NPPයේ ප්‍රතිපත්ති සහ යෝජිත ක්‍රියාමාර්ග ලෙස පළ වන ව්‍යාජ සටහන් පෙළක්!

Update: 2024-08-27 18:09 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නොමග යවන සුළු සටහන් කිහිපයක කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Claim:1

“ඊළඟ පෝයෙන් පස්සේ එක ගෙදරක වාහන දෙකක් තියෙන්න බෑ අපි JVP” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact -Check :

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී ඉහත සඳහන් සටහන් වල දැක්වෙන පරිදි ක්‍රියාත්මක වන බවට එම පක්ෂයේ සාමාජිකයින්ගේ ප්‍රකාශයක් හෝ මාධ්‍ය නිවේදනයක් හෝ දැක ගන්නට නොලැබුණි.

ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ද, අප පරීක්ෂා කළ ත්, අපට ඊට සහය දක්වන ප්‍රකාශනයක් දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අප මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ ද, මෙ ය ව්‍යාජ සටහනක් බව ත්, වාහන දෙකක් ළඟ තබා ගැනීමට නොහැකි බව ට එම සාමාජිකයින් විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

එමෙන් ම පසුගිය 26 වන දා ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූ අතර එහිදීද එවැනි කරුණක් සම්බන්ධයෙන් සඳහන් කර නොතිබුණි.

එමෙන් ම එම අවස්ථාවදී ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ඉහත වාහන දෙකක් ළඟ තබා ගන්නා බවට අසත්‍ය වපුරවමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සැමට සමානය සැලකිය යුතු කියන සාධකය ඔස්සේ වෙනත් අර්ථකතනයක් දී ඇති බවට සඳහන් කළේ මෙලෙසින්.

මීට පෙර අවස්ථාවකදී මෙම කාරණා සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ විසින් ද, පැහැදිලි කර තිබූ අවස්ථාවක් මෙතනින්.

Claim:2

එමෙන් ම තවත් සටහනක පෙන්වා දී තිබුණේ, ජාතික ජන බලවේගය යටතේ යෝජිත කැබිනට් මණ්ඩලය ලෙස දක්වා ඇති සටහනක්.

Facebook | Archived Link

Fact -Check :

NPP මාධ්‍ය අංශයෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී සඳහන් කළේ, කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ත්, මෙම සටහන අසත්‍ය බව ත්ය. එමෙන් ම ඔවුන් පැහැදි කළේ, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත්, NPPයට වහාම කැබිනට් ඇමතිවරුන් පත් කළ නොහැකි බවයි. මන්ද ඔවුන් දැනට පාර්ලිමේන්තුවේ ආසන තුනක් පමණක් දරන බැවිනි. අමාත්‍යවරුන් පත්කිරීම සිදුවිය හැක්කේ ලබන වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව වන අතර ඒ ද, NPPය බහුතර බලයක් ලබා ගන්නේ නම් පමණි.

තම පක්ෂය බලයට පත්වන්නේ නම් කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනෙකු පමණක් පත්කිරීමට කැපවී සිටින බව ත්, නමුත් මෙතෙක් මෙම අමාත්‍යවරුන් කවුරුන්ද යන්න පිළිබඳව තීරණයක් ගෙන නොමැති බව ත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කළා.

NPP ජනාධිපතිවරණ ප්‍රකාශය සමාලෝචනය පරීක්ෂා කිරීමේදී ද, එහි 194 පිටුවේ, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වන්නේ එම රජය යටතේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 25 කට සීමා කරන බව ත්, ඊට සමාන නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවක් සිටින බවත්ය. ඔවුන්ගේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරු නොසිටින බවද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්.

Claim:3

"ප්‍රතිපත්ති ප්‍රකාශයේ,රාජ්‍ය ආදායම් උපයා ගැනීම ගැන සදහන් නොවන්නේ මුද්‍රණයෙ දෝෂයක් නිසා. අපේ ඊළඟ එකෙන් ඒක නිවැරදි කරනවා." යනුවෙන් චතුරංග අබේසිංහ ප්‍රකාශ කළ බවටෙ දක්වමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact -Check :

මෙවැනි ප්‍රකාශයක් ජාතික ජන බලවේගයේ චතුර අබේසිංහ විසින් සිදු කර නොමැති බවට අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙන් ම, ඔහුගේ නිල සමාජ මාධ්‍ය ධාරා ඔස්සේ ද, සිදු කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.

එමෙන් ම, පසුගිය දා එළි දැක්වූ ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ද, අප පරීක්ෂා කර බැලුවේ, රාජ්‍ය ආදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් එහි සඳහන් වී නොමැති ද, යන්නයි.

එහි ප්‍රජාතාන්ත්‍රික ආර්ථිකයක් පොහෝසත් රටක් යනුවෙන් සඳහන් කොටසේ පිටු අංක 102 සිට රාජ්‍ය ආදායම් ලබා ගන්නා ආකාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, ආයෝජන ප්‍රවර්ධන, රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යවසායන්, දේශිය විදේශීය වෙළඳාම ඇසුරෙන් සඳහන් වී ඇති බව දැක ගන්නට ලැබේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතනින්.

එමෙන් ම මේ සම්බන්ධයෙන් අප චතුර අබේසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවකදී මෙවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

Claim 4:

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එම පක්ෂයේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මත කිරීම සඳහා ජාතික ආරක්ෂක කමිටුවක් නම් කිරීමට තීරණය කර ඇති බවත්, එම කමිටුවේ සමාජිකයන් ලෙස දක්වමින් එම පක්ෂය විසින් නි‍වේදනයක් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූ‍යේ මෙලෙසින්.


ඒ අනුව ජාතික ජන බලවේගය විසින් නම් කරන ලද බලයලත් ජාතික ආරක්ෂක කමිටුව ‍ලෙසට සඳහන් කර තිබූ කමිටු සාමාජිකයින් පහත පරිදි වේ.

ශානි අබේසේකර - විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි

අරුණ ජයසේකර - විශ්‍රාමික මේජර් ජෙනරාල්

අතුල සමරකෝන් - හිටපු සන්නද්ධ අංශ සාමාජික, දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය

තංගයියා රා සමානික්කම් - හිටපු බුද්ධි අංශ සාමාජික, එල්. ටී. ටී. ඊ සංවිධානය

මොහොමඩ් ෆර්හාන් - ජාතික තවුහීද් ජමාත් සංවිධානය

ශාමි උදේශිකා - සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ සාමාජිකා (LGBT Community)

මෙම නිවේදනය WhatsApp ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.


ෆේස්බුක් ඔස්සේ ද එම සටහන් හුවමාරු වූ අවස්ථා කිහිපයක් පහතින්.


FB | Archived FB1 FB2

Fact-Check :

2024 ජනාධිපති මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉහත සඳහන් අයුරින් ජාතික ආරක්ෂක කමිටුවක් සම්බන්ධයෙන් සඳහන් කර නොතිබුණි.

එහි මාධ්‍ය අංශයද , මෙය ව්‍යාජ සටහනක් බවට පෙන්වා දුන් අතර, ‍මේ පිළිබඳ එම පක්ෂයේ සාමාජික ටිල්වින් සිල්වා ද, සිය නිල ෆේස්බුක් පිටුවේ මෙය ව්‍යාජ බවට පළ කර තිබුණේ මේ අයුරින්.


Facebook | Archived Link

Claim 5:

ඒ වගේම තවත් සටහනක පළ වී තිබුණේ, එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පහත දක්වා ඇති කරුණු ඇතුළත් කර ඇති බවයි.

ඉහළ ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය සේවා නියුක්තිය ඉදිරි වසර 5 තුල 50% අඩු කිරීමට පියවර ගැනීම.

රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය ලක්කර අනිවාර්ය විශ්‍රාම ගැන්වීම ක්‍රියාත්මක කිරීම.

මනා කළමණාකාරීත්වයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවක අතිකාල දීමනා සීමා කරමින් සේවක ඵලදායීතාව වැඩි කිරීමට පියවර ගැනීම.

රාජ්‍ය සේවක වැටුප් නිර්දේශ, උසස්වීම්, ස්ථාන මාරු සේවා ඵලදායීතාව මත සිදුකරන අතර ඒ සඳහා රාජ්‍ය අනුබද්ධ ස්වාධීන කොමිසමක් පිහිටුවීම.

රාජ්‍ය අනුබද්ධ ස්වාධීන කොමිසමක නිර්දේශ මහ රාජ්‍ය විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වාහන බලපත්‍ර යාවත් කාලීන කිරීම හෝ අත් හිටුවීම සිදුකිරීම.



Facebook | Archived Link

Fact-Check :

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොටස් 4කින් යුක්ත වන අතර එහි 4වන කොටසේ දක්වා තිබූ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් කුසලතා කේන්ද්‍රීය වෘත්තීයභාවයක් යටතේ රාජ්‍ය සේවා සම්බන්ධයෙන් තොරතුරු දක්වා තිබූ අතර එහි එවැනි කරුණු කිසිවක් දැක ගන්නට නොලැබුණි.

ඉහත සටහනේ සඳහන් ආකාරයේ, සේවක කප්පාදු කිරීම් වෙනුවට එහි දක්වා තිබුණේ, සේවකයින් ප්‍රතිස්ථානගත කිරීම වැනි කරුණු වන අතර රාජ්‍ය අනුබද්ධ ස්වාධීන කොමිසමක් පිහිටුවීම වැනි කරුණු ද, ඇතුළත් කිසිවක් අඩංගු වී නොතිබුණි.

මෙය ද, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නොවන කරුණු ඇතුළත් කරමින් ව්‍යාජ ලෙස සකසා ඇති අසත්‍ය සටහනක් බවට එම පක්ෂයේ මාධ්‍ය අංශයද, අප කළ විමසීමේදී පවසා සිටියා.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:NPPය අළලා පළ වන නොමග යන සුළු සටහන් කිහිපයක්!

Written By: Pavithra Sandamali

Result: Misleading

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Tags:    

Similar News