වෛද්‍ය මවුමිතා මිය යන්නට පෙර තම මවට එවූ අවසන් වීඩියෝව ?

Update: 2024-08-20 05:42 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඉන්දියාවේ, කොල්කටා හි RG Kar වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ සේවය කළ කණිෂ්ඨ වෛද්‍යවරියක්, බිහිසුණු ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමෙන් ලොවක් කම්පා වෙමින් සිටින අවධියක, සිය මරණයට පටිගත කළ වීඩියෝවක් බවට දක්වන වීඩියෝවක් ඉන්දියානුවන් අතර මෙන්ම මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ද, සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

එම වෛද්‍යවරිය විසින් සිය අවසන් මොහොතට පෙර තම මව වෙත යැවූ වීඩියෝවක් ලෙසට දක්වමින් මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර පහත වීඩියෝව සංසරණය වුණා.

Full View

Facebook

මෙම ඛේදවාචකය අධි සංවේදී සිදුවීමක් වන අතර ඒ හේතුවෙන් ඊට අනුරූප වූ මෙම වීඩියෝව වෛද්‍ය මවුමිතාගේ බවට සඳහන් කරමින් සංසරණය වීම හේතුවෙන් එය Facebook සහ YouTube ඔස්සේ බහුලව සංසරණය වුණා.

TikTok ඔස්සේ ද, මෙම වීඩියෝව සංසරණය වී තිබුණේ ඇය මිය ගිය වෛද්‍යවරියගේ බවට දක්වමින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය 8 වන දා ඉන්දියාවේ කොල්කටා හි වෛද්‍ය විද්‍යාලයක් තුළ අපයෝජනය කර ඝාතනය කළ බව කියන වෛද්‍යවරියක වන වෛද්‍ය මෞමිතා දෙබ්නාත්ගේ අවසන් මොහොත දැක්වෙන වීඩියෝව පසුගිය දා සමාජ මාධ්‍ය කැළඹීමට තුඩු දුන්නා. මෙය ඇයගේ අවසන් මොහොතේ සත්‍ය වීඩියෝව ද, යන්න පිළිබඳ බොහෝ දෙනා කුතුහලයෙන් පසු වුණා.

වීඩියෝවේ මූලාශ්‍ර :

අපි මෙම වීඩියෝව පළ වී තිබුණු මුල් වීඩියෝ අවස්ථාව සෙවීමට පියවර ගත් අතර ඒ පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. මෙය අගෝස්තු 15 වන දා සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට දැක ගන්නට ලැබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ වාර්තා කර ඇති නිල මාධ්‍ය වාර්තා පිරික්සීමේදී එම වෛද්‍යවරිය විසින් තම මවට සිය අවසන් වීඩියෝවක් යොමු කළ බවට කිසිදු සඳහනක් දැක ගන්නට නොවීය. ඇයගේ දෙමව්පියන් පවසන්නේ වෛද්‍යවරිය ඉගෙනුම ලබන සහ සේවය සපයන රෝහලෙන් තම දියණිය මිය ගොස් ඇති බවට දැන් වූ බවයි.

එමෙන්ම මෙම ඛේදනීය සිදුවීමට ගොදුරු වූ අභාවප්‍රාප්ත වෛද්‍ය මවුමිතාගේ මුහුණුවර එම වීඩියෝවේ දැක්වෙන තරුණියගේ මුහුණත් සමඟ නොගැලපෙන බව සමීපව පරීක්ෂා කිරීමේදී පෙනී යනවා.

මෙම වීඩියෝවෙන් වෛද්‍ය මවුමිතා ඇගේ අවසන් මොහොතේදී විඳි වේදනාව ප්‍රතිනිර්මාණය කරන බව පෙනෙන අතර, ඉන් මේ සිටින්නේ එම වෛද්‍යවරිය බවට මහජනයා නොමඟ යැවීම සඳහා නිර්මාණය කර ඇති හෝ ප්‍රහාරයට ලක් වූ අවස්ථාවක් බවට හැඟවීමට නිර්මාණය කරන ලද විඩියෝවක් විය හැකි බව පෙන්වා දීමට හැක.

කොල්කටා පොලීසිය :

කොල්කටා පොලීසියට අනුව, වෛද්‍යවරයාගේ සිරුර රෝහල් පරිශ්‍රය තුළ තිබී සාහසික ලෙස වද දී ඝාතනය කර තිබියදී සොයා ගෙන තිබේ. ඇයගේ තුවාල වල බරපතලකම සහ ඇගේ මරණයේ තත්ත්වයන් අනුව, ඇය ප්‍රහාරය අතරතුර හෝ ඉන් පසුව මෙලෙසින් ඇය විසින් තමාව වීඩියෝ කිරීමට ඇති හැකියාව බෙහෙවින් අඩුය. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.

මෙම වීඩියෝව නිසා සිදුවන හානිය :

මෙම නොමඟ යවන වීඩියෝවේ හේතුවෙන් මහජනතාව නොමඟ යැවීමකට ලක්වනවා සේම වින්දිතයාගේ පවුලේ අයට සහ මිතුරන්ගේ විස්සෝපය තව ත් වැඩි කරනු ලබනවා. එවැනි වැරදි තොරතුරුබෙදා හැරීමෙන් මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට බාධාවක් එල්ල විය හැකි අතර මහජනතාව ක්‍රපෝකාරි වී ක්‍රියාකිරීම තුළින් යුක්තිය පසිඳලීමේ අවකාශයට බාධා විය හැක.

මෙතෙක් සිදුවීම :

කොල්කටා පොලිසියේ ආපදා කළමනාකරණ බලකායේ සිවිල් ස්වේච්ඡා සේවකයෙකු වන රෝහල් සේවයට අනුයුක්ත කර සිටි සංජේ රෝයි ලෙස හඳුනාගෙන ඇති මෙම ඝාතනයේ චූදිතයා CCTV දර්ශන සහ වෙනත් සාක්ෂි මගින් අපරාධයට සම්බන්ධ වූ බවට අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය වූ දින රාත්‍රියේ වෛද්‍යවරිය විවේක ගනිමින් සිටි සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වීමට පෙර එම රෝහලේ රෝගියෙකුගේ ඥාතියෙකු සමඟ මත්පැන් පානය කර ඇති බව වාර්තා වේ. අපරාධය සිදු කිරීමෙන් පසු ඔහු 2024 අගෝස්තු 9 වන දින අලුයම 4.30 ට පමණ එම පරිශ්‍රයෙන් පිටව යනු දක්නට ලැබී තිබූ අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු අපරාධය පාපොච්චාරණය කළ බවට වාර්තා වේ.

RG Kar වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ 31 හැවිරිදි කාන්තා පශ්චාත් උපාධි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාවේ වෛද්‍යවරු මිලියනකට වැඩි සංඛ්‍යාවක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. රෝහල් පරිපාලනය විසින් සිදුකරන ලද බව කියන නොසැලකිලිමත්කම සහ ආරක්‍ෂාව පැහැර හැරීම, රෝහල් නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට හේතු වී ඇති බව මෙම විරෝධතා මගින් ඉස්මතු කර ඇත. මෙම සිද්ධියට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය වෛද්‍ය සංගමය (IMA) සහ අනෙකුත් වෛද්‍ය සංගම් වැඩ වර්ජන පවත්වා ඇත. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.

Updated 22/08/2024 :

ඉහත සමාජ මාධ්‍ය ජාලා වීඩියෝව මවුමිතාගේ අවසන් වීඩියෝවේ සත්‍ය වශයෙන් ම සිටින්නේ වේෂ නිරූපණ ශිල්පිනියක් වන Zeenat Rahman බවට 'X' හී පළ වූ පණිවිඩයක සටහන් කර තිබුණේ මෙලෙසින්.

https://twitter.com/TrMudassir/status/1824789320898630031

ඒ අනුව කළ වැඩි දුර සොයා බැලීමේදී එම කාන්තාව ඉන්දීයාවේ Telugupost නම් කරුණු විමර්ශන කණ්ඩායමක් විසින් සම්බන්ධ කර ගෙන ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ මවුමිතාට වූ අගතිය හේතුවෙන් ඇය මෙලෙසින් වේදනවාවක් විඳ දරා ගන්න ඇති බවට හැඟවීමට ත් සමාජය දැනුවත් කිරීමටත් මෙම වීඩියෝව නිර්මාණය කළ බව ත්, කිසිසේත්ම සමාජය නොමග යැවීම උදෙසා තමන් මෙම වීඩියෝව නිර්මාණය නොකළ බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තාව මෙතනින්.

ඇය සිය Instagram පිටුව මේ වනවිට ඉවත් කර ඇති අතර ඊට පෙර මේ සම්බන්ධයෙන් ඇය එහි පළ කර තිබූ සටහන පහතින්.

ඇය විසින් මීට පෙර ද, කාන්තාවන්ට සිදු කෙරෙන අපයෝජන ගැන සමාජය දැනුවත් කරමින් වීඩියෝ, ඡායාරූප නිර්මාණය කර තිබුණා. එවැනි අවස්ථා කිහිපයක් පහතින්.

Facebook

Facebook

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

කොල්කටා ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් නඩුවේ වෛද්‍යවරියගේ අවසන් මොහොත පෙන්වන බව කියන වීඩියෝව සත්‍ය වීඩියෝවක් නොවේ. විශේෂයෙන්ම මෙවැනි සංවේදී අවස්ථාවන්හිදී සමාජ මාධ්‍යවල මෙවැනි අන්තර්ගත බෙදා ගැනීමට පෙර එහි සත්‍යතාව තහවුරු කිරීම ඉතා වැදගත් වේ. විමර්ශනවලට බාධා කිරීම සහ මෙවැනි ඛේදවාචකයකින් පීඩාවට විඳින පවුලේ ඥාතීන්ට තව ත් සිත් රිදීම් ඇති කර අමතර හානියක් සිදු කිරීම මෙන් ම මෙවැනි වැරදි තොරතුරු බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බව ද, මතක තබා ගත යුතු වේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වෛද්‍ය මවුමිතා මිය යන්නට පෙර තම මව ට එවූ අවසන් වීඩියෝ ?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News