ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ, ව්‍යාපාර සහ කර්මාන්ත ජනසතු කරන බවට ලාල්කාන්ත ප්‍රකාශ කළා ද?

Update: 2024-03-11 11:47 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

NPP (ජාතික ජන බලවේගය) සහ JVP (ජනතා විමුක්ති පෙරමුණ) දේශපාලන මණ්ඩලයේ ප්‍රමුඛ චරිතයක් වන ලාල් කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන සුළු අර්ථකථනයක් දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මීළඟ මැතිවරණයේදී ජාතික ජන බලවේගය බලයට පැමිණියහොත්, ඔවුන් රටේ සියලුම මහා පරිමාණ ව්‍යාපාර ජනසතු කරන බවට, ලාල් කාන්ත මහතා සඳහන් කළ වීඩියෝවක් X (කලින් Twitter) ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

Full View

Twitter | Archived

මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප මෙම වීඩියෝව සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණයේදී අනාවරණය වුණේ, 2023 නොවැම්බර් මාසයේදී YouTube වෙත එක් කළ මුල් වීඩියෝවේ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හඟවා තිබූ අයුරින්, ජවිපෙ බලයට පැමිණියහොත් සියලුම මහා පරිමාණ ව්‍යාපාර ජනසතු කරන බවට, ලාල් කාන්ත මහතා සඳහන් කර නොමැති බවයි.

විනාඩි 25ක පමණ සම්පූර්ණ වීඩියෝවේ පවසන ප්‍රකාශයන්, නොමග යන සුළු අන්දමින් ප්‍රකාශ හැඟවෙන අයුරින්, එම මුල් වීඩියෝ කොටස් කිහිපයක් සංස්කරණය කර ඇති බව අපට දැක ගන්නට ලැබුණා.

මුල් සාකච්ඡාවේ දී ලාල් කාන්ත පැහැදිලිවම සඳහන් කරන්නේ, ජාතික ජන බලවේග රජයක් යටතේ මහා පරිමාණ පෞද්ගලික ව්‍යාපාර රජයේ පාලනයට නොගන්නා බවත්, එය ඇතැමුන් අතර තිබෙන වැරදි මතයක් බවයි. මහා පරිමාණ ව්‍යාපාරිකයින් අත්‍යාවශ්‍ය අංගයක් බවත්, ආර්ථික රාමුව තුළ නිෂ්පාදකයින්, බෙදාහරින්නන් සහ පාරිභෝගිකයින් ඇතුළු සියලුම පාර්ශව එකතු කරගනිමින්, තිරසාර ව්‍යාප්තියට ඉඩ දීමේ වැදගත්කම ද ඔහු මෙම මුල් වීඩියෝවේ දී අවධාරණය කරනු ලබයි.

වෙළඳ ව්‍යාපාරිකයින්, ගොවියන් ඇතුළු සියලුම මානව සම්පත්වල ක්රියාකරිතව බාධාවකින් තොරව ඉදිරියට යාමට ඇති බාධක ඉවත්කිරීමේ වැදගත්කම සහ අවශ්‍ය මැදිහත්වීම් ගැන ද ලාල් කාන්තා මෙහිදී පවසනවා.

ජනතාව ආණ්ඩු බලය සහ රාජ්‍ය බලය ජාතික ජන බලවේගයට ලබා දෙන මොහොතේදී ඒවා ජනතාව වෙනුවෙන් භාවිත කරන බවත්, සෑම දෙනාට ම තමාගේ පංගුව ලබා ගත හැකි පරිදි, කාටත් අවස්ථාවක් ලැබෙන පරිදි කටයුතු කරන බවත්, සඳහන් කරනවා.

එමෙන් ම අභියෝග එන්නේ ප්‍රතිගාමීන් විසින් බවත්, ඔවුන් හඳුනාගෙන ඇති බවත්, එසේ සිදුකර ඇත්තේ වෛරයකට නොවන බවත් ඇතුළු කරුණු ද ඒ මහතා සඳහන් කරනු ලබයි.

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමඟ යවන සුළු වීඩියෝවේ, සම්පුර්ණ සාකච්ඡාව ඇතුළත් ලාල් කාන්ත මහතාගේ කතාවේ සම්පූර්ණ කොටස පහතින්. (12.42-17.52)

https://youtu.be/Xg3yc-7ntqs?t=762

Read in English: Lal Kantha did NOT say that NPP would nationalise the top private businesses under their government!

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගය බලයට පැමිණියහොත්, ඔවුන් රටේ සියලුම මහා පරිමාණ ව්‍යාපාර ජනසතු කරන බවට, ලාල් කාන්ත මහතා සඳහන් කළ බව හඟවන ආකාරයට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ලෙස සංස්කරණය කරන ලද වීඩියෝවක් බවයි.

මුල් සාකච්ඡාවේ දී ලාල් කාන්ත පැහැදිලිවම පවසන්නේ තික ජන බලවේග රජයක් යටතේ මහා පරිමාණ පෞද්ගලික ව්‍යාපාර රජයේ පාලනයට නොගන්නා බවත්, එය ඇතැමුන් අතර තිබෙන වැරදි මතයක් බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ, ව්‍යාපාර සහ කර්මාන්ත ජනසතු කරන බවට ලාල්කාන්ත ප්‍රකාශ කළා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News