නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම!

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පුරවැසියන්ට දායක වීමට පවතින ප්‍රධානම දුෂ්කරතාවය වන්නේ පවත්නා නීති රීති හා ක්‍රියා වලින් පිළිබදව නිසි දැනුවත් භාවයක් නොමැතිවීමයි. පුරවැසියකු ලෙස තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම හා එකී ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම අපේක්ෂකයින්ගේ නීතිමය සුදුසුකම් හා නුසුදුසුකම් පිළිබදවත්, අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පිළිබඳවත්, මැතිවරණ නීති උල්ලංඝනයන් පිළිබඳවත් පුරුවැසියන් දැනුවත් […]

Continue Reading

2024 මහ මැතිවරණය සඳහ මැතිවරණ වියදම් සීමාවන්!

එළැඹෙන නොවැම්බර් ම්ස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාව පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PE/2024/27) නිකුත් කර තිබේ. මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීමේ සුදුසුකම් සහ නුසුදුසුකම්?

මැතිවරණයක් පවත්වන්නේ අපේක්‍ෂකයන් අතරින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීම සදහාය. එබැවින් මැතිවරණයකදී අපේක්ෂකයන් අනිවාර්ය පාර්ශවයකි. නාමයෝජනා සහ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු කරුණු පිළිබඳව එනම්, අපේක්ෂකයකු වීමේ සුදුසුකම් සහ නුසුදුසුකම් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වැනි ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයන්හි, සඳහන් වේ.ඒ අනුව, අපේක්‍ෂකයකුගේ සුදුසුකම් ලෙස; […]

Continue Reading

ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කිරීමේදී සැලකිය යුතු කරුණු

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කළ යුතු තැනැත්තන්ගේ ලැයිස්තුව (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක ලැයිස්තුව) පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාවෙන් මාධ්‍ය නිවේදනයක් (PE/2024/17) නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සෑම දේශපාලන පක්ෂයක් / ස්වාධීන […]

Continue Reading

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්?

2024 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වනු ඇත. තවද, 2024.09.18 දින පවත්වනු ලබන මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වල දර්ශන / ඡායාරූප හා විස්තර 2024.09.18 දින රාත්‍රී ප්‍රවෘත්ති හා ඊට පසු දින එනම්, 2024.09.19 […]

Continue Reading

හැඳුනුම්පතක් නැති ඔබට ඡන්දේ සලකුණු කිරීමට තාවකාලික හැඳුනුම්පතක්!

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී. අදාල තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව […]

Continue Reading

ජනාධිපතිවරණ ජයග්‍රහණයට තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ බලපෑම

තැපැල් ඡන්දයේ ආරම්භය මැතිවරණයක් යනු, පාර්ශව ගණනාවක වෙසෙස් සම්මිශ්‍රණයකින් සමන්විත දැවැන්ත මානව ක්‍රියාකාරකමකි. සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය ආරම්භ වීමට පෙර තැපැල් ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ආරම්භ විය. ඒ අනුව, 1959 අංක 11 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත යටතේ පළමු වරට තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ට හිමි විය. පළමු වරට […]

Continue Reading

2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල අඩංගු වන්නේ මොනාද?

රනිල් වික්‍රමසිංහ (ස්වාධීන අපේක්‍ෂක) ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රනිල් සමග රට දිනවන වසර පහක් ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 29 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එළි දැක්විණි. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය “පුළුවන් ශ්‍රී ලංකා” නමින් නම් කොට ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ඇතුළත් https://www.ranil2024.lk/වෙබ් අඩවිය ද මෙහිදී එළි දක්වා […]

Continue Reading