Fact Check : මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක්!

Update: 2020-05-27 09:31 GMT

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වන සැමරුම් උළෙලක් පසුගිය මැයි මස 19 වැනිදා ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි. මේ අතර හිටපු එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මරණයට පත්වීමත් සමඟම අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම පිළිබඳ පැරණි සටහන් සහ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි.

මෙවැනි පසුබිමක වත්මන් අගමැති , හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දියවේ THANTHI TV වෙත සිදුකරන ලදැයි දැක්වෙන ප්‍රකාශයක් පිලිබඳ සටහනක් හුවමාරු වී තිබුණි. එම සටහනේ “මම හමුදාවට කිව්වා ප්‍රබාකරන්ව මරන්න එපා..අපි ඔහුව පුනරුත්ථාපනය කරලා ගමු..එහෙත් අපේ හමුදාව ඔහුව මැරුවා..මහින්ද THANTHI TV යට කියයි” යනුවෙන් වදන් පෙළක් THANTHI TV රුපවාහිනී නාලිකාවේ පලකරන ලද වීඩියෝවකින් ලබාගත් ඡායාරුපක් ලෙස පෙන්වන ආකෘතියක දක්වා තිබුනේ මෙලෙසිනි.

LinkArchived Link

මෙම සටහනම මීට පෙරද 2018 වසරේ ඇතුළු අවස්ථා කිහිපයකදීම හුවමාරු වී තිබෙන අයුරුද මෙසේ දැකගනන්ට ලැබුණි.

LinkArchived

බොහෝ දෙනකු මෙම ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව සඳහන් කර තිබූ අතර මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

2009 වසරේ දී බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරමින් ලබා ගත් ජයග්‍රහණය ට නායකත්වය දුන් එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙබඳු ප්‍රකාශ සිදුකිරීම පිළිබඳ ව කිසිදු මාධ්‍යක් හරහා ප්‍රකාශ වී තිබුනේ නැති බැවින් මේ පිළිබඳව විමර්ශනය කිරීමට අප ආයතනයේ දමිළ කණ්ඩායම (Factcrescendo Tamil) සමඟ හරහා ඉන්දියාවේ Thanthi TV නාළිකාවෙන් විමර්ශනයක් සිදු කළෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ එබඳු කිසිදු ප්‍රකාශයක් මහින්ද රාජපක්ෂ මහතා විසින් එම නාලිකාවට සිදු කර නැති බවයි.

ඉහත ඡායාරූප සටහනේ දැක්වෙන පරිදි හිටපු ජනාධිපති යනුවෙන් සඳහන් කර ඇති බැවින් මෙය මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සිදු කර ඇති ප්‍රකාශයක් ලෙස පෙන්වා තිබූ බැවින් Thanthi TV නාලිකාව හරහා 2015 වසරේ සිට පළ කර ඇති ශ්‍රී ලංකාව හා සම්බන්ධ වීඩියෝ දර්ශන අධ්‍යයනය කළෙමු. එසේම ඉහත ඡායාරූපයේ පෙන්වා ඇති සලීම් නමැති මාධ්‍යවේදියා 2015 පාර්ලිමේන්තු මැතිවරණය ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවද අපට දැනගන්නට ලැබුණි

එහිදී අපට ඉහත මාධ්‍යවේදියා වාර්තා කරමින් සිටි ස්ථානය ඇතුළත් දර්ශන සහිත YouTube වීඩියෝ පටය සොයා ගැනීමට හැකිවිය. එය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කොටගත් සන්ධානය ජයග්‍රහණය කිරීමත් සමගම මහින්ද රාජපක්ෂ මහතා පරාජය භාර ගනී යනුවෙන් පළ කරන ලද වීඩියෝවක් බව මෙසේ දැක ගන්නට ලැබුණි

https://youtu.be/rIEv_BQZFQs

තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදී මෙම වීඩියෝ පටය Thanthi TV ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ කිරීම සඳහා යොදා ගන්නා ලද සේයාරුව ( YouTube Thumbnail) ඉහත පළ කර ඇති සේයාරුවට සමාන බව ද මෙසේ දැක ගන්නට හැකි විය

LinkArchived Link

පහතින් දක්වා තිබෙන්නේ Thanthi TV විසින් පළ කරන ලද ෆේස්බුක් සටහන සඳහා යොදාගෙන ඇති ඡායාරූපය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන සටහනේ දැක්වෙන ඡායාරූපයේ සංසන්දනයකි.

ඉන් පැහැදිලි වන්නේ මුල් ඡායාරූපයේ “Mahinda Rajapaksa Concedes Defeat, IN SRI LANKAN ELECTIONS” යන වදන් පෙළ වෙනුවට “PRABAHKARAN KILLED BY ARMY, SRI LANKAN FORMER PRESIDENT RAJAPAKSA” යොදා ඇති බවයි.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “මම හමුදාවට කිව්වා ප්‍රබාකරන්ව මරන්න එපා..අපි ඔහුව පුනරුත්ථාපනය කරලා ගමු..එහෙත් අපේ හමුදාව ඔහුව මැරුවා..” යනාදී වශයෙන් ප්‍රකාශයක් මහින්ද රාජපක්ෂ මහතා විසින් Thanthi TV නාලිකාවට කිසිවිටෙක සිදු කර නැති අතර 2015 පාර්ලිමේන්තු මැතිවරණ පරාජය වූ අවස්ථාවේ එම නාලිකාව විසින් පළ කරන ලද සටහනක වදන් සංස්කරණය කරමින් පළ කර ඇති බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Fact Check : මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News