සැකකරුවෙකු පැහැරගෙන පළාගිය පුද්ගලයා, ඇමති හරීන් ප්‍රානාන්දුගේ පෞද්ගලික ලේකම් ද?

Update: 2024-02-23 11:31 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වුවද , සමහර පුවත් ආශ්‍රිත කරුණු නිසියාකාරව වාර්තා කිරීම තුළින් ජනතාව නොමල යෑමට ලක් වන අවස්ථා අපට දැක ගන්නට පුළුවන් වනවා. එලෙසින් නොමග යන සුළු පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ඇමැති හරීන්ගේ ලේකම් සැකකරුවකු පැහැරගනී” යන සිරස්තලය සඳහන් පුවතක්, ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත්පතක නිල ෆේස්බුක් පිටුවේ පළ වී තිබුණේ මෙලෙසින්. 

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

‍මේ පිළිබඳ ‘අරුණ’ වෙබ් අඩවියේ පළ වූ ලිපිය පහතින්.

Aruna.lk

මෙහි සත්‍යතාව පිළිබඳ කරුණු විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙරට අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා අප පරීක්ෂා කළේ, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම් වරයා විසින්, මේ ආකාරයට සැකකරුවෙකු පැහැර ගැනීමට තැත් කළ බවට පුවතක් පළ වී ඇත්දැයි යන්නයි. නමුත් එවැනි පුවතක් අපට දැක ගන්නට නොලැබුණි.

බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සොයා බැලීම සඳහා අප බදුල්ල මූලස්ථාන පොලීස් ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගත්තා.

ඒ මහතා සඳහන් කළේ, ඊයේ (22) බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු බීමත්ව සිටි බවට අනාවරණය වීමත් සමග, එම මෝටර් රථය සමගින් බීමත් රියැදුරු ද එම රථයෙන්ම බදුල්ල මූලස්ථාන පොලිසිය කරා රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර, එම අවස්ථාවේදී පැමිණි පුද්ගලයෙකු විසින් පොලිස් රාජකාරියට බාධා කර ඇති බවත්, පොලිස් භාරයේ සිටි සැකකරු ද ඉන් මුදාගෙන එම ස්ථානයෙන් පලා ගොස් තිබුණු බවයි.

පසු ව බීමත්ව රිය පැදවූ සැකකරු මෙන්ම ඔහුව මුදවා ගැනීමට පැමිණි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය සමත් වූ බවත්, එම පුද්ගලයන් හරින් ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික ලේකම්වරුයෙකු හෝ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය විසින් පත් කරපු පුද්ගලයින් නොවන බවත් පොලීස් ස්ථානාධිපතිවරයා පැහැදිලි කර සිටියා.

නමුත් සැකකරු මුදවා ගෙන පළා යාමට කටයුතු කළ පුද්ගලයා හරින් ප්‍රනාන්දු මහතාගේ බදුල්ල ප්‍රදේශයේ සම්බන්ධීකාරක වරයෙක් බවට අනාවරණය වූ බවයි බදුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් තහවුරු කළේ.

එමෙන්ම මෙසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් දෙදෙනාටම එරෙහිව, අයුතු අවහිරය, පහරදීම, රාජකාරියට බාධා කිරීම, පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැහැරගෙන යාම හා පලායෑමට සැලැස්වීම ඇතුළු චෝදනා යටතේත්, බීමත්ව රිය පැදවීම, අත්අඩංගුවෙන් පලායෑම ඇතුළු චෝදනා යටතේත් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරූ බවත් බදුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික ලේකම්

අප මේ පිළිබඳ විමසා බැලීම සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයාගෙන් විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, අමාත්‍යවරයාට සිටින්නේ පෞද්ගලික ලේකම්වරු දෙදෙනකු පමණක් බවත්, එම දෙදෙනාගෙන් අයෙක් තමන් බවත්, තමන් හෝ අනෙක් පෞද්ගලික ලේකම්වරයා මාස ගණනකින් බදුල්ලට ගොස් නැති බවත්ය.

අදාළ ප්‍රවෘත්තියේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මීට සම්බන්ධ බවට වන ප්‍රකාශය සහමුලින්ම අසත්‍ය බවත්, එම ප්‍රවෘත්තිය පුරාම ඇත්තේ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කළ අසත්‍ය කරුණු බවත් හෙතෙම පවසා සිටියා.

මෙකි පුවත් පත විසින් කරුණු හරිහැටි වාර්තා නොකිරීම හේතුවෙන්, තමන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ජනතාව අතරට ගොස් ඇති බවත් මෙය හුදෙක් බාල, ප්‍රාථමික මාධ්‍ය භාවිතයක ප්‍රතිඵලයක් බවයි, ඒ මහත පෙන්වා දුන්නේ.

බදුල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප බදුල්ල ප්‍රාදේශීය වාර්තාකරුවන් කිහිප දෙනෙකුගෙන් ද විමසීමක් කළ අතර ඔවුන් ද තහවුරු කළේ, එවැනි සිදුවීමක් වූ වාර්තා වූ බවත්, අදාළ සිදුවීමට සම්බන්ධ පුද්ගලයා හරීන් ප්‍රානාන්දු මහතාගේ අමාත්‍යාංශයේ ‍පෞද්ගලික ලේකම්වරයෙකු නොවන බවත්, බදුල්ල ප්‍රදේශයේ හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකාරකයෙකු බවයි.

පුවත් වාර්තාව ලියූ මාධ්‍යවේදී

ඉහත පුවත් ලිපිය වාර්තා කළ මාධ්‍යවේදීගෙන් ද, අප විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, ඉහත පුවත් ලිපියේ දැක්වෙන තොරතුරු සත්‍ය බවත්, නමුත් පෞද්ගලික ලේකම්වරයෙකු බවට දක්වා තිබූ තොරතුර පමණක් හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ල සම්බන්ධීකාරකවරයෙක් බවට නිවැරදි විය යතු බවයි. තමන් ට අතපසු වීමකින් පෞද්ගලික ලේකම්වරයෙක් ලෙස එම ලිපියේ සඳහන් කළ බව ත්, ඊට හේතුව මීට පෙර එම සැකකරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ලේකම්වරයෙකු වී සිටීම හේතුවෙන් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok| WhatsApp

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සැකකරුවෙකු පැහැරගෙන පළාගිය පුද්ගලයා, ඇමති හරින් ප්‍රානාන්දුගේ පෞද්ගලික ලේකම් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News