මහ මැතිවරණයෙන් ඉවත් වූ මැති ඇමතිවරුන් ගැන දැනගන්න

Update: 2024-10-17 05:37 GMT

2024 මහ මැතිවරණයේදී පසුගිය පාර්ලිමේන්තුවේ දශක කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ජේ‍යෂ්ඨයන් රැසක් සමුගෙන තිබේ. ඉකුත් ජනාධිපතිවරණයෙන් ඔවුන්ට ලැබුණු අමිහිරි අත්දැකීම් මෙන්ම රට යන දිශානතිය පිළිබඳ දැනෙන යථාර්ථය ද ඔවුන්ගේ පසුබැසීමට හේතු වී තිබිය හැකිය. වසර තිහ හතළිහක් මෙරටේ ආණ්ඩුවල සිටිමින් ද ඇමති ධුර හොබවමින් ද සිටි බහුතරයක් දේශපාලනයෙන් සමුගැනීම සුළුවෙන් තැකිය නොහැක.

තරඟ නොකරන හිටපු ජනාධිපතිවරුන්

රනිල් වික්‍රමසිංහ

1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද ,සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය දරා ඇත.

2015 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී ශ්‍රී ලංකාවේ 6 වන ජනාධිපතිවරයා ලෙස පත් විය.



තරග නොකරන හිටපු අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය ඇමැතිවරුන්


1. චමල් රාජපක්ෂ

11. විමලවීර දිසානායක

21. ප්‍රදීප් උදුගොඩ

31. කරුණාදාස කොඩිතුවක්කු

2. බැසිල් රාජපක්ෂ 

12. එස් බී දිසානායක

22. ඩීබී හේරත්

32. අලී සබ්‍රි

3. විමල් විරවංශ

13. කනක හේරත්

23. ගුණතිලක රාජපක්ෂ

33. ෂෙහාන් සේමසිංහ

4. පාඨලී චම්පික රණවක

14. වාසුදේව නානායක්කාර

24. විජිත බේරුගොඩ


5. නාලක ගොඩහේවා

15. ජනක බණ්ඩාර තෙන්නකෝන්

25. ජගත් පුෂ්ප කුමාර


6. ලක්ෂ්මන් කිරිඇල්ල

16. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

26. කුමාරසිරි රත්නායක


7. ජෝන් සෙනවිරත්න

17. ප්‍රසන්න රණතුංග

27. වෛද්‍ය ගයාශාන් නවනන්දන


8. මාවෙයි සේනාධිරාජා

18. කෙහෙළිය රඹුක්වැල්ල 

28. ලෝහන් රත්වත්තේ


9. සි.වී. විග්නේෂ්වරන්

19. සිරිපාල ගම්ලත්

29. සුදත් මංජුල


10. ෂාන් විජයලාල් ද සිල්වා

20. ගීතා කුමාරසිංහ

30. උදයකාන්ත ගුණතිලක



තරඟ නොකරන නමුත් ජාතික ලැයිස්තුවට නම් ඇතුලත් කර ඇති පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්

1. මහින්ද යාපා අබේවර්ධන

6. තිස්ස කුට්ටිආරච්චි

11. තලතා අතුකෝරල

15. ඉම්තියාස් බාකීර් මාකාර්

2. දිනේෂ් ගුණවර්ධන

7. ගාමිණි ලොකුගේ

12. සී.බි. රත්නායක

16. ජී.එල්.පීරිස්

3. නාමල් රාජපක්ෂ

8. ටිරාන් අලස්

13. ජයන්ත කැටගොඩ

17. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

4. රංජිත් මද්දුමබණ්ඩාර

9. ජයන්ත වීරසිංහ

14. ඩලස් අලහප්පෙරුම

5. සාගර කාරියවසම්

10. සුරේන් රාගවන්

නාමයෝජනා භාරදුන් පසු ඉවත් වූ මන්ත්‍රීන්

අජිත් මාන්නප්පෙරුම

(ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත්, තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකාශ අජිත් මාන්නප්පෙරුම කර සිටී.)

Also read : ප්‍රධාන පක්ෂ පහක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කෙරේ.

පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික නිදහස් පෙරමුණ තරග නොකරන බව, එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කර සිටී. ඔහු මේ බව සඳහන් කරන්නේ, ජාතික නිදහස් පෙරමුණේ සමාජ මාධ්‍යජාල ගිණුමෙහි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවරම ආරක්ෂා කිරීමට පෙනී සිටින බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ සිට කරන භූමිකාවට වඩා ඉන් පිටත භූමිකාව වඩා වැදගත් හා බලවත් වියයුතු බව පක්ෂයේ අදහස වන බවත්, ඒ හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව තරග නොකරන බවත් මෙය පක්ෂයේ සාමූහික තීරණයක් බවත් ඔහු මහජනතාවට දැනුම් දෙන බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.

දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් ද නිවේදනය කර ඇත්තේ දේශපාලනයෙන් සමු නොගන්නා නමුත්, මෙවර මහ මැතිවරණයට තරග නොවදින බවයි. ඉලංකෙයි තමිල් අරසු කච්චි වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ද සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් යොදමින් නිවේදනය කර සිටියේ; නවකයන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව සියළුම දෙමළ ජනතාවට දන්වා සිටින බවයි.

මේ අතර එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටී. ඒ පිළිබඳව ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කල වීඩියෝව මෙතනින්.

ඇතැම් මන්ත්‍රිවරු විවිධ කරුණු හේතු කරගෙන එනම්, මූල්‍යමය දුෂ්කරතා, වයස්ගත භාවයත්, කලකිරීම් සේම උගත්, බුද්ධිමත් තරුණ පිරිසකට වැඩි අවස්ථාවක් ලබාදීම ආදී කරුණු හේතු කරගෙන මැතිවරණයට ඉදිරිපත් නොවීමටත් තවත් කිහිපදෙනකු දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව පවසමින් මැතිවරණයට ඉදිරිපත් නොවීමටත් තීරණය කර ඇත. මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූවත් තම දේශපාලන පක්‍ෂවලට නායකත්වය දෙමින් සහ උපදේශකත්වයෙන් සහයෝගය ලබාදෙමින් දේශපාලනයේ රැඳී සිටින බවත් ඇතැම්හු ප්‍රකාශ කර සිටී.

මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අතර නවක මුහුණු රැසක් දැක ගත හැකි වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති. එසේම දේශපාලන පවුල්වලට සම්බන්ධ පිරිස්වල ද අඩුවක් දැක ගත හැකි වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

Tags:    

Similar News