිසිවක් ඔබන්න එපා, විසන්ධි කරන්න හෝ ඇමතුම *අවසන් කරන්න. ඔබ 4 එබුවොත්) ජාලය හදිසියේම දිස්වන අතර මොහොතකින් *ඔබේ HP නැවත හිස් වනු ඇත (Zero Bar) සහ එම ක්‍රියාවත් සමඟ ඔබගේ දුරකථනය *දැනටමත් හැක් කර ඇත*.

තත්පර කිහිපයකින් ඔවුන් ඔබේ බැංකු ගිණුම හිස් කරනු ඇත, ඔබට ඒ පිළිබඳව කිසිදු දැනුම්දීමක් නොලැබෙනු ඇත.

ජාලයක් නොමැතිව ඔබගේ පේළිය විසන්ධි වී ඇති බවක් පෙනෙනු ඇත, මේ අතර ඔබේ SIM එක *වෙනස් කර ඇත*

මෙහි ඇති අන්තරාය නම්, ඔබට කිසිදු ගනුදෙනු ඇඟවීමක් නොලැබේ.

අපි තවත් පරිස්සම් වෙමු. කරුණාකර, මෙම තොරතුරු ඔබගේ සම්බන්ධතා, ආදරණීයයන් සහ මිතුරන් වෙත දිගු කරන්න. වංචාව දවසින් දවස වැඩි වෙනවා.

Facebook | Archived

මෙම සටහන් වට්ස් ඇප් සමාජ ජාලය හරහා ද පැතිර තිබුණා.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

මුලින්ම අප විසින් මේ දිනවල සිදුවන SIM- SWAP වංචාවක් සම්බන්ධව කරුණු වාර්තා කර ඇතිද යන කාරණය සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ ලංකාවේ මාධ්‍ය එවැන්නක් පිළිබඳව වාර්තා කර නොමැති බවයි.

ඉන්පසුව අප අන්තර්ජාතික මාධ්‍ය හා තාක්ෂණික වෙබ් අඩවි මගින් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇතිද යන්න සොයා බැලු අතර එහිදී අපට එවැනි වාර්තා දැකගන්නට ලැබුණා.

තවදුරටත් මේ පිලිබදව විමසා බැලීමේදී , අපට දැකගන්නට ලැබුණේ මෙම සමාජ ජාලා සටහනේ ඇති කරුණු මේ ආකාරයෙන්ම ඉංග්‍රීසි බසින් දැන් කලක සිට ජාත්‍යන්තර වශයෙන් සමාජ ජාලා හරහා හුවමාරු වන බවයි. එමෙන්ම SIM SWAP වංචාව සැබෑ ලෙසම ගෝලීය වශයෙන් පවතින්නක් වුවත් මෙම සමාජ ජාලා සටහනේ ඇති කරුණු වැරදි බව සදහන් කරුණු විමසා බැලීම් ගණනාවක්ම සොයා බැලීමට අපට හැකිවුණා.

SIM-SWAP තේරුම් ගැනීමට, ඔබ මුලින්ම ඔබේ ජංගම දුරකතනයේ ඇති SIM කාඩ්පතක් යනු කුමක්දැයි තේරුම් ගත යුතුයි.

ග්‍රාහක අනන්‍යතා මොඩියුලයක් ලෙසද හැඳින්වෙන, සිම් කාඩ්පතක් යනු චිපයක් අඩංගු කුඩා කාඩ්පතකි. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය වැඩ කිරීමට නම්, ඔබ එයට SIM කාඩ්පතක් ඇතුළත් කළ යුතුය. මෙය ඔබට ඇමතුම් ගැනීමට හෝ ලබා ගැනීමට සහ කෙටි පණිවිඩ යැවීමට ඉඩ සලසයි.

ඔබගේ දුරකථනයේ ඇති SIM කාඩ්පතෙහි බොහෝ තොරතුරු අඩංගු වේ. ඔබට ඇමතුම් ගැනීමට සහ කෙටි පණිවිඩ යැවීමට අවසර ඇති බව පෙන්වන දත්ත මෙයට ඇතුළත් වේ. SIM කාඩ්පත නොමැතිව, ඔබට ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කළ හැක්කේ Wi-Fi ජාලයකට සම්බන්ධ වීමෙන් වුවද දුරකථන ඇමතුම් ලබාගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

SIM SWAP වංචාව සිදුවන ආකාරය

අපරාධකරුවන් ඔබේ දුරකථන අංකය ඔවුන් සන්තකයේ ඇති SIM කාඩ්පතකට සම්බන්ධ කිරීමට ඔබේ ජංගම දුරකථන සම්බන්ධතාවය ලබාදෙන මෙහෙයුම් ආයතනය රවටා ඔබේ දුරකථනයයේ අංකය ඔවුන්ගේ පාලනයට නතු කර ගන්නා විට SIM SWAP වංචාවක් සිදුවේ. මෙම වංචාකරුවන් මූලික වශයෙන් ඔබගේ ජංගම දුරකථනයේ අංකය පාලනය කරයි.

ඔබේ අංකය සොරකම් කිරීම සඳහා, වංචාකරුවන් විසින් ඔබ සම්බන්ධයෙන් සොයා ගත හැකි තරම් පුද්ගලික තොරතුරු රැස් කරගත් පසුව ජංගම දුරකතන සම්බන්ධතාවය ලබාදෙන ආයතනයට කතා කරයි.

පළමුව, වංචාකරුවන් ඔබේ ජංගම දුරකතන සම්බන්ධතාවය ලබාදෙන ආයතනය අමතා, ඔබ ලෙස පෙනී සිටිමින්, ඔබේ සිම් කාඩ්පත නැති වූ හෝ හානි වූ බවට පවසති. පසුව ඔවුන් සන්තකයේ ඇති නව සිම් කාඩ්පතක් ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික සේවා නියෝජිතයාගෙන් ඉල්ලා සිටී. මෙය ඔබේ දුරකථන අංකය අපරාධකරුගේ උපාංගයට එකතු කරයි. ඔවුන්ගේ මෙම ඉල්ලීම සම්පූර්ණ කළ පසු, ඔබ වෙත යාමට නියමිත සියලුම දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ වංචාකාරු විසින් යොදාගනු ලබන උපාංගය වෙත යයි. මේ අවස්ථාවේ දී, වංචනික පුද්ගලයා ඔබගේ විස්තර කලින් එකතුකරගෙන තිබීම නිසා, 2 Factor Authentication (2FA) මඟ හැරීමට හෝ ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශය ලබා ගැනීමට සහ ඔබගේ මුරපදය වෙනස් කිරීමට පවා සිදුකළ හැකිය.

ඇමරිකාවේ FBI ආයතනය පවසන්නේ, 2021 දී සිම් හුවමාරුව පිළිබඳ වාර්තා 1,611 ක් ලැබී ඇති බවයි. මෙම අපරාධවල පාඩුව ඩොලර් මිලියන 68 ඉක්මවයි. 2018 ජනවාරි සිට 2020 දෙසැම්බර් දක්වා FBI වෙත ලැබී ඇත්තේ සිම් හුවමාරු පැමිණිලි 320 ක් පමණි, මෙම අපරාධවලට ගොදුරු වූවන්ට ඩොලර් මිලියන 12 ක් පමණ අහිමි විය. මේ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

සමාජ ජාලා සටහන්වල දැක්වෙන සත්‍ය වශයෙන්ම මෙම වංචාව සිදුවන ක්‍රමවේදයට වඩා වෙනස් !

සමාජ ජාලා සටහන්වලදී මෙම වංචාව අලුත් දෙයක් ලෙස හැගවිමට උත්සාහ කලත් සැබැවින්ම මෙය අලුත් යමක් නොවේ. මෙය වසර ගණනාවක සිටම ලෝකයේ ඇතැම් රටවල සිදුවන දෙයක් .

මෙම වංචාව උදෙසා ඔබේ පැත්තෙන් දුරකතන අංකයකට පිළිතුරු ලබාදීම හෝ එවැනි ක්‍රියාකාරිත්වයක් සෑම විටම අවශ්‍ය නොවේ. බොහෝ දුරට මෙම වංචාව පිළිබදව එක්සත් ජනපදය වැනි විදෙස් රටවලදී ගොදුරු බවට පත්වූ අය දැනගන්නේ තම දුරකතනයේ ඇති සිම් කාඩ්පත හරහා දුරකතන ඇමතුම් ලබාගැනීමට හෝ කෙටි පණිවිඩ යැවීමට ඇති හැකියාව නොහැකිවූ විටයි.

සිම් කාඩ්පත අයත් අංකයේ පාලනය වංචනිකයන් අතට ලබාගැනීම මිස ඔබේ දුරකථනය හැක් කිරීමක් හෝ එහි සියලු තොරතුරු ලබාගැනීමක් මෙම වංචාව තුළ සිදු නොවේ.

SIM SWAP වංචාව මගින් ඔබේ බැංකු ගිණුම එක්වරම හිස් වීමක් සිදු නොවේ. සිදුවිය හැකි කාරණය වන්නේ සිම් කාඩ්පතේ පාලනය ඔවුන් අතට ගැනීමක් සමග බැංකුවෙන් එවන OTP අංක ආදිය ඔවුන් අතට පත්වීමයි. වංචනිකයන් බොහෝ විට සිදු කරන්නේ SIM SWAP වංචාව කිරීමට පෙර Phishing Attack ආදිය මගින් බැංකු පරිශීලක නාම ,මුරපද ආදිය සොරකම් කිරීමයි. එවිට ඔවුන්ට ඔබේ බැංකු ගිණුමෙන් මුදල් ගැනීමට හැකිවනවා මිසක SIM SWAP වංචාව මගින් පමණක් ඔබේ දුරකතනය හැක්කර බැංකු ගිණුම් විස්තර ලබාගැනීම කල නොහැක. ඔබට මේ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

එසේම බැංකු ගිණුමෙන් මුදල් ලබාගැනීම තරමක් අසීරු බැවින් ඇතැම් අවස්ථාවල දී මේ ආකාරයට SIM-SWAP කිරීමක් සිදුකර ඒ ඔස්සේ, ඔබගේ සමාජ මාධ්‍ය ජාලා ආදියෙහි පාලන ලබාගෙන, ඔබගේ මිතුරන් මඟින් මුල්‍යමය ආධාරයක් ලබාගැනීමට උත්සුක වූ අවස්ථා ආදිය පිළිබඳව ද වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේත් මෙම වංචාව සිදුවෙනවාද ?

අපි මේ පිලිබදව විමසා බැලුවේ අන්තර්ජාල ආරක්ෂණය සම්බන්ධ ප්‍රවීනයෙක් වන අසේල වෛද්‍යාලංකාර ගෙන්.

ඔහු පැවසුවේ SIM SWAP වංචාව සිදු කිරීම ලංකාව තුළ අපහසු බවයි. දැනට දශකයකටත්(එකල යුද්ධය පැවති වකවානුවේ ආරක්ෂක හේතු මත )වඩා ඈත කාලයේ සිට දුරකතන සමාගම් විසින් විදුලි සංදේශ නියාමන කොමිසමේ නිර්දේශ මත ක්‍රියාත්මක කර ඇති ආරක්ෂණ ක්‍රමවේද නිසා මෙම වංචාව සිදු කිරීම දුෂ්කර බවයි ඔහු පැවසුවේ .

නැතිවූ හෝ පලුදුවූ සිම්පත වෙනුවට අලුත් සිම්පතක් ලබාගැනීමට නම් දුරකතන සේවා සපයන සමාගම් නියෝජිතයෙක් වෙත ගොස් ජාතික හැදුනුම්පත වැනි කිසියම් අනන්‍යතාවය තහවුරු කල හැකි ලේඛනයක් ඉදිරිපත් කල යුතු නිසා ලංකාව තුළ මෙය දුෂ්කර බවයි ඔහු පැවසුවේ.

ලංකාව තුළ දැනට භාවිතයේ ඇති සියලුම සිම්පත් මේ වන විට කිසියම් ජාතික හැදුනුම්පත් අංකයක් යටතේ ලියාපදිංචිවී තිබෙනවා. ගෙවී ගිය දශකය තුළ මෙම වංචාව , ලංකාව තුළ සිදුවූ බවට වන එක සිදුවීමක් පිලිබදව හෝ තමාට තොරතුරු නොලැබුණු බවත් ඔහු පැවසුවා.

මේ පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා අප දුරකථන සම්බන්ධතා සපයන ජාල කිහිපයකින් අදහස් විමසු අතර ඔවුන් ලබාදෙන ප්‍රතිචාර අනුව මෙම ලිපිය යාවත්කාලීන වනු ඇත.

e-SIM මඟින් Sim-Swap වංචාව සිදුකිරීමට අපහසු වන්නේ ඇයි?

SIM යනු ස්මාට් ජංගම දුරකථනයේම අන්තර්ගත කොට ඇති චිප් එකක් වන අතර එය ඔබගේ ජංගම දුරකථනයට භෞතික වෙනමම SIM කාඩ්පතක් ලෙස ඇතුළු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍යයෙන්, eSIM හරහා ඕනෑම ජංගම දුරකථන ජාලයක් සක්‍රීය කිරීමට, ඔබ ඔබගේ පුද්ගලික අනන්‍යතාව තහවුරු කරන තොරතුරු, Personal Identifiable Information (PII) සමඟ ලියාපදිංචි විය යුතුය. eSIM භාවිතා කරන විට භෞතික SIM කාඩ්පතක් නොමැති නිසා, SIM කාඩ්පත නැති වූ හෝ හානි වූ බව පවසමින් වංචනික ලෙස SIM-SWAP ක්‍රමවේදය යොදාගැනීම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

SIM-SWAP වංචා මඟින් ආරක්ෂා වීමට පිළිපැදිය හැකි හොඳ පුරුදු කිහිපයක්!

  • අන්තර්ජාල සේවා සමඟ පුද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීම අවම කිරීමෙන් හා පහසුවෙන් අනුමාන කළ හැකි පුද්ගලික තොරතුරු ලබා නොදීමෙන්.
  • Phishing Scams වලට හසු නොවන්න. ඒ පිලිබඳ තොරතුරු මෙතනින්.
  • ද්වි සාධක සත්‍යාපන (2 Factor Authentication) යාන්ත්‍රණයක් ලෙස SMS භාවිතා කිරීම අවම කිරීම මඟින්.
  • ඔබගේ ජංගම දුරකතනයේ හෝ සමාජ මාධ්‍ය ගිණුම්, බැංකු ක්‍රියාකාරකම් කිසිවක හෝ සැකසහිත ක්‍රියාකාරකමක් පිලිබඳ ඉඟි වැටුනහොත් නොපමාව ඒ පිලිබඳ සොයා බලා කටයුතු කරන්න.

මෙවැනි SIM-SWAP වංචා වළින් වැලකී සිටීමට අනුගමන කළ හැකි ආරක්ෂණ පිළිවෙත් කිහිපයක් පිළිබඳව දකුණු අප්‍රිකානු පොලිසිය විසින් දැනුම් දී තිබුනේ මෙලෙසින්.

Full View

මේ පිළිබඳව තවත් සවිස්තරාත්මක විග්‍රහයක් පහත වීඩියෝවෙන්.

https://youtu.be/64p_WkYc9d0?t=71

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදුකරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ SIM SWAP වංචාව සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙන කරුණු නොමගයවන සුලු බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මෙය කිසේස්ත්ම සුලබව සිදුවන වංචාවක් ද නොවේ . එයට හේතුව වන්නේ සිම් කාඩ් ලියාපදිංචිය ආදියේදී විදුලි සංදේශ නියාමන කොමිසම මගින් පනවා ඇති දැඩි රීතින්ය .

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:SIM SWAM Fraud පිලිබදව පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් !!

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News