සන්නද්ධ හමුදා කැඳවන්න ජනාධිපති හදිසියේ ගත්ත තීරණයක් ?

Update: 2024-08-28 17:24 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

https://youtu.be/za2_FC_5CqM

ඇතැම් අවස්ථාවන් වලදී ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, විශේෂයෙන්ම මැතිවරණක් අභියස දී රාජ්‍ය නායකයින් සම්බන්ධ පුවත් පිලිබඳ දැඩි අවධානයක් යොමුවෙනවා. එසේම මෙවැනි පුවත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද ජනතාවට වාර්තා කරනු ලබන්නේ නොමග යන සුළු අන්දමින්. මේ හේතුවෙන්  බොහෝ අවස්ථාවන් ජනතාව නොමග යැවීම මෙහිදී සිදු වනවා. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ජනපති හදිසියේම සන්නද්ධ හමුදා කැඳවයි! යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්. හදිසියේ ම මේ ආකාරයෙන් මහජන ආරක්ෂාව වෙනුවෙන් ගැසට් පත්‍රයක් නිකුත් කිරීම මැතිවරණය අළලා බවට බොහෝ දෙනෙකු ‍නොමග ගොස් තිබුණා.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ(27) දින මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වන වගන්තිය යටතේ ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව දිස්ත්‍රික්ක 25ක මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා.

අප මෙම ගැසට් පත්‍රය ගැන විමර්ශනය කිරීමේදී දැක ගැනීමට ලැබුණේ, පසුගිය මැයි, ජුනි, සහ ජුලි මාසවලදී ත් මේ ආකාරයෙන්, එම ගැසට් පත්‍රයක්ම නිකුත් කර ඇති බවයි.

Gazette

එමෙන් ම 2010වසරේ පමණ සිට ජනාධිපතිවරුන් ව සිටි මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා, සහ දැන් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විවිධ ජනාධිපතිවරු වරින් වර එලෙසින් රටේ හදිසි තත්ත්වයන් යටතේ නොවුනත්, ඉහත පරිදි ත්‍රිවිධ හමුදාව කැඳවමින් සිදුකරන නියෝග නිකුත් කර තිබෙනවා.

මෙම නියෝග ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා සම්මත ක්‍රියා පටිපාටියක් වන අතර එලෙසින් පසුගිය වසර කිහිපයක නිකුත් කර තිබූ ගැසට් නිවේදන කිහිපයක් පහතින්.

ආරක්ෂක අමාත්‍යාංශය

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසූ අතර ඒ මහතා සඳහන් කළේ, රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිද හමුදාවට බලය දීමක් මෙහිදී සිදු නොවන බව ත්, ඒ වගේම මෙම නිවේදනය හදිසියේ පළ කරන යම්කිසි ආකාරයක සුවිශේෂී ගැසට් නිවේදනයක් මඟින් සිදුකරන ලද දැනුම් දීමකුත් නොවන අතර මෙම ගැසට් පත්‍රය කලින් කලට අලුත් කරමින් මහජන හදිසි තත්වයක් පැවතීම හෝ එසේ පැවතිය හැකි බවට සලකා මහජන ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම හෝ සැපයුම් සහ සේවා නඩත්තු කිරීමට නිකුත් කරන්නක් බවත් සඳහන් කළා.

මාධ්‍ය වාර්තා කිරීම

මෙම ගැසට් නිවේදන රටේ හදිසි තත්ත්වයක් හෝ රටේ කිසිදු විශේෂිත තත්ත්වයක් යටතේ නොමැති අවස්ථාවන් වලදී පවා ත්‍රිවිධ හමුදා කැඳවමින් මෙලෙසින් ගැසට් නිවේදන නිකුත් කර ඇති අවස්ථා තිබුණ ද, මාධ්‍ය එ් පිළිබඳ වාර්තා නොකරමින් හෝ ඊට විශේෂිත අවධානයක් නොදී, මැතිවරණයක් පැවැත්වීමට නියමිත ව තිබෙන මේ වකවාණුවේ මේ සම්බන්ධයෙන් උද්දීපනය කරමින් කරුණු වාර්තා කිරීම නිසා, ජනතාව අතර මේ සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් අනිසි බියක් ඇති කර තිබේ.

2021 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේදී මේ ආකාරයෙන් සංසරණය වූ වාර්තා හා සටහන් සම්බන්ධයෙන් අප කරුණු පැහැදිලි කරමින් සිදු කළ කරුණු විමර්ශන වාර්තාව පහතින්.

FACT CHECK: මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට හදිසියේ බලය ලබා දීමක් සිදු වුවා ද?

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

“ජනාධිපති වික්‍රමසිංහ මහතා හදිසියේම සන්නද්ධ හමුදා කැඳවයි!” යනුවෙන් සඳහන් කරමින් එය අසාමාන්‍ය තීරණයක් බව පවසමින් සමාජ මාධ්‍ය තුළ පළවන සමාජ මාධ්‍ය පළ කිරීම් නොමඟ යවන සුළුය. මහජන ආරක්‍ෂක ආඥාපනත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය වසර ගණනාවක් පුරාවට පසුගිය පාලන ආයතන කිහිපයක් අනුගමනය කළ සම්මත ක්‍රියා පටිපාටියක් වන අතර එය ඉදිරියේදී ද අනුගමනය කරනු ඇත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සන්නද්ධ හමුදා කැඳවන්න ජනාධිපති හදිසියේ ගත්ත තීරණයක් ?

Written By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News