ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය ඇසුරින් සකසන ලද උපහාසාත්මක සංස්කරණ පෙළක්!

Update: 2023-05-04 10:44 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්වය මෙන්ම ආර්ථික අර්බුදකාරී තත්වය ඇතුළු කාරණා හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාවටම විශාල ප්‍රමාණයේ මැයි දින පෙළපාලි අපට දැක ගන්නට ලැබුණේ නැහැ. ඒ අනුව වසර කිහිපයකට පසුව, ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම වාගේ, පසුගිය මැයි පළමු වැනිදා, සිය මැයි පෙළපාලි සහ රැළි පැවැත්වුවා.

මේ අතර ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය සහ පෙළපාලිය පිළිබඳව ද බොහෝ කතිකාවත් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබුණා. ජාතික ජන බලවේගයේ මැයි දින පෙළපාලියේ දී ලබාගන්නා ලද ඡයාරූප සංස්කරණය කරමින් උපහාසාත්මකව සැකසු සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමකි මේ .

සමාජ ජාලා සටහන්

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ද විශාලනය කරන ලද ඡායාරූප, ජාතික ජන බලවේගයේ මැයි පෙළපාලියේ රැගෙන ගිය බවට උපහාසාත්මක සමාජ ජාලා සටහන් පළව තිබුණා.

පහත සටහනේ දැක්වෙන්නේ, කාල් මාක්ස් ,ලෙනින් ,විජේවීරගේ ඡායාරූප වලට පිටුපසින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සේයාරුවක්ද ජාතික ජන බලවේගයේ මැයි රැලියේ ගෙනගිය බවක්.

Facebook | Archived

මේ සම්බන්ධව පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ සම්බන්ධයෙන් පළව තිබුණු තවත් උපහාසාත්මක සමාජ ජාලා සංස්කරණයකින් හගවන්නට උත්සාහ දරා තිබුණේ ජාතික ජන බලවේගය විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූප පෙළක් මැයි පෙළපාලියේ රැගෙන ගිය බවක් .

Facebook | Archived

මෙම සේයාරුවල මුල් පසුබිම කෙබදුද , ආදී කරුණු සම්බන්ධයෙන් අප සිදුකරන විමසා බැලීම පහතින්.

කරුණු විමසා බැලීම:

මුලින්ම අප එහි මුල් සේයාරුව කුමක්දැයි සොයා ගැනීමට රිවර්ස් ඉමේජ් සෙවුමක් සිදුකළා. එහිදී දක්නට ලැබුණේ, මෙහි මුල් සේයාරුව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ෆේස්බුක් ගිණුම හරහා හුවමාරු කරගෙන තිබු ඡායාරුපයක් බවයි.

Facebook| Archived

ජාතික ජන බලවේගයේ මැයි දින පෙළපාලියේ මාක්ස්, ලෙනින් ආදී සමාජවාදී න්‍යායාචාර්ය වරුන්ගේ විශාල පරිමාන සේයාරූ රැගෙන යාමක් දක්නට ලැබුණු අතර පිටුපසින් ජාතික ජන බලවේගය තුළ සිටින ප්‍රධානම දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ විශාලනය කරන ලද සේයාරුවක්ද දක්නට ලැබෙනවා.

මේ අනුව සමාජ ජාලා වල සංසරණය වන හිටපු ජනාධිපතිවරුන්ගේ සහ වත්මන් ජනාධිපතිවරයාගේ සේයාරූ සහිත රථ පෙළපාලි සකසා ඇත්තේ මෙම ඡායාරූපය සංස්කරණය කිරීමෙන් බව පැහැදිලියි.

ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රධානම දේශපාලන පක්ෂය වන වාමවාදී ජනතා විමුක්ති පෙරමුණේ ආභාෂය නිසා මෙම සමාජවාදී න්‍යායාචාර්යවරුන්ගේ රූ ජාතික ජන බලවේගයයේ මැයි දින පෙළපාලියට එක්කර තිබෙන අතර දැනට දශක ගණනාවකට පෙර සිටම ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලියේ මාක්ස් ,ලෙනින් ආදීන්ගේ සේයාරූ රැගෙනයාම පැහැදිලිව නිරීක්ෂණය කල හැකි කාරණයක්. මේ ආකාරයටම 2017 වසරේ දී ද ජනතා විමුක්ති පෙරමුණ විසින් මාක්ස්, එංගල්ස්, ලෙනින් හා රෝහණ විජේවීර ගේ විශාලනය කරන ලද සේයාරු සහිතව මැයි දින පෙළපාලියේ යෙදී තිබු අයුරු මෙතනින්. 2018 සේයාරු අතරේ ද එය මෙසේ දැක ගන්නට ලැබෙනවා

කෙසේ වෙතත් අප මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ජවිපෙ රතු මැයි රැළිය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මෙන්ම ජාතික ජන බලවේගයේ නායකයින්ද සහභාගී වූ බවත්, පෙළපාලිය මුලින්ම ගමන් කරනු ලැබුවේ කොමියුනිස්ට් නායකයින් වූ මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප රැගත් රථ පෙළක් වන අතර ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණ බැනරය යටතේ එම පක්ෂ නායකයෝ ගමන් කළ බවයි.

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි වෙනත් කිසිදු පුද්ගලයෙකුගේ ඡායාරූප එම අවස්ථාවේ රැගෙන නොගිය බවත් ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක තහවුරු කර සිටියා.

Also Read: පොදුජන පෙරමුණේ මෙවර මැයි රැළියට සම්බන්ධ ඡායාරූපයක් ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

අවසාන නිගමනය ( Conclusion)

ජාතික ජන බලවේගයේ මැයි දින පෙළපාලියේ ඔවුන් සමාජවාදී න්‍යායාචාර්යවරුන්ගේ සහ එහි ප්‍රධාන පාර්ශ්වකරු වන ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ රුව රැගත් පුවරු මෝටර් රථ වල නංවා ප්‍රදර්ශනාත්මක ආකාරයට රැගෙන ගිය අවස්ථාවේ සේයාරුවක් සංස්කරණය කර එහි සේයාරූ රාමුවලට රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයාගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ රූප ඇතුල්කර උපහාසාත්මක ලෙස සංස්කරණය කර ඇත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය ඇසුරින් සකසන ලද උපහාසාත්මක සංස්කරණ පෙළක්!

Fact Check By: Fact Crescendo Team

Result: Satire

Tags:    

Similar News