ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෑතකදී පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

Update: 2024-03-09 05:10 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගය හා එහි සාමාජිකයන් අළලා බොහෝ අසත්‍ය සටහන් නිර්මාණය වන අතර මෑතකදී එලෙසින් සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. 

සමාජ මාධ්‍ය සටහන් :

"අපේ දරුවො රජවරු හදාපු වැව් ගාන ගැන ඉගෙන ගන්නකොට දියුණු රටවල දරුවො ලිංගික අධ්‍යාපනය, අළුත් ලිංගික ඉරියව් ගැන පාසලේදී ඉගෙන ගන්නවා" යනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

Fact-Check:

හරිනි අමරසූරිය මහත්මිය විසින් සැබවින් ම මෙවැනි ප්‍රකශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙන් ම ඒ මහත්මිය සහභාගි වූ දේශපාලන වේදිකාවේ කතාවන් පිළිබඳ ව ද, පරීක්ෂා කළ ත්, ඇය විසින් එවන් ප්‍රකාශයක් සිදු කළ බවට දැක ගන්නට නොලැබුණි. එමෙන් ම සියත News ෆේස්බුක් පිටුව හරහා ද, ඉහත සඳහන් ප්‍රවෘත්තිය පළ කර තිබුණේ ද, යන්න පරීක්ෂා කළ ත් එවැනි පුවතක් පළ කර නොමැති බව ට දැක ගන්න ට ලැබුණා.

අප මේ පිළිබඳව හිරිනි අමරසූරිය මහත්මියගෙන් ද, විමසීමක් කළ අතර ඇය සඳහන් කළ තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව ත්, එය අසත්‍ය තොරතුරක් බවයි.

සමාජ මාධ්‍ය සටහන් :

“හාල් මල්ලට රැවටිලා ඡන්දේ දෙන යුගය අවසන්. මහින්ද ජයසිංහ කියන්නේ අපේ කෙනෙක් නෙමෙයි. - අනුර සහෝදරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පහතින්.

Facebook | Archived Link

Fact-Check:

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සම්බන්ධයෙන් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් සිදු කරා ද, යන්න පිළිබඳ අප ඔහු විසින් මෑතකදී සහභාගී වූ දේශපාලන වේදිකා කතා වල ට මෙන් ම මාධ්‍ය සාකච්ඡා ද, පරීක්ෂා කළ අතර එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු සඳහනක් දැක ගන්නට නොවීය.

මේ පිළිබඳ අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් මෙන් ම, මහින්ද ජයසිංහ මහතාගෙන් ද, කළ විමසීමේදී ඔවුන් තහවුරු කළේ, එම පුවත අසත්‍ය බව ත්, එවැනි ප්‍රකාශයක් අනුර කුමාර දිසානායක මහතා විසින් සඳහන් කර නොමැති බවයි.

සමාජ මාධ්‍ය සටහන් :

ජාතික ජන බලවේගයේ සලකුණ දක්වා ඇති කමිස, රු.1700ක මුදලකට නිවසට ම ගෙන්වා ගැනීමට හැකි බවක් සඳහන් කරමින්, එම කමිස ඇණවුම් කිරීමට ජංගම දුරකතන අංකයක් ද, අදාළ මුදල් බැර කිරීමට ගිණුම් අංකයක් ද, සමගින්, දක්වමින් ඡායාරූප සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

Fact-Check :

මෙම දක්වා ඇති දුරකතන අංකයට අප ඇමතුමක් ලබාගත් අතර එම දුරකතන අංකය ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකුගේ දුරකතන අංකයක් වූ අතර ඒ මහතා සඳහන් කළේ, මෙය පක්ෂයට මඩ ගැසීම සඳහා යම්කිසි පාර්ශවයන් විසින් ව්‍යාජ ලෙස නිර්මාණය කර තිබෙන අසත්‍ය තොරතුරු රැගත් සටහනක් බවයි.

එමෙන්ම ජාතික ජන බලවේගයේ ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක ද මෙය ව්‍යාජ සටහනක් බව තහවුරු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

“කොළඹ බිග් මැච් සංස්කෘතිය බොහෝ දුරට මේ වසරෙන් අවසන් වේවි” යනුවෙන් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශයක් සිදු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact-Check :

ජාතික ජන බල වේගයේ,ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙවන් ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද,යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙන් ම, ඒ මහතා මෑතකදී සහභාගී වූ රැස්වීම්වල ද, පරීක්ෂා කළ අතර එවන් ප්‍රකාශයක් සිදු කර බව ට දැක ගන්නට නොලැබේ.

එමෙන් ම IRI News ෆේස්බුක් පිටුවේ ඉහත අයුරින් ටිල්වින් සිල්වා මහතා සිදුකළ බවට දක්වා තිබූ ප්‍රකාශයක් සහිත සටහනක් අඩංගු වී ඇත්දැයි යන්න පරීක්ෂාවක් සිදු කළා. නමුත් එවැනි සටහනක් ද, දැක ගන්නට නොලැබුණි. අප මෙම ෆේස්බුක් පිටුවෙන් ඉහත සටහන සම්බන්ධයෙන් විමසූ අතර ඔවුන් තහවුරු කළේ, එවැනි සටහනක් පළ කර නොමැති බවත්, තම ෆේස්බුක් පිටුවේ ආකෘතිය අවභාවිත කරමින් අසත්‍ය සටහනක් නිර්මාණය කර ඇති බවයි.

එමෙන් ම අප කළ විමසීමේදී ටිල්වින් සිල්වා මහතා ද, තහවුරු කළේ, තමන් කිසිදු අවස්ථාවක, බිග් මැච් සංස්කෘතියක් සම්බන්ධයෙන් ඉහත ව්‍යාජ සටහන් වල දැක්වෙන ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

Also Read: ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෑතක දී පළ වූ අසත්‍ය සටහන් පෙළක් - February 2024!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෑතකදී පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News