සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පැහැදිලි කිරීම!

Update: 2024-07-10 18:50 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින සතුන් පිළිබඳව පසුගිය දින කිහිපයේ නැවත වරක සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වුණා. එයට හේතුව වන්නේ එම සත්ත්ව උද්‍යානයේ සිටින සත්ත්වයින්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමයි. මෙම සිදුවීම මුල් කර ගනිමින් නොමග යවන සුළු ඡායාරූප සටහන් ද, පළ වූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කරන ලද විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින සිංහයෙකුගේ ඡායාරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් පහතින්.

FB | Archived

මේ සම්බන්ධයෙන් පළ වූ තව ත් ඡායාරූප සටහනක් පහතින්.

Facebook | Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

දෙහිවල සත්ත්වයින් ට නිසියාකාරව ආහාර ලබා නොදෙන බව ත්, ඒ හේතුවෙන් ඔවුන් ට අත්විඳීමට ඇති ඉරණම බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප අතර සිංහයෙකුගේ පළ වූ ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව, මෙම ඡායාරූපයේ දැක්වෙන අසනීප තත්ත්වයෙන් පසු වන බවට පෙනෙන සිංහයා මෙරට සිටින සිංහයෙකු නොව ඇල්බේනියානු පෞද්ගලික සෆාරි උද්‍යානයකයේ සිටින දැඩි ලෙස මන්දපෝෂණයෙන් පෙළෙන සිංහයෙකුගේ ඡායාරූපයක්. 2018 වසරේ මේ සම්බන්ධයෙන් පළ වූ Daily mail පුවත් වෙබ් වාර්තාව මෙතනින්.

දෙහිවල සත්වෝද්‍යානයේ දැනට සිටින සිංහයින්ගේ තත්ත්වය කෙසේද?

දෙහිවල සත්වෝද්‍යානයේ දැනට සිටින සිංහයින්ගේ තත්ත්වය දැක්වෙන ඡායාරූප පිළිබඳ අප විමර්ශනය කළ අතර මේ වනවිට එහි සිටින සිංහ පවුලේ මෑතකදී ලබා ගත් ඡායාරූප පහතින්.

මෙරට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් නිල පිටුවේ මෑතකදී පළ කර තිබූ සිංහ පවුලේ ඡායාරූප සටහනක් පහතින්.

Facebook | Archived Link

දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ :

දෙහිවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු මහත්මියගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සිංහයාගේ ඡායාරූපය මෙරට දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සිංහයෙකුගේ ඡායාරූපයක් නොව වෙනත් රටක සිටින සිංහයෙකු‍ගේ ඡායාරූපයක් බවයි.

එමෙන් ම දෙහිවල සත්වෝද්‍යානයේ දැනට සිංහයන් හතර දෙනකු සිටින අතර ඉන් දෙදෙනකු පැටවුන් වන අතර කිසිවකුට සෞඛ්‍ය ගැටලුවක් නොමැති බව ත් ඇය සඳහන් කළා.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ, පෙර සත්ව උද්‍යාන විනෝදාස්වාදය ලබා දීම උදෙසා පවත්වාගෙන ගියත් මේ වනවිට සත්ත්ව සංරක්ෂණය උදෙසා සත්ත්ව උද්‍යාන වල සතුන් සීමිත ප්‍රමාණයක් තබා ගෙන ඇති බවයි. එමෙන් ම අන්තර්ජාතික තත්ත්වයන්ට අනුකූලව ඒ අදාළ අරණ වල සත්ත්වයින් ප්‍රමාණය පවත්වාගෙන යන බව ත් එම මහත්මිය පැවසුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තවත් ඡායාරූප වල දක්වා තිබූ දුඹුරු වලසා බින්ගෝ නම් බව ත්, එම වර්ගයේ වලසුන්ගේ ආයු කාලය වන්නේ අවුරුදු 20-30ක් අතර ප්‍රමාණයක් බව ත් 1988 ඉපදුණු මෙම වලසාගේ වයස අවුරුදු 36ක් ඉක්මවා ඉතා වයස්ගත ව ජීවත් වන බව ත් ඇය පෙන්වා දුන්නා.

මෙම වලසුන් ඝර්ම කලාපීය සතුන් වන අතර සීත ඝ‍ෘතුවේදී මෙරට දෙසැම්බර් ජනවාරි වල ඔවුන්ගේ ලොම් ප්‍රමාණය වැඩි වෙන අතර මාර්තු අප්‍රේල් මැයි මාස වලදී ඒ ලොම් ඔවුන් විසින් ඉවත් කරන අතර එම ලොම් ඉවත් කිරීමෙන් පසු නැවත අලුත් අලුත් ලොම් එන බව ත්, ලොම් ඉවත් කිරීම සහ ඔවුගේ මහළු තත්ත්වය මත එම පෙනුම ඇති බව ත්, පවසා සිටියා. වෙනත් රටවල වයස ඉක්මවූ පසු සතුන්ට, මුහුණපෑමට සිදුවන ඇතැම් අසනීප තත්ත්ව මත අනායාස මරණය හෙවත් යූතනේසියාව (euthanasia) කරන නමුත් එවැන් අවස්ථාවකට යොමු නොවී ඔහුගේ කාලය ගත කිරීමට ඉඩ සලසා දී ඇති බව ත්, ඔහුට ඇතුළු අනෙක් සත්ත්වයින්ට ද, විවිධ සත්ත්ව වර්ග අනුව පෝෂණවේදීන් හා පශු වෛද්‍යවරුන් නියම කළ ආහාර වට්ටෝරුවක් ඇති බව ත්, ඒවා නියමිත අයුරින් ලබා දෙන බව ත්, දෙහිවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාව 2022 වසරේ පමණ ආර්ථික අර්බුදය හමුවේ සත්වෝද්‍යානවල සිටින සතුන් ද දැඩි ආහාර හිඟයකට මුහුණ පා තිබුණු අතර, ඇතැම් පාර්ශව විසින් සත්වෝද්‍යාන වසා දැමිය යුතු බව ට අදහස් දක්වා තිබුණා. ඒ සම්බන්ධයෙන් පළවූ වාර්තා මෙතනින්. 2020 වර්ෂයේ පළ වූ වාර්තාවක සඳහන් වූයේ නිසි පෝෂණයක් සහ සැලකිල්ලක් නොමැති කමින් දෙහිවල සත්ත්ව උද්‍යානයේ සත්ත්වයින් මැරෙන බවයි. එම වාර්තාව මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සිංහයෙකුගේ ඡායාරූපයක් ද?

Written By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News