ඩොලරයේ වාසිය නිසා මත්පැන් මිල හදිසියේ පහතට ?

Update: 2023-03-14 17:46 GMT

Update : 04/01/23

අද මධ්‍යම රාත්‍රියේ සිට අරක්කු මිල 25% කින් පහත දමන බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

මෙම සටහන් පසුගිය මාර්තු 30 වන දා සිට ව්‍යාප්ත වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

නමුත් පසුගිය 30 වන දා හෝ ඊට ආසන්න දිනකදී සත්‍ය වශයෙන්ම මත්පැන් මිල ඉහළ දමා නොතිබුණු අතර ඒ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා හෝ දැක ගන්නට නොලැබුණි.

අප මේ පිළිබඳව නියෝජ්‍ය සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටි අතර ඔවුන් සඳහන් කළේ, පෙර ද සුරාබදු කොමසාරිස් සඳහන් කළ පරිදි මත්පැන් මිල ඉහළ හෝ පහළ දැමීම මත්පැන් විකුණන ආයතනයන් හි පිරිවැය මත ඔවුන් විසින් තීරණය කෙරෙන බවයි. මත්පැන් සඳහා අය කරන බදු ප්‍රමාණය ඉහළ දැමුවොත් හෝ පහළ දැමුවොත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම සිදුවන නමුත් බදු අඩු කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් දෙපාර්තමේන්තුවට තීරණයක් ලැබී නොමැති බවයි ඔවුන් පවසා සිටියේ.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මාස ගණනාවකට පසු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමත් සමඟම ඇතැම් භාණ්ඩ වල මිල ගණන් වල අඩුවීමක් දක්නට ලැබුණා. මේ ඔස්සේ මත්පැන් හා දුම්වැටි මිල ගණන් ද, පහත දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල නිරයද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

අද මධ්‍යම රාත්‍රියේ සිට මත්පැන් සහ දුම්වැටි මිල පහලට. සිගරට්ටුවක මිල රුපියල් 30 කින් පහත හෙලයියනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන් සංසරණය වී තිබූ තව ත් අවස්ථා මෙතනින් සහ මෙතනින්.

Archived Link| Archived Link

එසේම ඩොලරයේ මිල පහළ යාමේ වාසිය මත්පැන් වලට ලබාදෙන බව හඟවමින් හුවමාරු වී තිබු තවත් සටහනක් මෙතනින් Archived. එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙම එම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ බොහෝ පිරිසක් මෙය සත්‍යක් බවට උපකල්පනය කර තිබූ අතර, ඇතැමුන් අදහස් දක්වා තිබුනේ මෙවැනි ක්‍රියාවක් සිදුකර තිබෙන්නේ එළඹෙන ඡන්දය ඉලක්ක කරගෙන බවයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීම ත් සමග මත්පැන් හා දුම්වැටි වල මිල රු.30 කින් පහළ ගිය බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළා. එවැනි පුවතක් වාර්තා වී තිබුනේ නැති අතර ‘දෙරණ’ මාධ්‍ය ඔස්සේ මත්පැන් මිල පහළ දැමීම පිලිබඳ පුවතක් ද දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

ඉහත සඳහන් සටහන් ද, දෙරණ නිල පුවත් ෆේස්බුක් පිටුවේ පළ නොවී තිබූ අතර එම මාධ්‍ය ආයතනය ද, තහවුරු කළේ, ඔවුන් විසින් එවැනි පුවතක් පළ නොකළ බවයි.

කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ ඩොලරයට සාපේක්ෂව රුපිලයේ වර්ධනය ඔස්සේ මත්පැන් සහ දුම්වැටි මිලෙහි කිසිඳු හෝ වෙනසක් සිදුවුණි දැයි පරික්ෂා කිරීමට අප ප්‍රථමයෙන්ම සුරාබදු දෙපාර්තමෙන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාගෙන් විමසීමක් කළා.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්

කපිල කුමාරසිංහ මහතා අප කළ විමසීමේදී සඳහන් කළේ, මිල ඉහළ හෝ පහළ දැමීම ඒ ඒ ආයතනයන්හි තීරණ වන බවයි. එසේම ඇතැම් අවස්ථාවන් වලදී බදුකරණයේ ප්‍රතිඵලයක් ලෙස මත්පැන් බෝතලයකට අය කරන බදු ප්‍රමාණය අඩු හෝ වැඩි කළහොත් එය විකුණුම් මිලට බලපෑ හැකි බවත්, නැතහොත් එම බදු වෙනස්වීමේ බලපෑම සමාගම් විසින් දාරාගනිමින්, ඔවුන්ගේ අභිමතය පරිදි මිල නොවෙනස්ව පවත්වා ගැනීමටත් තීරණය කළ හැකි බව කුමාරසිංහ මහතා පවසනවා.

එසේම පසුගිය කාලෙය් දී මත්පැන් මිල ගණන් අවස්ථා දෙකකදී වැඩි වූ බවත්, ඒ මත්පැන් නිෂ්පාදනය කිරීමට දැරිය යුතු පිරිවැයේ ප්‍රමාණය ඉහළ යෑම නිසාත්, බදු ප්‍රමාණය වැඩි වීමත් සමග බවත් නියෝජ්‍ය කොමසාරිස්තුමා පැහැදිලි කරනවා. පසුගිය ජනවාරි මාසයේ දී එසේ මත්පැන් සහ සිගරට් මිල, වැඩිවූ බදු හේතුවෙන් ඉහළ ගොස් තිබුණේ මෙලෙසින්.

මෙවර මත්පැන් හා දුම්වැටි වල මිල අඩුවෙනවා නම්, තවමත් ඒ පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා නොමැති බවත්, එතනෝල් ආනයනය කිරීම රජය නවත්වා ඇති බැවින්, මේ වන විට ලංකාවේ එතනෝල් අතිරික්තයක් පවතින බවත්, දේශීය මත්පැන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝදුරට දේශීයව සපයා ගන්නා බැවින්, දේශීය මත්පැන් මිල සඳහා ඩොලරයේ මිල උච්චාවචනයේ විශේෂ බලපෑමක් නොමැති බවත් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් මත්පැන් හා දුම්වැටි වලට ඇති ඉල්ලුම මේ දිනවල අඩු වීම හේතුවෙන්, එම තත්වය මත, ඇතැම් මත්පැන් හා දුම්වැටි මිල අඩු කිරීමට එම ආයතන වලට තීරණය කළ හැකි බව ද, ඒ මහතා තව දුරටත් පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම (DCSL)

සමාගමේ නියෝජිතයෙක් සඳහන් කළේ ද, මත්පැන් මිල පහළ දැමීමේ තීරණයක් ගෙන නොමැති බවයි. මිළ සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් දැනුම්දීම සිදු කරන අතර මෙතෙක් මත්පැන් මිල පහළ දැමීම සම්බන්ධයෙන් එවැනි දැනුවත් කිරීමක් කර නොමැති බවත් පවසනවා.

ලංකා ඩිස්ටිලරීස් සමාගමද දෙන්නේ, එතනෝල් ආනයනය කිරීම තහනම් කිරීම හේතුවෙන් ඔවුන් එතනෝල් දේශීයව සපයා ගැනෙන බැවින්, ඔවුන්ගේ මිල ගණන් නිර්ණය කිරීම සඳහා ඩොලරයේ වෙනස් වීමක් බලපාන්නේ නැති බවයි.

විදේශීය මත්පැන් සැපයුම්කරුවෙක්

විදේශීය මත්පැන් ආනයනය කිරීමේදී පැරණි මිල ගණන් යටතේ ආනයනය කරනු ලැබූ මත්පැන් තොග මේ වන විට අලෙවි වන බැවින් ඒවායෙහි මිල ගණන් අඩු කිරීමක් සිදු නොවන බවත්, ඉදිරියේදී ආනයනය කරන ලබන මිල ගණන් වල වෙනසක් දිගටම සිදුව තිබුණහොත්, ඒ අනුව මිල අඩු වීමේ ප්‍රවණතාවක් තිබුණත්, මේ වන විට එය පුරෝකථනය කිරීම අසීරු බවත්, මේ වන විට ආනයනික මත්පැන් වල මිල ගණන් අඩු කිරීම පිලිබඳ කළමනාකාරිත්වය දන්වා නොමැති බව ත් ඔහු සඳහන් කළා.

පසුගිය සමයේ මත්පැන් ඉල්ලුමේ අඩුවීමක්!

මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සමාගම් සති දෙක තුන වසා දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, මත්පැන් අලෙවිය 30% කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්.

සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සමහර මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී පවා ගබඩාවල ගොඩ ගැසී ඇති බවයි.

ඒ අනුව දේශීය මත්පැන් අලෙවිය පහත වැටී ඇති බැවින් මෙරට නිෂ්පාදිත මත්පැන් අපනයනය කිරීම වැඩි කිරීමට අවධානය යොමුව ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පවසන්නේ. මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරාවල පළ වූ පුවතක් මෙතනින්. Archived Link

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය උච්චාවචනය වීම

පසුගිය දින කිහිපය තුළ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඩුවීම තාවකාලික බව වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසි සිංහල පුවත් සේවය සමග පවසා තිබුණා.

ඔහු පෙන්වා දුන්නේ මහ බැංකුවේ ප්‍රතිපත්ති වෙනස් වීමක් මීට බලපෑ බවය. මෙය තාවකාලික අඩුවීමක් බවද ඔහු සඳහන් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තාව මෙතනින්.

එසේම දින කිහිපයක් එක දිගට ඩොලරයට සාපේක්ෂව රුපියල අතික්‍රමණය වී තිබුණ ද අද (14) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල නැවත වතාවක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණේ මෙලෙසින්. මහ බැංකුවේ විනිමය අනුපාත ඔස්සේ ඒ බව මෙසේ පසුගිය සති දෙකේ දත්ත හරහා පැහැදිලි වෙනවා.

එහිදී ඩොලරයක ගැනුම් මිල රු. 320 සීමාව දක්වා පැමිණෙද්දී විකුණුම් මිල රු. 335 සීමාව කරා පැමිණ ඇති බව දක්නට ලැබුණි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මත්පැන් සහ දුම්වැටි මිල පහළ දමා ඇති බවත්, මෙයට හේතු වී ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අතිප්‍රමාණය වීම බවත් දක්වමින් හුවමාරු වූ සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.සුරාබදු දෙපාර්තමේන්තුව මෙන් ම, දේශීය හා විදේශීය මත්පැන් සැපයුම්කරුවන් තහවුරු කළේ, මත්පැන් හා දුම්වැටි වල මිල අඩු කිරීමේ තීරණයක් ගෙන නොමැති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඩොලරයේ වාසිය නිසා මත්පැන් මිල හදිසියේ පහත හෙලුවා ද ?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News