දරුවන් තිස්දාහක් මහපාරේ සිඟමනේ යෙදෙන බවට පළවූ පුවත් වාර්තා ගැන කරුණු පැහැදිලි කිරීමක්!

Update: 2024-04-17 05:40 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඕනෑම ජාතියක අනාගතය සඳහා වටිනාම සම්පත ලෙස ළමයින් සලකනු ලබයි. ඉදිරි පරම්පාරවල අභිවෘද්ධිය සඳහා රජයන් විසින් ද විවිධ ක්‍රියාමාර්ග දියත් කෙරනවා. කෙසේවෙතත් ලංකාව මෙන්ම දකුණු ආදියාතික ඇතුළු ලොව රටවල් කිහිපයකම වීදි දරුවන් සහ ළමා යාචකයින් මග තොටේදී සහ ජනාකීර්ණ ස්ථාන වල දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, මෙරට ළමා යාචකයින්ගේ සංඛ්‍යාලේඛන සම්බන්ධ සාකච්ඡාවලදී පොදුවේ උපුටා දක්වන සංඛ්‍යාලේඛන සෑම විටම යථාර්ථය නිවැරදිව නිරූපණය නොකරන බව සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

සමාජ මාධ්‍ය සටහන්:

පුවත් වාර්තාවක පළ වූ “දරුවන් තිස්දාහක් මහපාරේ සිඟමනේ” යන ශීර්ෂ පාඨයෙන් යුතු ලිපියක් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

මෙම ලිපිය පළ වී තිබූ මව්බිම පුවත් පතේ සම්පූර්ණ ලිපිය මෙතනින්.

ඉහත සටහන සඳහා පළ වී තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

Ceylon Today සහ Daily Mirror වැනි ඉංග්‍රීසි පුවත්පත් ද මේ පිළිබඳව වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

මෙහි අපගේ අරමුණ වන්නේ මෙම ඇස්තමේන්තු වල මූලාරම්භය සහ නිරවද්‍යතාවය පිළිබඳ සවිස්තරාත්මක කරුණු පරීක්ෂාවක් සැපයීමයි.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

ඉහත විමර්ශනය සඳහා පාදක වී තිබුණේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන හා දත්ත අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතාගේ අධ්‍යනයක් බව එහි සඳහන් වී තිබුණා.

මේ හේතුවෙන් අප මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතාගෙන් විමසීමක් කළා.

30,000ක සංඛ්‍යාව උපකල්පනයක් පමණි

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, තිස්දහසක පමණ දරුවන් ප්‍රමාණයක් සිඟමනේ යෙදෙන බව තමන් ඇතුළු විද්වතුන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවේ නගර කිහිපයක පදිංචිකරුවන් සමඟ සිදු කළ අවිධිමත් සම්මුඛ සාකච්ඡා මත පදනම්ව සකස් කරන ලද කල්පිතයක් පමණක් බවයි.

මෙම උපකල්පනය පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් පවත්වනු ලබන කිසිදු සමීක්ෂණයක් හෝ පර්යේෂණයක් හරහා විධිමත් පිටුබලයක් නොමැති ප්‍රායෝගික නොවන උපකල්පනයකි.

ශ්‍රී ලංකාවේ වීදි දරුවන් 15,000 ක් සිටින බවට 2019 අධ්‍යයනයක්

ශ්‍රී ලංකාවේ වීදි දරුවන් 15,000 ක් සිටින බවට සඳහන් කරන 2019 වසෙර් අධ්‍යනයක සඳහන් වේ. අධ්‍යයනයේ කෙසේ වෙතත්, මෙම වාර්තාව ඇස්තමේන්තු කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ද පැහැදිලි බවක් නොමැත.

මේ හා සම්බන්ධ උපකාරක පර්යේෂණ පත්‍රිකා හෝ සමීක්ෂණ සොයා ගැනීමට උත්සාහ කළද, ඉහත අගය ව්‍යුත්පන්න වූ ආකාරය පිළිබඳ කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැත.

එසේම වීදි දරුවන් සහ යාචක ක්‍රියාකාරකම්වල යෙදෙන ළමුන් අතර වෙනස පැහැදිලි කිරීම ද අත්‍යවශ්‍ය වේ. වීදි දරුවන් යනු සාමාන්‍යයෙන් මාපිය හෝ භාරකාර රැකවරණයක් නොමැතිව වීදිවල ජීවත් වන සහ වැඩ කරන ළමුන් ලෙස හඳුන්වන අතර, ළමා සිඟමන් යෙදීම යන්නෙන් අදහස් කරන්නේ සිඟමන් යැදීමේ ක්‍රියාකාරකම්වල නියැලෙන දරුවන් ය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) සභාපති

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) සභාපති උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කරන්නේ, ළමා සිඟමන් යදින සිද්ධීන් සම්බන්ධයෙන් අධිකාරියට වසරකට ආසන්න වශයෙන් පැමිණිලි තුන්සීයක් පමණ ලැබෙන බවත්, ඒ ඒ සිද්ධිය සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ය. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිලි සංඛ්‍යාව NCPA වෙබ් අඩවියේ වාර්තා වී ඇත්තේ මෙලෙසින්.

එමෙන් ම වාර්තා නොවූ ළමා සිඟමන් යදින සිද්ධීන් ගණනාවක් තිබිය හැකි බව තමන් පිළිගන්නා නමුත් අධිකාරිය විසින් හසුරුවන ලද වාර්තා වූ සිද්ධීන් සංඛ්‍යාවට වඩා, ඉහත වාර්තාවල දක්වා ඇති අති විශාල වෙනසක් සළකා බලමින්, ළමා යාචකයන් 30,000ක් රට තුළ සිටීමේ අසම්භාව්‍ය බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙනවා.

අතීතයේ ද, වීදි දරුවන් ප්‍රමාණය සනාථ කෙරෙන ප්‍රමාණවත් සාක්ෂි නොමැත

2005 සහ 2006 වාර්තාවල වීදි ළමුන් 15,000ක් වැනි පූර්ව ඇස්තමේන්තු වෙත අවධානය යොමු කිරීමේදී මෙම ඇස්තමේන්තුවට ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් මෙම සංඛ්‍යා සත්‍යාපනය කළ නොහැකි වේ. වීදි දරුවන් 16,000ක් ගැන යුනිසෙෆ් ඇස්තමේන්තු කර ඇති බව 2004 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු හෑන්ඩ් සෑඩ් වාර්තාවෙන් කරන ලද යොමු කිරීම් ඇතුළුව විවිධ වාර්තා සහ මාධ්‍ය ලිපි වසර ගණනාවක් පුරා පැවතුනද, යුනිසෙෆ් විසින් මෙම ප්‍රකාශයන් සනාථ කළ වාර්තා හෝ නිළ දත්ත ඉදිරිපත් කර ඇති බවත් අපට දැකගන්නට නොලැබුණි. අප මේ පිළිබඳව යුනිසෙෆ් - ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකාවේ වීදි දරුවන් පිළිබඳව එවැනි තක්සේරුවක් කර නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ වීදි ළමුන් සහ ළමා යාචකයින් සංඛ්‍යාව පිළිබඳ, විශේෂයෙන්ම වීදිවල සිඟමන් යදින ළමුන් 30,000ක් පිළිබඳ ප්‍රකාශය, විධිමත් සමීක්ෂණ හෝ පර්යේෂණවලට වඩා සමපේක්ෂන උපකල්පන මත පදනම් ව සිදු කර තිබේ. අවදානමට ලක්විය හැකි දරුවන්ගේ සුබසාධනය පිළිබඳ සැලකිලිමත් වීම වලංගු වන අතර, එවැනි ගැටළු ආමන්ත්‍රණය කිරීමේදී සත්‍යාපිත දත්ත සහ සාක්ෂි පදනම් කරගත් පර්යේෂණ මත විශ්වාසය තැබීම ඉතා වැදගත් වේ. මෙම ඇස්තමේන්තු වල මූලාරම්භය සහ නිරවද්‍යතාවය පැහැදිලි කිරීමට දරන ප්‍රයත්න ශ්‍රී ලංකාවේ ළමා සුභසාධනය සඳහා කැපවී සිටින අදාළ බලධාරීන්, විද්වතුන් සහ සංවිධාන අතර විනිවිද පෙනෙන ක්‍රමවේදයන් සහ සහයෝගීතාවයන් හරහා ඉදිරියට යා යුතු වේ.

ශ්‍රී ලංකාවේ ළමා සිඟමන් යදින දරුවන් සහ වීදි දරුවන් වැනි සංකීර්ණ සමාජ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමේදී සාක්ෂි මත පදනම් වූ වාර්තාකරණයේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ වැදගත්කම මෙම කරුණු පැහැදිලි කිරීමෙන් අවධාරණය කරයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දරුවන් තිස්දාහක් මහපාරේ සිඟමනේ යෙදෙන බවට පළවූ පුවත් වාර්තා ගැන කරුණු පැහැදිලි කිරීමක්!

Fact Check By: Pavithra Sandamali

Result: Missing Context

Tags:    

Similar News