කිරුලපන ධම්මවිජය හිමියන් ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුළ පැතිරෙන අසත්‍ය ප්‍රචාර!

Update: 2023-07-24 03:54 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කිරුලපන ධම්මවිජය හිමියන් ඇතැම් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන භික්ෂුන්වහන්සේ නමක්. ධම්මවිජය ස්වාමින්වහන්සේ විවිධ සමාජ , දේශපාලනික කරුණු පිලිබදව  සිදුකරන  සමහර ප්‍රකාශ මේ දිනවළ සමාජ ජාලාවල දැඩි කතාබහට ලක්වන ආකාරය දැකගත හැකියි.  මේ අතර ඇතැම් සමාජ ජාලා සටහන් වල උන්වහන්සේව දැඩිව විවේචනය කරමින් සදහන් කර තිබුණේ තමන් උපන් වර්ෂය, ආදී පුද්ගලික කරුණු සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවක්. මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන්වල පළව තිබුණේ උන්වහන්සේ තමන්ගේ ජීවිතය පිළිබඳව එකිනෙකට පරස්පර විරෝධී නොගැලපෙන කරුණු පවසා ඇති බවක්. එනම් 1993 වසරේ උපත ලැබුවත් 1989 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් තම පියා ඝාතනය කළ බව ද, 2011 වසරේ යුධ හමුදාවට බඳුනද මෙරට යුද්ධය පැවති, එනම් 2009 හෝ ඊට පෙර රණවිරුවෙකු ලෙස කටයුතු කළ බවත්, උන්වහන්සේ පැවසු බව සඳහන් කරමින් හුවමාරු වූ එවැනි සටහනක් පහතින්.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්. 

මෙවැනි සටහන් ෆේස්බුක් මෙන්ම අනෙකුත් සමාජ ජාල තුළ බහුලව පැතිර තිබුණ බවක් අපට දක්නට ලැබුණා.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

සත්‍ය කරුණු විමසා බැලීම ( Fact Check ) 

අප විසින් මුලින්ම විමසා බැලුවේ මෙම සමාජ ජාලා සටහන්වල දැක්වෙන ආකාරයට ධම්මවිජය හිමියන් විසින් 1989 දී ජ.වි.පෙ විසින් සිය පියාව විසින් ඝාතනය කර ඇති බවක් හෝ යුධ හමුදාවේ දිගු දුර විහිදුම් බලකායට සම්බන්ධව කටයුතු කර ඇති බවක් පවසා ඇතිද යන්නයි. නමුත් එවන් වීඩියෝ පටයක් හෝ උන්වහන්සේ විසින් එසේ පවසා ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර ඇති බවක් දැකගන්නට ලැබුණේ නැහැ.

එමෙන්ම උන්වහන්සේ විසින් එවැනි දෙයක් සදහන් කරමින් සිය සමාජ ජාලා ගිණුම්වල පොස්ටුවක් හෝ පළකර තිබුණේ නැහැ. අප විසින් උන්වහන්සේ විසින් එවැනි සදහන් කිරීම් සිදුකර ඇති බවට අන්තර්ජාලයේ Archives ඔස්සේ ද සොයා බැලුවත් එවැන්නක් ඒවායේ හෝ දක්නට ලැබුණේ නැහැ.

එසේම ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබුණු ධම්මවිජය හිමියන්ගේ ඡායාරුපය ඇතුළත් වීඩියෝ කොටස ද අපට හමුවුණා. නමුත් එහිදී ද උන්වහන්සේගේ පුද්ගලික ජිවිතයේ කරුණු සකච්ඡා වන්නේ නැති අතර, “කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ, සේපාල අමරසිංහට එරෙහිව නඩු මගට” යන තේමාවෙන් පළවූ එම වීඩියෝ කොටස මෙතනින්.

ඉන් අනතුරුව ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින් සිදුකර ඇති සම්මුඛ සාකච්ඡා ,ධර්ම දේශනා ආදියේදී උන්වහන්සේ විසින් සිය පුද්ගලික ජීවිතය පිලිබදව සදහන් කර ඇති කරුණු පිළිබඳව අපගේ අවධානය යොමුකළා.

එහිදී අපට දක්නට ලැබුණේ මීට වසර දෙකකට පමණ පෙර අන්තර්ජාලයට එක්කරන ලද සංවාදයකට එක්වූ උන්වහන්සේ විසින් එකල උන්වහන්සේ පිලිබදව පැතිර ගිය වැරදි තොරතුරු සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි.

ධම්මවිජය ස්වාමින්වහන්සේ එහිදී පවසන්නේ තම මිතුරන් පිරිසක් විසින් සමාජ ජාලා වලට එක්කර තිබූ සමහර සත්‍ය සටහන්වලට වැරදි තොරතුරුද එක්වී ගොසිප් වෙබ් අඩවි වල සහ සමාජ ජාලා පිටුවල පලවී ,එම වැරදි ප්‍රචාර සමාජ ජාලාවල පැතිර යන බවයි.

එම සාකච්ඡාවේදී උන්වහන්සේ අවධාරණය කරන්නේ තමන් යුධ හමුදාවට බැඳුනේ යුද්ධය අවසන්වීමෙන් පසුව 2011 වසරේදී බවයි. ඊට පෙර යුද්ධය අවසන්වූ 2009 හෝ වසරේ හෝ පෙරාතුව යුධ හමුදාවට සම්බන්ධවීමට තමන්ට ඉඩකඩක් නොතිබුණු බව පවසන උන්වහන්සේ කියා සිටින්නේ, යුද්ධය පවතින කාල වකවානුව වන විට තමන්ට වයස අවුරුදු 18ක් හෝ සම්පුර්ණ වී නොතිබුණු බවයි.

එසේම ධම්මවිජය ස්වාමින්වහන්සේ ගේ පියා මිය ගොස් ඇත්තේ 2014 වසරේදී බවත් උන්වහන්සේ පවසනවා. එමෙන්ම පියාගේ මරණය සිදුවන මොහොත වන විට, යුධ හමුදාවට සම්බන්ධව සේවය කල තමන්, ඉන් ඉවත්ව පැවිදි දිවියට පැමිණියේ සිය පියා ගේ මරණයක් සමග ඇතිවූ කම්පනය නිසා හටගත් කලකිරීම සහ ජිවිත යතාර්ථය පිලිබදව කරුණු අවබෝධ නිසා බව මෙම සංවාදයේදී උන්වහන්සේ හෙළිකරනවා.

සිය වසර 3 ක හමුදා ජීවිතය පිළිබඳව සඳහන් කරන ධම්මවිජය හිමියන් පවසන්නේ , එහි මුලික හමුදා පුහුණුවේදී තමන් සෑම අතින්ම අති ශූර ආධුනික හමුදා සෙබලාට හිමි සම්මානය ලබාගැනීමට සමත්වූ බවයි.

ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින් සිය ජිවිත කතාව පිළිබඳව පවසන පැයක පමණ ඉහත සදහන් කරුණු ඇතුළත් සාකච්ඡාවට ඔබටත් සවන්දිය හැකියි පහත යූටියුබ් වීඩියෝව ඔස්සේ.

https://youtu.be/wwWE4DJ5Ak0?t=240

අප මෙම කරුණු පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා ධම්මවිජය ස්වාමීන්වහන්සේ සමග දුරකථනයෙන් සම්බන්ධ වූ අතර උන්වහන්සේගේ පැවසුවේ තමන් පුද්ගලික ජීවිතය පිලිබදව දැක්වූ කරුණු ලෙස යුධ හමුදාවේ දිගුදුර විමර්ශන බලකායේ යුද්ධය පැවති කාලයේ කටයුතු කල බවට ආදී වශයෙන් සඳහන් කළ බවට  පැතිරෙන සටහන් සම්පුර්ණ අසත්‍ය බවයි. තමන් එවැන්නක් නොපැවසූ බව සදහන් කරන උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ තමන් යුධ හමුදාවේ කටයුතු කලේ ශ්‍රී ලංකා  ඉංජිනේරු රෙජිමේන්තුවේ බවයි.

එමෙන්ම ඉහත දැක්වුණු පරිදි 2014 වසරේ සිය පියාගේ මරණයෙන් ඇතිවූ කලකිරීම නිසා පැවිදිව මහව ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට ගොස් බණ භාවනා කරමින් කටයුතු කර, ඉන් අනතුරුව පුල්මුඩේ ප්‍රදේශයේ ගල් ගුහාවක වසර කිහිපයක් භාවනා කටයුතු සිදු කර, ඉන් අනතුරුව ධර්ම දේශනා කටයුතු සිදු කිරීම ආරම්භ කල බවත් උන්වහන්සේ පවසා සිටිනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ කිරුලපන ධම්මවිජය හිමියන් විසින් උන්වහන්සේගේ පියා 1989 දී ජවිපෙ විසින් ඝාතනය කල බවට හෝ , යුද්ධය පැවති සමයේ හමුදාවට බැදී දිගු දුර මෙහෙයුම් බලකායේ/මහසෝන් බලකායේ කටයුතු කල බවට කිසිදු අවස්ථාවක පවසා නොමැති බවයි. ඒවා සියල්ල උන්වහන්සේ පිළිබඳව විවිධ ගොසිප් වෙබ් අඩවි සහ සමාජ ජාලා පිටුවල පැතිරගිය අසත්‍ය කරුණු වන අතර මෙයට වසර ගණනාවකට පෙරදී පවා එම කරුණු අසත්‍ය බව ධම්මවිජය ස්වාමින්වහන්සේ විසින් පැහැදිලි කර ඇත .

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කිරුලපන ධම්මවිජය හිමියන්ව ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුළ පැතිරෙන අසත්‍ය ප්‍රචාර!

Written By: Fact Crescendo Team

Result: False

Tags:    

Similar News