රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා සංධානගතවී බව ඇඟවීමට භාවිත කර ඇත්තේ 2019 වසරේ ඡායාරූපයක්!

Update: 2024-03-22 18:14 GMT

Subscribe to our WhatsApp Channel

දේශපාලඥයින් සම්බන්ධ ඡායාරූප බොහෝ අවස්ථාවලදී නොමග යන සුළු අර්ථකතන වලින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. මීට වඩාත් ආසන්නතම හේතු ලෙස දේශපාලනඥයින් පක්ෂ මාරුවීම මෙන්ම, පක්ෂ භේදයකයින් තොරව සුහද හමුවලදී විරුද්ධ පාක්ෂිකයින් සමග ලබා ගන්නා ඡායාරූප අවභාවිත වීමද දැක්විය හැකියි.

එලෙසින් නොමග යන අන්දමින් පළ වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හමු වූ බවට සඳහන් කරමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණා.

එම සටහනින් අදහස් කර තිබුණේ, ඉදිරි මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ(NPP) සූදානම හේතුවෙන්, ඒ සඳහා සමගි ජන බලවේගය, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එකතු වී ඇති බවක්.

Facebook | Archived Link

ඉහත ඡායාරූපය ඇතුළත් තවත් ඡායාරූප සටහනක එහි සම්පුර්ණ ඡායාරුපයම දක්වා තිබු අතර එහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමගින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ සැමියා ද, දැක ගන්නට ලැබෙනවා. මැතිවරණය හේතුවෙන් මොවුන් එකතු වී ඇති බව ට ඉන් අදහස් කර තිබුණේ මේ අයුරින්.

Facebook | Archived

මෙහි නිරවද්‍යතාව විමසමින් ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේදී අනාවරණය වූයේ එම ඡායාරූප මෑතකාලීන ඡායාරූප නොවන බවයි.

මීට වසර පහකට පෙර ලබාගත් ඡායාරූප පෙළක්

මෙම ඡායාරූප ලබාගෙන තිබුණේ 2019 වසරේ යහපාලන ආණ්ඩුව සමයේ, අරලියගහ මන්දිරයේ පැවති සාදයක දීයි. ඒ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දින උත්සවයකදීයි. එම ඡායාරූප පෙළේ මුල් සේයාරූ, 2019 මාර්තු 25 වන දා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ වී තිබුණේ මෙලෙසින්.

Full View

Archived

2019 වසරේ දී ඡායාරූපයේ සිටි අයගේ දේශපාලනික පසුබිම

එමෙන්ම මෙම ඡායාරූප ලබාගෙන තිබු 2019 මාර්තු මස පැවති යහපාලන ආණ්ඩු සමයේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂය (එජාප) නියෝජනය කළ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරියක් ලෙසයි.

එසේම හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මැතිවරණ කිහිපයක දී ම පක්ෂව කටයුතු කර ඇති අතර, ඉහත ඡායාරූප ලබාගෙන මාස කිහිපයකට පසුව, 2019 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයේ දී ද ඇය සහය දැක්වුයේ රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාසටයි.

2019 ජනාධිපතිවරණයෙන් එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වීමත් සමඟ පක්ෂය දෙකඩ වූ අතර වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2020 දී සමගි ජන බලවේගය නමින් නව පක්ෂයක් (SJB) පිහිටුවා ගත් අතර හිරුණිකා ඇතුළු එවකට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් සජිත් මහතා සමග එක්වුණා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් විමසා සිටි අතර ඇය සඳහන් කළේ, මෙම ඡායාරූපය 2019 වසරේ එවකට අගමැති ව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දිය සාදයේදී ගත් ඡායාරූප වන බවත්, එවකට තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂයේ සිටි බවයි. එමෙන්ම තමන් සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර මෑතක දී සුහද හමුවක් හෝ රැස්වීමකට හෝ සහභාගී නොවූ බව ඇය තවදුරටත් පැහැදිලි කළා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මෑතකාලීන සුහද සාකච්ඡා හෝ ප්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගී වූ බවට අනාවරණය කර ගත හැකි කිසිදු මූලාශ්‍රයක් අප කළ විමර්ශනයේදී හමු නොවූණි.

කෙසේ වෙතත් දේශපාලන සබඳකම් සම්බන්ධයෙන් ස්වාධීනව සත්‍යාපනය කිරීමට නොහැකි බැවින් සහ ඉදිරි මැතිවරණ පසුබිමක දී මෙකී පාර්ශව එක්ව හෝ වෙනම කටයුතු කිරීම කලින් පුරෝකථනය නොකරමින් අප පෙන්වා දෙන්නේ, ඉහත ඡායාරූපය මෑතකදී ලබා ගත් ඡායාරූපයක් නොව 2019 වසරේ ලබා ගත් ඡායාරූපයක් පමණක් බවයි.

Also Read : 2019 Images Viral As Recent Cordial Getogether Of Ranil, Hirunika & Chandrika!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෑතකදී හමුවූ බව ට දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප, 2019 මාර්තු මස, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් ලෙස හිටි සමයේ, හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද සහභාගී වූ, රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දින සාදයක දී ලබා ගත් ඡායාරූපයකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා සංධානගතවී බව ඇඟවීමට භාවිත කර ඇත්තේ 2019 වසරේ ඡායාරූපයක්!

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News