Fact Check : ජනපති ජුලි මස 05 වැනිදා රුවන්වැලිසෑය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැවින් මළුවේ සිල් සමාදන් වී සිටි අය රාත්‍රීයෙදී ඉවත් කෙකෙරුණු බවට සාවද්‍ය පුවතක්!

Update: 2020-07-10 12:44 GMT

අනුරාධපුර බෞද්ධයන්ගේ පුජනීය නගරයකි. විශේෂයෙන්ම පොසොන් පුර පොහෝ දිනය හා ආශ්‍රිත කාලයේ වන්දනා මාන සඳහා අනුරපුරයට පැමිණෙන සැදැහවතුන්ගෙන් බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම නගරයද පිරි යෑම සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙවර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පෙර පරිදි අනුරාධපුරයට පැමිණ වඳ පුදා ගැනීමට බැතිමතුන්ට නොහැකි වූ අතර ඇදිරි නීතිය සම්පුර්ණයෙන් ඉවත් කිරිමෙන් පසුව ජනතාවට වෙහෙර විහාරස්ථාන වැදපුදා ගැනිමට අවස්ථාව ලැබිමත් සමග පසුගිය ඇසල පුන් පොහෝදා (ජුලි 04) සැලකිය යුතු පිරිසක් අනුරාධපුර නගරයට පැමිණ සිටි බව වාර්තා වුණා. සිල් සමාදන්වු උවැසි උවැසියන් හා බැතිමතුන් ආගමික වතාවත්වල නියැලුන අතර ඔවුන් සදහා රුවන්වැලි මහා සෑය ඇතුළු ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව ආගමික වැඩසටහන්ද ක්‍රියාත්මක වී තිබුණි.

රුවන්වැලි මහා සෑය මුල් කර ගෙන් ජුලි මස 05 වැනිදා පළවූ සටහනක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වී තිබුණි. අද ජනපති උදෑසන පූජාවකට එන බැවින් ඊයේ රාත්‍රී රුවන්වැලි සෑ මළුවේ සිල් සමාදන් වී සිටි අය රාත්‍රී 11 ට ඉවත් කරන ලදී... වාහන වලින් ගිය අපි සිල් පවාරණය කර ගෙදර පැමිණි අතැර යන එන මන් නැති අහිංසක උපාසක ඇත්තන් වැසිකිළි තියන ප්‍රදේශයේ බිම නිදා සිටි අයුරු ඇසට කඳුලක් එක්කලා...

මෙය ජනපති උවමනාවට කලද, නායක හිමි ගෙ උවමනාවට කලද, ආරක්ශක අංශ උවමනාවට කලද ඉතාම ගොන් තීරනයක් බව මතක් කරමි.බුද්ධ ශාසනය ආරක්ෂා කරන ආකාරය මෙය ද..

මෙවන් උතුම් පොහොය දිනක අටසිල් සමාදන් වුවන් කුණු ගොඩක් හා වැසිකිලි තිබෙන ප්‍රදේශයට දමා මළුව හිස් කර ආරක්ෂා කිරීම හිනා උපදවන්නේ මට විතරක් යයි නොසිතමියන කථාංගය ද සහිතව ජායාරූප කිහිපයක් සමඟ SP Rupasinghe නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක් ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින්, ෆෙස්බුක් පරිශීලනය කරන්නන් 1000කට ආසන්න සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබෙණු නිරීක්ෂණය විය.

LinkArchived Link

මෙම සටහනට හිමිවු ප්‍රතිචාර රැසක මෙය අසත්‍ය සටහනක් බවට සඳහන් කර තිබීම නිසා එම සටහන පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

SP Rupasinghe නමැත්තා ෆේස්බුක් සටහනේ ඉදිරිපත් කරතිබු කරුණු සනාථ කරගැනීම පිණිස අප අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යරාමාධිකාරී, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. ජනපතිතුමා පොහොය දින හෝ ඉන්පසු දින රූවන්වැලි සෑරදුන් හමුවේ පුජාවකට නොපැමිණි බවත්, කොරොනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමණු සිද්ධස්ථානය ආගමික වතාවත් වෙනුවෙන් විවෘත වුයේ මෑතකදි බවත්, සෞඛ්‍ය නීති වලට යටත්ව උදැසන 8.00 ට විවෘත කරන සිද්ධස්ථානය රාත්‍රි 10.00 ට වසන බවත් පැවසු උන්වහන්සේ‍ පොහොය දින සිල්සමාදන් වීමට පැමිණි සෑම බැතිමතෙකුටම රාත්‍රි 10.00ට සිද්ධස්ථානය වසන බව දැණුම් දුන් බවත්, එහෙත් රාත්‍රි 11.00 වන තෙක් විවෘතව තැබු බවත් පැවසීය.

එමෙන්ම ජනපතිතුමාගේ උපන්දින පුජාවකට රුවන්වැලි සෑය වෙත පසුගිය ජුනි මස පැමිණි එතුමා, පැය තුනකට අධික කාලයක් සිද්ධස්ථානයේ ගත කළ බවත්, එහෙත් ආගමික කටයුතු සඳහා පැමිණි බැතිමතුනට කිසිදු අපහසුතාවයක් හෝ බාධාවක් ඇති නොවු බවත් පැවසීය. Press

තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජනාධිපති මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වීමු. එහිදී අපට දැනගන්නට ලැබුනේ අතිගරු ජනාධිපතිතුමා ජූලි මස හතර වැනි දින 3-4 දිනවල අනුරාධපුර ප්‍රදේශයේද, පස්වැනි දින පොළොන්නරුවේද, සයවැනි දින පුත්තලම දිස්ත්‍රික්කයේද මැතිවරණ කටයුතු වලද නිරතව සිටි බවත්ය. එමන්ම එතුමා ජුලිමස පස්වැනි දින රුවන්වැලි සෑරදුන් අභියස පූජාවකට සහභාගි නොවු බවත් සනාථ කර සිටියා.

මෙම දිනවල ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිල නිවේදන කිහිපයක් මෙසේය.

ජුලි 4 | ජුලි 5 | ජුලි 6

අප ජනපති තුමන්ගේ නිල ෆෙස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. ජූලි මස 4 දින තන්තිරිමලේ අවට සිද්ධස්ථානයන්හි බැතිමතුන් සමඟ සුහද පිළිසඳරක යෙදෙන එතුමන්ගේ ඡායාරූප සහිත සටහන් රැසක් දක්නට ලැබුණි.

LinkArchived Link

ජූලි මස පස්වැනිදින සහ සය වැනි දිනයන්හි එතුමා පිළිවලින් පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි මැතිවරණ කටයුතු වල නිරත වූ අයුරු ඇතුළත් ජායාරූප සහිත සටහන් රැසක්ද දක්නට ලැබුණි.

එසේම මෙම ඡායාරුපය ඇත්ත වශයෙන්ම රුවන්වැලි මහා සෑය ආසන්නයේද යන්න විමෂණය කිරීමේදී අපට පෙනී ගියේ එම ස්ථානය මහා දාගැබට එපිටින් පිහිටි ප්‍රදේශයක් බවත් ඇත්ත වශයෙන්ම මීට තරමක් දුරින් වැසිකිලි පෙලක්ද ඇති අතර සාමාන්‍යයෙන් වෙසක් පොසොන් වැනි බැතිමතුන් විශාල වශයෙන් වන්දනා මාන කරන දිනවලදී ඇතැම් අවස්ථාවල මෙවැනි ස්ථානවලද පිරිස් රැඳී සිටිනු දැකිය හැකි බවයි

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජුලි මස පස්වැනි දින ජනපතිතුමන් රැවන්වැලි සෑ රදුන් අභියස පුජාවකට සහභාගි නොවුනු අතර, සෞඛ්‍යය නීති යටතේ උදැසන 8.00ට විවෘත වන සිද්ධස්ථානය රාත්‍රි 10න් පමණ පසුව සිද්ධස්ථානය වැසීම සෑම දිනකම සිදුවන කටයුත්තකි. ඇසල පොහෝ දින බැතිමතුන් වැඩි ප්‍රමාණයක් සිටි බැවින් සිද්ධස්ථානය රාත්‍රී 11තෙක් විවෘත තබා ඉන්පසු වසා දමා ඇත. ඡායාරුපය ඇත්ත වශයෙන්ම ලබාගෙන ඇත්තේ රුවන්වැලි සෑ පරිශ්‍රයේදීය

එනිසා ජනපතිතුමන් පුජාවකට සහභාගි වන බැවින් රාත්‍රි 11.00ට රැවන්වැලි සෑය වසා දැමු බවට ඉදිරිපත්වී ඇති සියළු ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:Fact Check : ජනපති ජුලි මස 05 වැනිදා රුවන්වැලිසෑය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැවින් මළුවේ සිල් සමාදන් වී සිටි අය රාත්‍රීයෙදී ඉවත් කෙකෙරුණු බවට සාවද්‍ය පුවතක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News